Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

දහම් පාසල් ගුරු කුසලතා සංවර්ධන වැඩසටහනක් මහර දහම් පාසල් 68 ක ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන් කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්විණි.
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා ඊට සහභාගි වූ අවස්ථාව. මහර ලසන්ත අලගියවන්න පදනම අනුග්‍රහයෙන් එම වැඩමුළුව පැවැත්විණි.

ජපානයේ අගොන්ශු නිකායේ නිර්මාතෘ හා මහානායක කීර්ති ශ්‍රී සාමදූත සෙයියු කිරියමා මහ නාහිමියන්ගේ ජන්මදින සැමරුම් උළෙල හා සමගාමීව පැවැති පරිත්‍රාණ ධර්ම දේශනයට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ (SLAFF) දූත පිරිසක් පසුගියදා ජපානයට ගියහ. (SLAFF) හි අධ්‍යක්ෂ ජනරාල් හා අගොන්ශු නිකායේ දකුණු ආසියානු කලාපීය උපදේශක සෝමසිරි අද්දරපතිරණගේ මහතාගේ මෙහෙවීමෙන් එම දූත චාරිකාව සිදු කැරිණි. ඊට සහභාගි වූ බානගල සුසීල, බෝපිටියේ විජිත, ඌරුමුත්තේ සුගතානන්ද , මාකඳුරේ සිරිරතන, ලේල්වල සමිත, පාලාවත්තේ සේනානන්ද, ආචාර්ය මැදගොඩ අභයතිස්ස ඌරුගමුවේ අස්සජි යන ස්වාමීන් වහන්සේලා සෝමසිරි අද්දරපතිරණගේ සමලේකම් සුනිමල් චන්ද්‍රසිරි පද්මරාජා ප්‍රභාත් යන මහත්වරුද ඒ.පී. නිහාල් ශාන්ත, කේ.එම්. එම්.යූ. මහගම ,කේ.වී. පවිත්‍ර මන්දුල යන නර්තන ශිල්පීහු ද මෙහි වෙති. මේ වෙනුවෙන් ටෝකියෝහි අගොන්ශු විහාරයේ ඉදිකළ දර්ශනීය පිරිත් මණ්ඩපයද පසුබිමින් දැක්වේ.

 

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.