Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

වයස අවුරුදු 25 ක් වන එකම දියණියගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බවද ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා වකුගඩුවක් බද්ධ කළ යුතු බව මාලිගාවත්ත රෝහලේ වෛද්‍යවරු දන්වා ඇතැයි ද පවසයි.

වයස අවුරුදු 35 ට අඩු “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාගකළ හැකි අයකු වෙතොත් දුරකථන අංක – 0112 766851, 077 4745757 වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.

**********

මීගමුව බසියාවත්ත පදිංචි 39 හැවිරිදි ජේ.ඒ.ගාමිණී සිල්වා නම් වූ දෙදරු පියාගේ වකුගඩු දෙකම නරක්වීම හේතුවෙන් ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව කියයි. ඉතා ඉක්මනින් බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරු පවසා ඇත. පාසල් යන වයසේ ගැහැණු දරුවන් දෙදෙනෙකු සිටින ඔහු පෙදරේරු රැකියාව කළ අයෙකි. වකුගඩුවක් හෝ මුදලින් අධාර කිරීමට බලාපොරොත්තු වන්නේ නම් 031-3713936 /0718015872 අංකයට ඇමතීම හෝ මීගමුව හැටන් නැෂනල් බැංකුවේ ගිණුම් අංක 024020393061 ට පරිත්‍යාග කළ හැකි බව කියති.

**********

මහරගම දඹහේන පාර 107/5/1 ඉහත ලිපිනයෙහි පදිංචි රේණුක කුලතුංග කොළඹ ජාතික රෝහලේ 41 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් ඔහුට වැළඳී ඇති රෝගයන්ට ප්‍රතිකාර ලබා ගැනීමට විශාල මුදලක් වැය වන බවත් කියයි.

වකුගඩුවක් බද්ධ කිරීම සඳහා වකුගඩුවක් සොයා ගැනීම ඉතා අසීරු තත්ත්වයක පවතින බැවින් එම වකුගඩුව ලබා ගැනීමට වෙහෙස දරමින් සිටින අතර දැනට ඇති තත්ත්වය අනුව අනෙකුත් වෛද්‍ය ප්‍රතිකාර සඳහාද ලේ ආදිය ලබා දීම සඳහාද මුදල් ප්‍රමාණයක් වැය වන බවත් ඔහුට සුවය ලබා ගැනීම සඳහා ගි.අ.101350301357 සම්පත් බැංකුව (මහරගම ) එල්.ඒ.පි‍්‍රයන්ති ගිණුමට බැරකරන මෙන් ඉල්ලීමක් කැරේ.දු.ක.0722143364 වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.