UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අම්පිටියේ ධම්මකිත්ති නාහිමි ජන්ම සමරුවට පින්කම්

මාතලේ කොහොඹිලිවල වීර පුරන් අප්පු පෙදෙසේ බෞද්ධ සේවා මධ්‍යස්ථානාධිපති සාහිත්‍යාචාර්ය අම්පිටියේ ධම්මකිත්ති හිමියන් ගේ 76 වන ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරි පැතීමේ වැඩසටහනක් දෙසැම්බර් මස 17 වෙනි දින බෞද්ධ සේවා මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

හැට දශකයේ කඳුරට සාහිත්‍ය සංගමය ආරම්භ කරමින් සිංහල භාෂා සාහිත්‍යයේ දියුණුවක් සාහිත්‍ය තරග, සාහිත්‍ය සංගම් හා දහම් පාසල් මට්ටමෙන් ඇති කළ ධම්මකිත්ති හිමියෝ, දෙවනුව, මාතලේ දිසාව පසුබිම් කරගෙන කඳුරට සංස්කෘතික සංගමය ස්ථාපිත කිරීමට පුරෝගාමී වුහ.

උඩරට කැරැල්ලේ සටන් නියමුවෙකු වූ වීර පුරන් අප්පු සිටි කොහොඹිලිවල ගල්ලෙන රාජ්‍ය අනුග්‍රහයෙන් විහාරස්ථානය පාලනයට ලබාගෙන එය පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්තව සකස් කිරීමට පියවර ගත් ධම්මකිත්ති හිමියෝ සාහිත්‍ය විචාරකයෙකු මෙන්ම ධර්ම කථිකයකු ලෙස ශාසනික හා සාමාජික සේවාවන්හි නිරතව සිටින ධර්මධර පඬිරුවනකි.

උඳුවප් අව අටවක පොහොය

උඳුවප් අව අටවක පොහොය දෙසැම්බර් 17 වන දා සෙනසුරාදා අපර භාග 07.07 ට ලබයි.
18 වන දා අපරභාග 05.19 වන දා දක්වා පැවැත්වේ. සිල් සමාදන්වීම දෙසැම්බර් 18 වන දා ඉරිදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 24 වන දා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 18

New Moonඅමාවක

දෙසැම්බර් 24

First Quarterපුර අටවක

ජනවාරි 01

Full Moonපසෙලාස්වක

ජනවාරි 08


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]