Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගල්කිරියාගම ගල්විහාරය නොහොත්වනසිංහාරාමය


විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

වසර දෙදහසකට අධික ඉතිහාසයක් ඇති මාතලේ අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ පිහිටි ගල්කිරියාගම ගල්විහාරය නොහොත් වනසිංහාරාමය අතීතයේ විසූ සිංහල රජුන්ගේ අනුග්‍රහයෙන් ඉදි වූවක් බව වංශ කතාවන්හි දැක්වේ.


බෝධිසත්ව ප්‍රතිමාව

වළගම්බා රජු මෙම ස්ථානය කරවූ බවට මතයක් ඇති අතර පසු කාලයේ ප්‍රාදේශීය නායකයන් විසින් වරින් වර මෙම ස්ථානය පිළිසකර කර ඇත. අනුරාධපුර යුගයට අයත්යැයි සිතියහැකි චෛත්‍යයක නටබුන්ද මෙහි තවමත් දක්නට තිබේ. ගල්ලෙනක් තුළ ඉදිකර ඇති ප්‍රතිමා ගෘහයක් ද වේ.

එම ස්ථානය පුරාවිද්‍යා බිමක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවද කියයි. දැනට මෙහි ඉතිරිව ඇති චිත්‍ර හා ප්‍රතිමා යුගයේ චිත්‍රවලට මෙන්ම ප්‍රතිමාවන්ට සමානය. මේ අතර එම ස්ථානය සංරක්‍ෂණය නොකිරීම නිසා දැනට ඇති බිත්ති හා වියන් චිත්‍ර දුර්වර්ණ වී සායම් ගැලවියාමටද පටන් ගන ඇතැයි ද කියති.

එම විහාරාධිපති තබ්බෝව පඤ්ඤාරතන හිමියන් පවසන්නේ ගල්කිරියාගම ගල්විහාර භූමිය පුරාවිදු බිමක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර කලක් ගත වන බවයි. එවැවින් ඉතා වටිනා ඉතිහාසයක් ඇති මෙම පුද බිම සංරක්‍ෂණය කර අනාගත පරපුර වෙනුවෙන් රැකදීමට පියවර ගත යුතුව ඇතැයි උන්වහන්සේ පවසති.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.