Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අංකුඹුර ඉහළමුල්ල ශ්‍රී සෝමානන්ද පිරිවෙන් විහාරස්ථානයේ අටවිසි බුදුකුටි සහිත බෝධි ප්‍රාකාරය

අංකුඹුර ඉහළමුල්ල ශ්‍රී සෝමානන්ද පිරිවෙන් විහාරස්ථානයේ (ශ්‍රී බෝධිරාජාරාමය) පිහිටි පෞරාණික බෝධීන් වහන්සේ වටා අභිනවයෙන් ඉදිකළ අටවිසි බුදුකුටි සහිත බෝධි ප්‍රාකාරය මෙහි දැක්වේ.

මෙම බෝධිය අනුරාධපුරයෙන් වැඩම කරවා රෝපණය කරන ලද්දකි. පොළොව මට්ටමින් අඩි 10 ක් පමණ උසින් මෙය රෝපණය කර ඇත.

අමරපුර අරියවංශ සද්ධම්ම යුත්තික මහා නිකායේ උඩරට ප්‍රදේශයේ මූලස්ථානය එම විහාරස්ථානයයි. ඒ අනුව මෙය වසර 150 කට වඩා පැරැණිය. මෙහි ප්‍රථම පූජනීය වස්තුව මෙම බෝධියයි.

එහි පෞරාණික ප්‍රාකාරය ගරාවැටීමෙන් පසුව මෙම අභිනව ප්‍රාකාරය ඉදිකර එය ජනවාරි 07 වන දින අමරපුර අරියවංශ සද්ධම්ම යුත්තික මහා නිකායේ මහා නායක රම්බඩගල්ල ඓතිහාසික සෙල් පිළිමයේ නිර්මාතෘවර එගොඩමුල්ලේ අමරමෝලි මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.