Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ධම්මදින්න නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී පාදස්ථානාධිපති පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පිරිනැමූ අවස්ථාව. නියංගොඩ විජිත සිරි අනු නා හිමියන් සහ දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමියෝ ද මෙහි වෙති.
ඡායාරූපය – ගාමිණී රාමනායක.

ජාතික නාමල්උයන විසි එක්වන සංවත්සරය සහ දෙදහස් හයසිය වන සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් දඹුල්ල ජාතික නාමල් උයන ලේකම් කාර්යාලයේ ආරම්භ කිරීමට යෝජිත දෙහිවල නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට අනුබද්ධ ජාතික නාමල් උයන බෞද්ධ පොත්හල සඳහා රුපියල් ලක්‍ෂ පහක පමණ බෞද්ධ පොත් ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් වෙත කිරම විමලජෝති නා හිමියන් විසින් ප්‍රදානය කළ අවස්ථාව.

වතුරුවිල සිරිසුජාත හිමියන්ගේ අනුශාසනා පරිදි රාජගිරිය ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයෙහි අභිනවයෙන් ඉදි කරන ලද රන්වැට සහිත බෝධි ප්‍රාකාරද්වය, අටවිසි බුද්ධ මණ්ඩපය, සලපතල මළුව හා, වලාකුළු බැම්ම සහිත ප්‍රාකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අතිගරු මහා නායක අග්ග මහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නා හිමියන්ගේ සුරතින් විවෘත වූ අවස්ථාව. එම අවස්ථාවට රුක්මලේ ධම්මකිත්ති නාහිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි. ඇල්පිටියේ ධම්මික නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයද, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඛනිජතෙල් අමාත්‍ය අධිනීතිඥ සුසිල් ප්‍රේම් ජයන්ත්, බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය එස්. ගුණවර්ධන, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ලේකම් කුමාරසිරි, හෙට්ටිගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක, පළාත් සභා මන්ත්‍රී මහින්ද කුරුවිට, කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් අමල් එදිරිසූරිය යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.