Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අත්තුඩාවේ සිරි රාහුල මහ නා හිමි ජන්ම සමරුව දා පින්කම්

ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශයේ මහානායක ධුරන්දරව වැඩ සිට අපවත්වී වදාළ අත්තුඩාවේ සිරි රාහුල මහ නාහිමියන්ගේ ජන්ම සමරුව නිමිත්තෙන් දික්වැල්ලේ දොඩම්පහළ සුභද්‍රාරාමයේ දී මෙම 19 වනදා පින්කම් මාලාවක් සිදු කැරේ.

අත්තුඩාවේ සිරි රාහුල මහ නාහිමියන්ගේ ජන්ම සමරුව නිමිත්තෙන් මෙම 19 වන දා මාතර ශ්‍රී රෝහණ උපෝෂථාගාරයේදී පුණ්‍යානුමෝදනා පින්කමක් සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි රෝහණ පාර්ශ්වයේ ලේඛකාධිකාරී ඕමාරේ කස්සප හිමියෝ බුදුසරණට පැවැසූහ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.