Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුගුණ අනන්තයි

2011 දෙසැම්බර් 18 පත්‍රය හා සම්බන්ධයි

බුදුරජාණන් වහන්සෙ අසරණ ජීවිත වලට පිහිට වෙච්ච ආකාරය මැවිල පේනව. එතකොට පින්වතුනි ඇතිවෙන්නේ ශාස්තෘ ගෞරවය

ගුණයහපත් පිරුණු පින් ඇති අයට අමුතු ප්‍රශ්නයක් නෑ. ඒ අය බුදුරජාණන් වහන්සේ හොය හොයා ගමන් කළා. නොමගට ගිය අය සොයා සොයා බුදුරාජාණන් වහන්සේ වැඩමෙව්ව. ඒ අයට කරුණු කියල හිත් සනසල ගුණයහපත් අය කළා. ටිකක් හිතල බලන්න ඔක්කොටම එපා වෙච්ච දාමරික අංගුලිමාල අහිංසක හිතක් ඇති තරුණයෙක් බව හොඳාකාරවම අඳුනගත්තෙ බුදුරජාණන් වහන්සෙ විතරයි.හේතුව මොකක් වුණත් අංගුලිමාල නොමගට හැරුණි.

බොහෝ දෙනෙකුට විපත්තින් කළා. පළාතටම අංගුලිමාල පිළිලයක් වුනා. රජ්ජුරුවොත් සූදානම් අංගුලිමාලව ජීවග්‍රහයෙන් අල්ල ගන්න.අංගුලිමාල පුතුට විපතක් වේදැයි කියා බියෙන් අංගුලිමාලගෙ මෑණියන් පුතා සොයා වනපෙතට වැදුන බුදු ඇසෙන් මේ ටික දැක්ක.මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මව් පුතු දෙපලට අනුකම්පාවෙන් අංගුලිමාලට සහනය දෙන්න වනපෙතට වැඩියනෙ. දුවන්න එපා, මහණ නතර වෙන්න. කියල අංගුලිමාල කියපු වචනෙට බුදුරජාණන් වහන්සේ කීවෙ මම දුවන්නෙ නෑ මම නතර වෙලා දුවන්නෙ ඔබ නතර වෙන්න අනන්ත කාලයක් මුළුල්ලේ සංසාරේ පුරන ලද පාරමිතා බලයෙන් මුලු පළාතම සුවඳවත් කරමින් බුදුරජාණන් වහන්සේගේ වචන ස්වල්පය දේශනා කරන කොට අංගුලිමාල ඒ කරුණාබර වදන් වැලට වසඟ වුනා. කඩු , ඊතල විසිකලා, ඇඟිලි මාලය ගලවල දැම්ම, ස්වාමිනි. මෙම නොමගට ගිය ඒක ඇත්ත. ඔබ වහන්සෙ මට අනුකම්පා කළානෙ. මගෙ අතින් ලෝකෙට වැරැදි සිද්ධ වුනා. ලෝකයාට මම කරපු වැරදි වලට ඔබ වහන්සේ මට සමාව දෙන්න. ආයෙත් මම වැරදි කරන්නෙ නැහැ.මෙහෙම කිය කියා අංගුලිමාල බුදු සිරි පාමුල වැඳ වැටුණා. ලෝකෙට මතුවෙලා පෙනුනෙ පින්වතුනෙ අංගුලිමාලගෙ නපුරු ගති. අංගුලිමාලගෙ හිතේ හැංගී තිබුණ හොඳ ගති පෙනුනෙ බුදුරජාණන් වහනසේට විතරයි. අංගුලිමාල පිරිත මේ ලෝකෙට ලැබුණෙ බුදුරජාණන් වහන්සේ නිසා.අංගුලිමාල හොඳ කෙනෙක් කළ නිසා.අංගුලිමාල පිරිතකුත් ලැබුණා. 2500 වසර ගණනාවක් මුළුල්ලේ මව් පරපුරින් දරු පරපුරක් සුවපත්ව මෙලොව එලිය ලබනව. අංගුලිමාල පිරිත පිහිටෙන්. අංගුලිමාල ලබපු ජීවිත එළිය ලෝකෙටම ආශිර්වාදයක් වුනා.

