Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගංගොඩවිල සෝම හිමි සමරා පින්කම්

අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ අටවන ගුණ සමරුව නිමිත්තෙන් දෙසැම්බර් මස 18 වන ඉරිදා දෙහිවල රණජයගම බුදු මැදුරේ දී පින්කම් රැසක් සිදු කැරේ.

එදින සවස 04.00 ට ගිලන්පස බුද්ධ පූජා පෙරහරද, සවස 05.00 ට බෝධි පූජාව හා බුද්ධ පූජාව දෙහිවල විද්‍යාවර්ධන පිරිවෙන් විහාරාධිකාරී ශාස්ත්‍රපති පරපාමුල්ලේ පියතිස්ස හිමියන්ගේ මෙහෙයවීමෙන් ද රාත්‍රී 07.00 ට ධර්ම දේශනය මහරගම සිරි වජිරඤාණ ධර්මායතන වාසී දියතලාවේ පියදස්සී හිමියන් විසින් ද පවත්වනු ලැබේ.

රාත්‍රී 08.00 ට තෝරාගත් අඩු ආදායම් ලාභී පවුල් කීපයකට වියළි ආහාර ද්‍රව්‍ය පිරිනැමීම ද සිදු කැරේ.

දෙසැම්බර් මස 19 වන දා දෙහිවල, වෛද්‍ය පාරේ විද්‍යාවර්ධන පිරිවෙන් විහාරස්ථානයේ දී ගරුතර මහා සංඝයා වහන්සේලා උදෙසා පැවැත්වෙන දවල් සපිරිකර සංඝගත දක්‍ෂිණාවකි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.