Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වන්දනා වැඩසටහනක් 31 වන දා

එළඹෙන 2012 නව වසර වෙනුවෙන් ලක්වැසි සැමට දළදා වහන්සේගේ පිහිටාශීර්වාදය ප්‍රාර්ථනය කරමින් දළදා වන්දනා වැඩසටහනක් පැවැත්වීමට හෙළවිජය සංවිධානය මඟින් කටයුතු සංවිධානය කර තිබේ. එහිදී නෙලුම් මල් දසදහසක් දළදා වහන්සේට පූජා කරමින් වන්දනා වැඩසටහන සිදු කොට අනතුරුව සැමට සෙත් පතා ජය පිරිත් සජ්ඣායනා කිරීමට කටයුතු සංවිධානය කර ඇත. එම වන්දනා වැඩසටහන මෙම 31 වන දා පස්වරු 04.30 දළදා මාලිගාවේ වැල් බෝ සමිඳුන් අබියසදී ගඟසිරිපුර ධම්මාලෝක හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.