දුකට පත් අම්මා කෙනෙක් ලබාගත්තු සහනය හොඳට වැටහෙනව මේ පටාචාරා වගෙ කථාව මෙනෙහි කරන කොට මේවා ශ්‍රද්ධාව මතුකර ගන්නට කවුරු කවුරුත් හිතල බලන්න ඕන තැන්. පටාචාරාව අසරණ අහිංසක අම්ම කෙනෙක්. තමන්ගෙ ස්වාමියා නාරජිඳෙකුගෙ දල පහරට ගොදුරු වුනා. එක දරුවකු තුරුලු කරමින් අනික් දරුවා අතින් අල්ලාගන ඒ අසරණ මෑණියො යන්නේ බිහිසුණු මගක. අචිරවතී ගඟ ගලල යන්තමින් බැස්ම ඇති තැනකින් එගොඩ වෙන්න හිතුව.

දරුවො දෙන්න එකවර ගෙනියන්න ඒ මවට ඇඟපත වාරු නෑ. තෙහෙට්ටු වැඩියි. එක දරුවෙක් මෙගොඩට තබලා පොඩි පුතා තුරුලු කරගන හීන් සීරුවෙ ගග මැදින් එගොඩට ගිහින් එගොඩ ගොඩෙන් ඉන්දෙව්වා. මෙගොඩට ආයෙ එන්න ඕන අනිත් පුතා රැගෙන යන්න . එහෙත් පොඩි දරුවෙක් දැන් අම්මා ගඟ මැද . ගඟ මැද එන අම්මා ඒ පැත්තත් බලනව මේ පැත්තත් බලනව. දෙපැත්තෙම දරු දෙන්නා වේගයෙන් ආපු උකුස්සෙක් එගොඩ තබපු පොඩි දරුව ලගට පියාඹගෙන ඇවිත් මස් කැටියක් කියල හිතල පොඩි දරුව ඩැහැගෙන ගියා. ඒ දුක්ඛදායක දර්ශනය දුටු මේ දුක්බර අම්මා අත ඔසව ඔසවා කෑ ගහන්න පටන් ගත්තා. අම්මගෙ කෑ ගැහීම ඇසුණු මෙගොඩ සිටිය දරුවා කල්පනා කලා මේ කෑ ගහන්නෙ මට තමයි ඒ දරුව මව් හිටිය දිහාවට ආව. පොඩි දරුවට ගඟේ සැරකම තේරෙන්නෙ නැහැ. කරුමෙ සැරකම මතු වූවා. ඒ දරුපැටිය ගං ඉවුරෙන් ගඟට වැටුණ ගඟ දියට දරු පැටිය බිලිවේගෙන යනව.එක් පුතෙක් අහසෙ මැරෙණව. අනෙක් පුතා දියේ මැරෙණව.අහසත් ජලයත් අතර අම්මා පපුවේ අත්ගසාගෙන හඬා වැළපෙනවා. ගඟෙන් එගොඩ වුනු මේ අසරණ මාතාව තමන්ගෙ දෙමාපියන් එකම සහෝදරයා කොහෙද ඉන්නෙ කියල ආරංචි කළා. පෙරදා වැහැපු වැස්සට ගෙය කඩා වැටිල ගෙට යටවෙලා අම්මයි තාත්තයි සහෝදරයයි තුන්දෙනාම මැරිලා. දෙදිනක් ඇතුලත මරණ හයක් ස්වාමියයි. අම්මයි තාත්තයි සහෝදරයයි පින්බර දරු දෙන්නයි. එක එක ළඟ ළඟ මරණ හයක්. පටාචාරා පිස්සියක් වුනා. ඒ අසරණ අම්මා උමතු වුනා.

