Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

කොළඹ, මෝදර, වෝල්ස් පටුමගෙහි පදිංචි සය දරු පියෙකු වන 51 හැවිරිදි ක්ලැරන්ස් එම්මානුවෙල් මහතාට දරුණු වකුගඩු රෝගයක් හේතුවෙන් ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බැව් ඔහු ප්‍රතිකාර ලබාගන්නා ‘ලංකා හොස්පිට්ල්හි’ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුජිත් සෝමයියා මහතා නිර්දේශ කර ඇති හෙයින් ශල්‍යකර්මය සඳහා “ඕ පොසිටිව්” හෝ “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබාදීමට කැමැත්තක් දක්වන පරිත්‍යාගශීලියෙකු වේ නම් පහත සඳහන් දුරකතන අංකයන්ට දන්වන්නැයි ඉල්ලීමක් කැරේ. දුරකතන අංකය – 077 1903718, 077 5184190 වේ.


දැනට පොලිස් සේවයේ, විදුලි සංදේශ මධ්‍යස්ථානයට අනුයුක්තව සේවය කරන, පො.සැ. 531187 අමරපාල මහතා දැනට ඉතා බලවත් සේ වකුගඩු ආබාධයකින් පෙලෙන අතර, දැනට නාරාහේන්පිට පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. විශේෂඥ වෛද්‍ය උපදෙස් මත “බී පොසිටිව්” හෝ බී ඕ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව නිර්දේශ කර ඇත. වකුගඩුවක් පරිත්‍යාග කරන අයෙක් වෙතොත්, දුරකථන 078 9440635, 077 3715424 අමතන්නැයි ඉල්ලීමක් කැරේ. ඩී. 48/1, අවිස්සාවේල්ල පාර බුලත්කොහුපිටිය ලිපිනය වේ.


අංක, 05 රජයේ නිවාස, හකමූව, රත්නපුර ලිපිනයෙහි පදිංචි වයස අවු. 28 වන එච්.පී.නාලක රංග සෝමරත්න තරුණ මහතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා “බී පොසිටිව්” හෝ ඕනෑම “ඕ” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින්ම අවශ්‍යව ඇතැයි කියති. ඒ සඳහා වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් පහත දුරකතන අංකයට අමතන මෙන් ඉල්ලීමක් කැරේ. 0712 189789, 0712 567265 .


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.