Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අමරපුර සිරි සුමන මහා නිකායට දෙසිය වසරක් සපිරේ


පන්නිපිටිය දෙව්රම් මහා විහාරයේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති සෑය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉකුත් 26 වන දා පෙරවරුවේ විවෘත කළ අවස්ථාව. දෙව්රම් විහාරාධිපති කොළොන්නාවේ සිරි සුමංගල අනුනාහිමියන් සහ උඩුවේ ධම්මාලෝක හිමියෝද සේයාරුවේ වෙති.

ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් ප්‍රතිමා නිරාවරණයෙන් අනතුරුව.

මාතර විමලරතන මහ නාහිමියන් විසින් ආදී කර්තෘන් වහන්සේලාගේ ප්‍රතිමා නිරාවරණයෙන් අනතුරුව.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්, ප්‍රතිමා නිරාවරණයට සහභාගි වෙමින්..

මාතලේ ධම්මකුසල නා හිමියන් ප්‍රතිමා නිරාවරණයට සහභාගි වෙමින්..

කොළොන්නාවේ සිරි සුමංගල අනු නාහිමියන් පිරිස ආගමික වතාවත්වල නිරත කරවමින්....

දඩළු පරම්පරායත්ත අමරපුර සමාගම නම් වූ අමරපුර සිරි සුමන මහා නිකායේ දෙසීය වන සංවත්සර මහෝත්සවය පන්නිපිටියේ දෙව්රම් මහා විහාරයේදී ඉකුත් 26 වනදා පස්වරුවේ පැවැත්විණි.

එම උත්සවය අමරපුර සිරි සුමන මහා නිකායේ මහානායක අනුරාධපුර ගුවන්තොටුපොල ශ්‍රී විමලධර්මදූත මධ්‍යස්ථානාධිපති පණ්ඩිත මාතර විමලරතන මහ නා හිමියන්ගේ මූලාසනයෙන් සිදු කැරිණි.

එහිදී එම නිකායේ ආදී කර්තෘන් වහන්සේලාගේ ප්‍රතිමා ගෘහයද නිරාවරණය කැරිණි.

එම අවස්ථාවට මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනු නා හිමි, උඩරට අමරපුර මහා නිකායේ මහානායක තෙරිපැහැ සෝමානන්ද මහ නාහිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමි, අමරපුර ශ්‍රී ධර්මරක්ක්‍ෂිත නිකායේ මහානායක රාජකීය පණ්ඩිත වැලිගම ඤාණරතන මහ නාහිමි, අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක දොඩම්පහළ චන්දසිරි මහ නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මාතලේ ධම්මකුසල නාහිමි, කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි, ඇතුළු සම්භාවනීය මහ සඟරුවන සහභාගි වූහ.

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා එම දහම් උළෙල ඇමතූහ. එහිදී ගිහි පැවිදි ප්‍රභූන් රැසකට ගෞරව නාමද පුදනු ලැබූහ.

 

 

 

 

 

 

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.