මේ උමතු අම්මා කෑ ගසමින් හඬමින් වැලපෙමින් මහපාරෙ දිව්වෙ. කොහොම නමුත් මේ මාතාව විහාරෙ පැත්තට හැරුණා. අපේ කාරුණික බුදුරජාණන් වහන්සෙ මේ වෙලාව බණ ශාලාවේ ධර්මය දේශනා කරමිනුයි වැඩ ඉන්නෙ. බණ ශාලාව අතරින් නුසුදුසු අයුරින් පැමිණෙන මේ අහිංසක පටාචාරව දුටු බුදුරජාණන් වහන්සෙ නැගණිය සිහිය ඇතිව එන්න. නැගණිය සිහිය ඇතිව එන්න. මේ වචන ටික සිහිපත් කරන කොටම එතුමියට සිහිය ලැබුණා. කර්ම ශක්තිය එකවිට එක ආවත් පටාචාරාගෙ හද ගැබේ මහා පින්බලයක් හැංගිල තිබුණා.

සිහිය ලැබූ පටාචාරාව නුවණැති පුරුෂයන් දෙදෙනෙක් විසින් තමා වෙත විසි කරන ලද සළු දෙකෙන් එකක් ඇඳගෙන එකක් පොරවගෙන අනේ ස්වාමීනි මට සමාවෙන්න. මම මරණ ගණනකින් දුක්විඳි අසරණ වන්තියක්.අසරණ මගෙ දුක් ගිනි නිවාලන්න කිය කියා වැලපුණා. මෙත් සිසිලාරෙන් ලතෙත් වෙච්ච සන්තානයක් ඇති අපේ බුදුරජාණන් වහන්සේ කාලයක් සංසාරයෙ පුරන පද සත්‍ය පාරමිතා බලයෙන් දම්සභා මණ්ඩපයම සුවඳවත් කරල එතුමියට දහම් දෙසුව. ශෝකාන්තයෙන් ඇවිලුනු සිතට මහ ප්‍රදුම සංසිඳීමක් ලැබුණෙ.ඇය මෙහෙණි සස්නෙ මහණ වෙලා රහත් වෙලා බුදුදහම සිසිලෙන් සැනසිලි ලැබුව. තව මේ විදියෙ අවස්ථා කොච්චර තියෙනවද? මේවා අහනකොට බුදුරජාණන් වහන්සෙ අසරණ ජීවිත වලට පිහිට වෙච්ච ආකාරය මැවිල පේනව. එතකොට පින්වතුනි ඇතිවෙන්නේ ශාස්තෘ ගෞරවය හොඳ කතාන්දරයක් තියනව. අසරණ දාසියකගෙ අහිංසක දාසි මාතාවකගෙ ආරාධනයට බුදුරජාණන් වහන්සෙ දක්වපු අපරිමිත සැලකිල්ල. හොඳ හැටි පේන තැනක් පුණ්ණාවගෙ කථාව.

පුණ්ණා අනේපිඬුසිටු නිවාසෙ දාසි කාන්තාවක් ඇයට බුදුරජාණන් වහන්සේගෙ කරුණාව ලැබීම නිසා ඇය ලෞකිකත්වය ඉක්ම වූ ලොව්තුරා මගට පත් වුනා. ලස්සන කථාන්දරයක්. දෙව්රම් විහාරයේ වස් පවාරණයෙන් පසුව බුදුරජාණන් වහන්සේ දෙව්රමේ ඉදල දක්‍ෂිණගිරි ජනපදයට යන ගමන. ඒ ගමන නවත්තන්න කොසොල් රජතුමායි. අනේපිඬු සිටුතුමයි. විශාඛා උපාසිකා මාතාවයි උත්සාහ කළා. ඒ ඇත්තන්ට ඕන කළේ දෙව්රම් විහාරයෙම බුදුරජාණන් වහන්සේ නවත්ත ගන්නයි. නමුත් ඒ ආරාධනය භාරගන්නෙ නැතිව බුදුරජාණන් වහන්සේ සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා සමග දක්‍ෂිගිරි ජනපදයට වඩින්න පිටත්වුනා.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.