Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

318 ) අවජ්‍රේ වජ්ඡ මතිනො - වජෙඡ’ වජ්ජ දස්සිනො
මිච්ඡාදිට්ඨිසමාදානා - සත්තා ගච්ඡන්ති දුග්ගතිං

නිවැරැද්ද වැරැදි ලෙස - වැරැදි නිවැරැදි
ලෙසට – දකින්නෝ නිසැක ලෙස - අපාගත වන්නෝ ය.
නැණවතුන් – අනුව දිවි ගෙන යන්න – ජීවිතේ සඵල
බව - එවිට ලං වන්නේ ය.

319 ) වජ්ජඤ්ච වජ්ජතො ඤත්වා - අවජ්ජඤ්ච අවජ්ජතො
සම්මාදිට්ඨි සමාදානා - සත්තා ගච්ඡන්ති සුග්ගතිං ති

වැරැදි දේ වැරැදි ලෙස - නිවැරැද්ද නිවැරැදිව -
දකින්නා නිසැකවම - සුගතියට යන්නේ ය.
ජීවිතේ - සඵල බව ලැබෙන්නේ – නිවැරැදිව
සිතන්නට – පුරුදු වන්නා පමණි.

නාග වග්ගය

320 ) අහං නාගො ව සංගාමේ – චාපාතො පතිතං සරං
අතිවාක්‍ය තිතික්ඛිස්සං - දුස්සීලොහි බහුජ්ජනො

යුද බිමට ගිය ඇතුට – ලැබෙන පීඩා දරයි. –
එසේ ලෝකයෙන් එන – පීඩා ද දැරිය යුතු.
පීඩාව දරාගත නොහැකි නම් – ජීවිතේ සඵල බව -
ඔබට හිමි නැත්තේ ය.

321 ) දන්තං නයන්ති සමිතිං - දන්තං රාජා’භි රූහති
දන්තෝ සෙඨො මනුස්සේසු - යොතිවාක්‍යං තිතික්ඛති

සිතක් දමනය වීම – ඉතාමත් වැදගත් ය. –
එසේ වූ තැනැත්තා - ලොව උතුම් වූ කෙනෙකි.
දමනයෙන් - සුසංවර වූ සිතැ ති – තැනැත්තෝ
ලෝකයෙන් – නිතර සැලකිලි ලබති.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.