Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණිය රජ මහා විහාරයේ දුරුතු මහ පෙරහර

කැලණිය රාජ මහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහර මෙම මස 6, 7 සහ 8 යන දිනයන්හිදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන බව කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණෝ පැවසූහ.

දොන් වෝල්ටර් විජයවර්ධන ශ්‍රීමතාණන් විසින් 1927 වසරේදී මෙම කැලණිය දුරුතු පෙරහර ආරම්භ කර ඇති බවද උන්වහන්සේ පැවසූහ.

ජනවාරි 6 වැනි දා රාත්‍රී උඩමළුවේ පෙරහරත් 07 වෙනිදා රාත්‍රී පහත මළුවේ පෙරහරත්, 08 වැනිදා රාත්‍රි දුරුතු මහා පෙරහරත් පැවැත්වේ.

දෙස් විදෙස් සංචාරකයන් සඳහා ද විශේෂ ආසන පහසුකම් සලසා ඇති අතර ශ්‍රීලංගම සහ ශ්‍රී ලංකා දුම්රිය සේවය, පෞද්ගලික බස් සේවා, විශේෂ සේවාවන් වශයෙන් පැවැත්වෙන අතර, කැලණිය ප්‍රාදේශීය සභාව, කැලණිය පොලීසිය විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවද දුරුතු පෙරහර උත්සව කමිටුවේ ලේකම් ජෙයරාජ් චන්දසේකර මහතා පැවසීය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.