Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පල්ලේදෙල්තොට සුමන හිමියෝ නායක පදවි ලබති

අමරපුර අරියවංශ සද්ධම්ම යුත්තික මහා නිකායේ වයඹ මධ්‍යම දෙදිසා පළාත් සංඝ සභාවේ මධ්‍යම පළාතේ සංඝ නායක පදවිය, විශ්‍රාමික විදුහල්පති වහකෝට්ටේ පළාපත්වල ශ්‍රී සුගතනන්දාරාමාධිපති පල්ලේදෙල්තොට සුමන හිමියන් වෙත පිරිනමා ඇත. උන් වහන්සේ පිරිවෙන් ගුරුවරයකු වශයෙන් හා පාසල් ගුරුවරයකු මෙන්ම ගුරු උපදේශකවරයකු වශයෙන් තිස් වසරකට අධික කාලයක් සේවය කොට ඇත.

එසේම ප්‍රදේශවාසී ගිහි පැවිදි කා අතරත් විශ්වාසය දිනාගත්, ප්‍රදේශයට ආගමික සාමාජික වශයෙන් විශාල සේවාවක් කරන හිමිනමකි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.