Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නව වසරට සෙත් පතා රතන සූත්‍ර දේශනාවක්

කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ශාන්ති පදනමේ අනුශාසක කොටපොල අමරකිත්ති හිමියන්ගේ අනුශාසනා පරිදී ශ්‍රී‍්‍ර ලංකාවාසී ජනතාවට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් දෙසැම්බර් 23 දින සිට එළඹෙන 2012 වසරේ ජනවාරි 01 වන දින අලුයම දක්වා නොකඩවා දින 09 ක් තුළ හත්වන වරටත් රතන සූත්‍ර පිරිත් දේශනා පින්කම පැවැත්වේ. පිරිත් පින්කම පැවැත්වෙන සෑම දිනකම රාත්‍රී 7.00 ට විශේෂ බුද්ධ පූජා පින්කමක්ද පැවැත්වේ.

ජනවාරි 01 දින උදේ 6.00 ට විශේෂ ආශිර්වාද පූජාවක් සහ සෙත් පිරිත් දේශනාවක් පවත්වා සමස්ත රටවාසි ජනතාවට මෙන්ම රජයටත් සෙත් පැතීමෙන් අනතුරුව පින්කම නිමාවට පත්වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.