Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

73 වන කොටස

314) අකතං දුක්කතං සෙය්‍යො - පච්ඡා තපති දුක්කතං
කතං ච සුකතං සෙය්‍යො - යං කත්වා නා නුතප්පති

පසුතැවිලි නොවන්නට – කරන දේ කළ යුතුය- එබඳු දේ කුසල් බව - හොඳින් වටහා ගන්න
ඔබ ඔබේ – තුන්දොරින් කරන දේ – ඔබට හෝ ලෝකයට- සෙත් පිණිස විය යුතුය.

315) නගරං යථා පච්චන්තං - ගුත්තං සන්ථරබාහිරං
ඒවං ගොපේථ අත්තානං - ඛණො වෙ මා උපච්චගා
ඛණා තීතා හි සෝචන්ති – නිරයම්හි සමප්පිතා

ඔබේ දිවියට මනා - රැකවරණ සැලසිය යුතුය – නැතොත් අන්තිමට ඔබ අපාගත වනු නියතයි
අසංවර –ජීවිතය නිසැකවම – ටිකෙන් ටික විනාශය – කරා ළං වන්නේය.

316) අලජ්ජිතායේ ලජ්ජන්ති-ලජ්ජිතායෙ න ලජ්ජරෙ
මිජ්ජා දිට්ඨි සමාදානා – සත්තා ගච්ඡන්ති දුග්ගතිං

පාපයන් කරන්නට –හිරිඔතප්ප නැති කෙනා – කරන පව් නිසාවෙන් – දුගතියට යන්නේය
හිරි ඔතප් - නැතිව මේ ජීවිතය – වටිනා කමක් ඇතිව - පැවැත්විය හැකි නොවේ.

317) අභයේ ච භය දස්සිනෝ – භයේවා ‘භය දස්සිනො
මිච්ඡාදිට්ඨි සමාදානා - සත්තා ගච්ඡන්ති දුග්ගතිං

හිරි ඔතප් නැති කෙනා – නිතර පව්කම් කරයි. – ඒ නිසා නිසැකවම – ඔහු දුගතියට යැවෙයි.
විලිබියක් – ඇතිව ජීවත් වන්න – ජීවිතේ බොහෝ දේ – එයින් සපිරෙන්නේය.

මතු සම්බන්ධයි


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.