Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගම්පොල සිංහපිටිය ගල්ලෙනාරාම භාවනා මධ්‍යස්ථානය


බුද්ධ මන්දිරය

බැතිමතුන් වන්දනා මාන කරනු ලබන ගම්පොල සිංහපිටිය ගල්ලෙනාරාම භාවනා මධ්‍යස්ථානය ගඟසිරිපුර සෙසු විහාරස්ථාන අතර සුවිශේෂ ස්ථානයක් හිමිකරගෙන තිබේ.


චෛත්‍යය

ගම්පොල හෙම්මාතගම මාර්ගයේ සිංහපිටිය අම්බුළුවා ජෛව විවිධත්ව කඳුපාමුල දර්ශනීය පරිසරයක මෙම පින්බිම පිහිටා තිබේ.

වසර 50 ක් තිස්සේ විහාරාධිපති ධූරය දරමින් විහාරස්ථානයක තිබිය යුතු අංගයන් එකෙන් එක සංවර්ධනය කරමින් පැමිණෙන බැතිමතුන් සිත් ඇද ගන්නා විහාරස්ථානයක් බවට පත්කර ගම්පොල සංඝමිත්තා භික්‍ෂුණින් වහන්සේ අප සමඟ පැවසුවේ මෙය වසර 600 ක් තරම් ඈත අතීතයකට උරුමකම් කියන අතර ශිලවන්ස ධර්ම කීර්ති සංඝරාජ මාහිමියන් භාවනා යෝගිව වැඩ සිටි ගල්ලෙන බවට මෙහි කොටා ඇති ඇට සැකිල්ල හා අකුරු වලින් සහතික වන බවයි.

පසුව කැලෑවට යටවී විනාශ වී ගිය මෙය ගම්පොල සිංහපිටිය පදිංචි සාමවිනිසුරු වෛද්‍ය ඩී.ජී. රණසිංහ මහතා මෙම ඉඩම මුදල් දී ලබා ගෙන මෙම මධ්‍යස්ථානය පටන් ගන්නා ලදී.


සෙල් තලාවක කොටා ඇති පැරැණි ඇට සැකිලි ලාංඡනයක්

“ 1961 මා හට මෙය භාරදී අදවන විට ධර්ම ශාලාව, ධාතුමන්දිරය, අටවිසි බෝධි ප්‍රාකාරය, ඝන්ඨා කුළුණ, බුදුගෙය සංවර්ධනය කර ඇත. නව බණ ශාලාවක් සංවර්ධනය වෙමින් පවතිනවා. එම ස්ථානය සංවර්ධනය වූ පසු ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් දහම් පාසලක් ආරම්භ කිරීමට කටයුතු කරනවා.”

ඒ තුළින් හා සෑම මසකම අවසාන සඳුදා භාවනා වැඩසටහන හා පුරපසළොස්වක පෝයට දවස පුරා පවත්වන භාවනා වැඩසටහන මෙම ප්‍රදේශයේ කාගෙත් ප්‍රසාදයට පාත්‍රය වී ඇත.

 


බෝධීන් වහන්සේ


ධාතු මන්දිරය

 

 

 

 

 

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.