Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

කැලණිය දෙල්ගහවත්ත පාර, 416/7 නිවසේ පදිංචි කේ.එස්.පෙරේරා මහතා වකුගඩු ආබාධයෙන් පෙළෙන බැවින් ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව මාලිගාවත්ත වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා නිර්දේශ කර ඇතැයි කියති. බී පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට අයෙක් වෙතොත් 071-8271608 , 071- 3144470 දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරේ.


පොළොන්නරුව දියබෙදුම 6 කනුව පදිංචි රජිත පුෂ්පනාත් මල්ලිකාරච්චි වයස අවුරුදු 14 ක් වන පො/ඉරහඳකෙටුවැව මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ සිසුවෙකි. ඔහු දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් මහනුවර මහ රෝහලේ වකුගඩු විශේෂඥ වෛද්‍ය ඒ.ඩබ්. එම්. වසීල් මහතාගේ නිර්දේශය අනුව ඔහුට ඉතා ඉක්මනින් “ඕ පොසිටිව්” හෝ “ ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇතැයි කියති.

එබැවින් එම දරුවාට වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලි භික්‍ෂූන් වහන්සේ නමක් හෝ වෙනත් අයකු වෙතොත් පහත අංකවලට අමතන ලෙස දරුවාගේ දෙමව්පියන් ඉල්ලීමක් කරති. වයස අවු. 18-40 විශේෂයි.

027-3283811, 072-3405059,071-4472089 දුරකතන අංක වේ.


ශ්‍රවණාබාධ ශල්‍යකර්මයකට සහාය පතයි

ජා ඇල, මාඑලිය නො. 965 හි පදිංචි මහේන් නදික හා ගංගානි ජයමාලි දෙපළගේ සිඟිති දියණිය වන ටෂිමා ලෙනීෂා (අවු. 1 1/2) දියණිය දරණු ශ්‍රවණාබාධ රෝගයකින් පෙළෙන අතර දරුවා සුවකර ගැනීම සඳහා සැත්කමක් ඉතා ඉක්මනින් කළ යුතු බවත් ඒ සඳහා විශාල මුදලක් වැය වන බවත් කියයි.

මහජන බංකුව ජා ඇල
239-2-001-5-0015507 ගිණුම් අංකය වෙත ආධාර කරන්නැයි ඉල්ලීමක් කැරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.