Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කහගල්ලේ අරියඤාණ හිමියෝ නායක පදවි ලබති

මාවනැල්ල නුංගමුව විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති මාතිකමාතා ශීල භාවනා පින්කම් සංවිධානයේ අනුශාසක විපස්සනා කම්මට්ඨානාචරිය, කම්මාචරිය කහගල්ලේ අරියඤාණ හිමිපාණන් වෙත අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකාය මගින් “ ශාසන සෝබන සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක වාගීස්වරාචාර්ය” යන ගෞරව නාමය සහිත පහත බුලත්ගම, තුන් කෝරලය ඇතුළු සතර කෝරලය මහ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත.

ඒ පිළිබඳව සන්නස් පත්‍රය පිළිගැන්වීමේ පුණ්‍යෙීත්සවය දෙසැම්බර් 18 දින පස්වරු 02. 00 ට මාවනැල්ල නුංගමුව විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී පැවැත්වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.