Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ආශිර්වාද පතා පින්කම්

රටටත්, ජනතාවටත් සෙත් ප්‍රාර්ථනා කරමින් මහනුවර විහාරස්ථාන රැසක බෝධි පූජා ඇතුළු ආගාමික වැඩසටහන් රැසක් පැවැත්වේ.

කොටුගොඩැල්ල

මහනුවර කොටුගොඩැල්ල පුරාණ රජ මහ විහාරයේ දී ජනවාරි 01 දින විහාරාධිකාරී ශාස්ත්‍රපති කෝන්වැවේ සුනන්ද හිමියන් මෙහෙයවන බෝධි පූජාවක් පැවැත්වේ.

බෝගම්බර

මහනුවර බෝගම්බර බෝධිමළුව විහාරාධිපති ශාස්ත්‍රපති ගල්ලෑල්ලේ සෝරත හිමියන් මෙහෙයවන ආශීර්වාද පින්කම ජනවාරි පළමුවනදා පැවැත්වේ.

ගල්මඩුව

කුණ්ඩසාලේ ගල්මඩුව රජ මහ විහාරයේදී බෝධි පූජාවන් දෙසැම්බර් 26 සිට ජනවාරි පළමුවනදා දක්වා පැවැත්වේ. ගල්මඩුව වත්ත ශුභ සාධක සමිතිය අනුග්‍රහයෙන් එම පින්කම් මාලාව පවත්වනු ලබන්නේ 32 වෙනි වතාවටය.

සෙංකඩගල

සෙංකඩගල එක්සත් බෞද්ධ කාන්තා සමිතිය මගින් නව වසරට සෙත් පතා ජනවාරි දෙවෙනි දින සවස 02.00 සිට 03.30 දක්වා ධර්මදේශනාවක් සෙංකඩගල එක්සත් බෞද්ධ මණ්ඩල ශාලාවේදී පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.