UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

71 වන කොටස

22 – නිරය වග්ගය

306. අභූතවාදී නිරයං උපෙති
යොචාපි කත්වා න කරෝමීචාහ
උභොපි තෙ පෙච්ච සමාභවන්ති
නිහීන කම්මා මනුජා පරත්ථ

අහේතුක චෝදනා -අනුන් වෙත යොමු කරන – කිසි විටෙක තමා කළ - වරද පිළිනොගන්නා - තැනැත්තෝ නිරය වෙත යොමු වී සිටින්නෝය. කිසිදාක සැනසුමක් නොලබා සිටින්නෝය.
අහේතුක, චෝදනා නොකරන්න – තමාගෙන් වූ වරද බිය නැතිව පිළිගන්න.

307. කාසාව කණ්ඨා බහවො - පාපධම්මා අසඤ්ඤතා
පාප පාපෙහි කම්මෙහි – නිරයං තෙ උපපජ්ජරෙ

තුන් දොරින් අසංවර – නිරන්තර පව් කරන – දුසිල්වත් මහන කැල – නිරයටම යන්නේය.
සිල් රෙද්ද දරාගත් පමණකින් යම් කෙනෙකු සුගතියට ගමන් නොකරන්නේය.

308. සෙය්‍යා අයෝගුළෝ භුත්තෝ – තත්තො අග්ගි සිඛූපමො
යඤේච භූඤේජය්‍ය දුස්සීලො-රට්ඨපිණ්ඩං අසඤ්ඤතො

සැදැහැවත් දානයෙන් – දුසිල් මහණෝ යැපෙති – ගිනි බෝල ගිල දැමුම – ඊට වැඩියෙන් හොඳය.
ඔබ ඔබට - නොගැලපෙන පරිද්දෙන් – දිවිය ගත නොකළ යුතු - බව සිතා ගත යුතුය.

309. චත්තාරි ඨානානි නරො පමත්තෝ
ආපජ්ජතී පරදාරූ්‍යසේවී
අපුඤ්ඤලාභං න නිකාම සෙය්‍යං
නින්දංතතීයං නිරයං චතුත්ථං

වැරැදි කම් සේවනය – පව් උනන උල්පතකි – එම නිසා අන්තිමට අපායම උරුම වේ.
කම් සුවය සතුට දනවන්නේය. එහෙත් එය වැරැදි ලෙස සේවනය නොකළ යුතු.

උඳුවප්
අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 24 වන දා සෙනසුරාදා පූර්වභාග 02.03 ට ලබයි. එදිනම අපර භාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම දෙසැම්බර් 24 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය ජනවාරි 01 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 24

First Quarterපුර අටවක

ජනවාරි 01

Full Moonපසෙලාස්වක

ජනවාරි 08

Second Quarterඅව අටවක

ජනවාරි 16

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]