Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අමුණුගොඩ සිරිපැරකුම්බා රජමහා විහාරයේ වාර්ෂික දුරුතු පින්කම්

ගම්පහ අමුණුගොඩ කුඩුමිරිසේ, ශ්‍රී පරාක්‍රමබාහු රජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු මහා පුණ්‍යමහෝත්සවය 60 වෙනි වරටත් ජනවාරි 01 වෙනිදා ආරම්භ කැරේ. ජනවාරි 01 – ජනවාරි 09 දක්වා අසූමහා ශ්‍රාවක පූජා, ජනවාරි 10 – ජනවාරි 20 දක්වා ධර්ම දේශනා මාලාවද, ජනවාරි 21 – ජනවාරි 27 දක්වා සති පිරිත් දේශනාව ද පැවැත්වේ. ධර්ම දේශනා පිළිවෙළ මෙසේ ය, ජනවාරි 10 – ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, 11 – අමුණුගොඩ සෝමානන්ද නාහිමි, 12 – පිටිදූවේ ධම්මික හිමි, 13 – අක්මීමන ධම්මපාල හිමි, 14 - නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි, 15 – දිවියාගහ යසස්සී නාහිමි, 16 - බොරැල්ලේ අතුල නාහිමි, 17 - දේවාලේගම මේධානන්ද හිමි, 18 – වතුරුවිල සුජාත හිමි, 19 – නැදගමුවේ විජය මෛත්‍රී හිමි, 20 – ඉඳුරාගාරේ ධම්මරතන හිමි එම දම් දෙසුම් පවත්වති.

විහාරාධිකාරී පරකන්දෙනියේ ධීරානන්ද හිමියන් ඇතුළු ශිෂ්‍ය පිරිස පින්කම් මාලාව මෙහෙය වන අතර, තත් විහාරාධිපති සියනෑ කෝරළයේ අධිකරණ සංඝනායක අමුණුගොඩ සෝමානන්ද නාහිමියන්ගේ 80 වන ජන්ම දිනය වෙනුවෙන් ජනවාරි 28 වෙනිදා දවල් ශතාධික මහා සඟසතු දානමය පින්කමක් පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.