Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉඹුල්ගොඩ මිහිඳු මහ පෙරහර

ගම්පහ පහළ ඉඹුල්ගොඩ විජයවර්ධන ශ්‍රී මහා විහාරස්ථානය මගින් වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන ඓතිහාසික ‘ඉඹුල්ගොඩ මිහිඳු මහ පෙරහර’ මෙවර දෙසැම්බර් 23 වන සිකුරාදා රාත්‍රී වීථී සංචාරය කිරීමට නියමිතව ඇත.

මෙහි ආදි සංඝ පීතෘවරයාණන් වහන්සේලා විසින් පවත්වාගෙන එනු ලබන වාර්ෂික පින්කම් මාලාව, අටවිසි බෝධිපූජා, ධර්මදේශනා, පිරිත් දේශනා හා පෙරහර යන අංග වලින් සමන්විත වන අතර මෙවර 84 වන වතාවට මෙම පින්කම් මාලාව පැවැත්වේ. මිහිඳු මහ පෙරහර විහාරාධිපති තෝරපිටියේ ආනන්දාභිධාන සියනෑ කෝරළයේ ප්‍රධාන සංඝනායක හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ.

උඩ පහත දෙරට හා සබරගමු නැටුම් සම්ප්‍රදායන් මෙන්ම අලි ඇතුන් සහිතව, සධාතුක කරඬුව, ශ්‍රී විෂ්ණු දේවාභාරණ වැඩවමින් ග්‍රාම ප්‍රදක්ෂිණා කරන මෙම පෙරහර, උඳුවප් මාසයේ යෙදෙන අනුබුදු මිහිඳු හිමියන්ගේ පිරිණිවීම අරමුණු කරගනිමින් සිදු කරන පෙරහර වීම විශේෂත්වයකි.

ප්‍රදේශයේ විහාරස්ථාන නියෝජනය කරන නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මැතිතුමා, දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මැතිතුමා ප්‍රධාන මැති ඇමැතිවරුන් හා සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් එම පෙරහර මංගල්‍යය පැවැත්වීමට නියමිතය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.