UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී කල්‍යාණ ධර්‍ම සංවිධානයේ කතරගම පින්කම

කොළඹ බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්‍යාණ ධර්‍ම සංවිධානයේ 53 වන වාර්ෂික පින්කම මෙම මස 25, 26, 27 යන දිනයන්හි කතරගම පුදබිමේදී පැවැත්වීමට ශ්‍රී කල්‍යාණ ධර්‍ම සංවිධානයේ අනුශාසක මිරිහානේ නන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු යොදා ඇත. 25 දින අලුයම කොළඹ බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්‍යාණ ධර්‍ම සංවිධානයෙන් පෙරහර ගමන් ආරම්භ කර බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේදී ගිහි පින්වත්හු අටසිල් සමාදන් වී කතරගම පුදබිම බලා ගමන් ආරම්භ කරති.

පළමුව කලුතර බෝධීන් වහන්සේ වෙතට පැමිණ මල් පහන් පූජා කර ආගමික කටයුතු පැවැත්වේ.

අනතුරුව දෙවිනුවර රාජමහා විහාරස්ථානයට පැමිණ ආගමික කටයුතු වලට සහභාගි වෙයි. පසුව තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් පවත්වනු ලැබේ.සන්ධ්‍යා භාගයේ පෙරහර කතරගම පුදබිමට පැමිණේ.

26 දින උදෑසන එම අටසිල් සමාදන් වන එම උපාසක උපාසිකාවන් මල් පහන් කිරි ආහාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයට පූජා කර ආගමික කටයුතු පවත්වති. මෙදින සන්ධ්‍යා භාගයේ කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ අෂ්ඨඵල බෝධීන් වහන්සේට මල් පහන් ගිලන්පස අටපිරිකර පූජාභාණ්ඩ පූජා කිරීමෙන් පසුව ශ්‍රී කල්‍යාණ ධර්‍ම සංවිධානයේ අනුශාසක මිරිහානේ නන්ද නාහිමියන් විසින් බෝධි පූජාව පවත්වනු ලැබේ.

මෙම පින්කම් කටයුතු සඳහා ආරණ්‍යවාසී නායක ස්වාමීන් වහන්සේලාද ඌව විශ්ව විද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමි ශාස්ත්‍රපති කපුගම සරණාතිස්ස නාහිමිවරුන් ප්‍රධාන කතරගම ප්‍රදේශයේ විහාරස්ථානවල නාහිමිවරුන් ද ආරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේලා ද රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ද උපාසක උපාසිකාවෝ ද සහභාගි වෙති. බෝධිපූජා පින්කමෙන් පසුව කතරගම මහා දේවාලයට දේව පූජාවක් පවත්වා අනතුරුව අෂ්ඨඵල බෝධීන් වහන්සේ සමීපයේ විශේෂ පිරිත් මණ්ඩපයේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්‍මදේශනාව පැවැත්වේ.

27 දින උදෑසන කිරිවෙහෙර වහන්සේට කිරි ආහාර පූජාව පැවැත්වේ. අනතුරුව කොළඹ බලා එන ගමනේදී රත්නපුර මහ සමන් දේවාලයේ දේව පූජාවකට ද සහභාගී වෙති.

උඳුවප්
අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 24 වන දා සෙනසුරාදා පූර්වභාග 02.03 ට ලබයි. එදිනම අපර භාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම දෙසැම්බර් 24 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය ජනවාරි 01 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 24

First Quarterපුර අටවක

ජනවාරි 01

Full Moonපසෙලාස්වක

ජනවාරි 08

Second Quarterඅව අටවක

ජනවාරි 16

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]