UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පෝදා පින්කම්

ජය සිරි මහා බෝ සමිඳුන් සෙවණේ දී

මහා විහාර උඳුවප් පුන් පොහොය වැඩසටහන උඳුවප් පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේදී පැවැත්වේ.

පුන් පොහෝ දිනවල අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයට පෙහෙවස් සමාදන් වීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි ජය සිරි මහ බෝ සමිඳුන් සෙවණේ දී පැවැත්වෙන විධිමත් පුන් පොහොය වැඩසටහන් මාලාවේ 36 වැනි පුන් පොහොය වැඩසටහන මෙය වේ. උඳුවප් පුන් පොහෝ දින පෙරවරු 8.00 ට මහා විහාර සන්නිපාත ශාලාව අසල දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අතින්, මරණයට කැප වූ ගවයකුට අභය දානය ලබාදේ.

උඳුවප් පුන් පොහෝ දින පෙරවරු 8.05 ට මහාවිහාර සන්නිපාත ශාලාවේදී අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය පැවැත්වේ.

මෙම උඳුවප් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා , ධර්ම සාකච්ඡා , භාවනා, බුද්ධ පූජා, සහ බෝධි පූජා ද ඇතුළත් වේ.

පුන් පොහොය වැඩ සටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් අටමස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි දානපතියන් විසින් සලසා දෙනු ලැබේ.

සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය නිමිත්තෙන් උඳුවප් පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී විශේෂ භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් පුරා පැය දෙකක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ. භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.


කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී උදුවප් පෝදා පින්කම රැසක්. ඌව විශ්ව විද්‍යාලයේ කුලපති රුහුණූ මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම, මල් පහන් ගිලන්පස කිරී ආහාර පූජාව හේවිසි ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍ය වටා ෂඩ්වර්ණ සාටකයක් පැළදවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.පෙරවරු ධර්ම දේශනාව පාදුක්ක වග ශ්‍රී විජිතාරාම විහාරවාසී කොස්ගම උපරතන හිමියන් විසින් අටවිසි බෝ මලුවේදි පැවැත්වේ.

සවස කිරිවෙහෙර රාජ මහා විහාරස්ථ ශ්‍රී සංඝමිත්තා කුළඟන සමිතියේ සංඝමිත්තා පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයෙන් ආරම්භ වේ. කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල්පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධින් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජාකර බෝධින් වහන්සේ සුවඳ පැණින් නහවා බෝධි පුජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරවාසි මිද්දෙණියේ උදිත හිමියන් විසින් සිදුකෙරේ.

රාත්‍රී 7.00 ට කිරිවෙහෙර අටවිසි බෝමලුවේදි අටවිසි බුදුවරුන් වෙනුවෙන් මල් පහන් පූජාකර බෝධිපූජාවක්ද , කිරිවෙහෙර තුන්වන මලුව සමීපයේ පහන් දස දහසක ආලෝක පූජාවක්ද සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව ද විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්වේ.


කළුතර බෝධිය

කළුතර බෝධි පරිශ්‍රයේ ආගමික වැඩසටහන් මෙසේ ය.

පෝදා පෙරවරු, 06.30 – 07.00 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම පනාපිටියේ විජිතනන්ද හිමි, 07.30 – 08.45 ධර්ම දේශනය පාදුක්කේ සද්ධාධජ හිමි, 09.00 – 10.00 ධර්ම දේශනය අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි, 10.15 – 11.15 ධර්ම දේශනය ශාස්ත්‍රවේදී, පිටිගල ධම්මවිනීත හිමි, 11.15 ගවයින් නිදහස් කිරීමේ පින්කම ගැටඅරළුවේ විපුල ධම්ම හිමි, පස්වරු 01.00 – 02.30 ධර්ම දේශනය කහගොල්ලේ සේමවංශ හිමි, 02.45 – 03.45 ධර්ම දේශනය, කඹුරුපිටියේ මුනීන්ද්‍රවංශ හිමි, 04.00 – 05.00 ධර්ම දේශනය මොරකැටිආරේ ධම්මික හිමි, 05.30 – 06.30 ධර්ම දේශනය ශාස්ත්‍රවේදී තිනියාවල ඤාණින්ද හිමි, රාත්‍රී 07.00 – 07.45 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව පානදුරේ අරියධම්ම හිමිගේ බෝධි පූජාව (පටිගත කළ එකකි.) 09.00 සිට රූපවාහිනිය තුළින් බෞද්ධ දර්ශන එළිදැක්වීම.


බම්බලපිටියේ වජිරාරාමය

පෙ.ව. 06.00 – 07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව සිරිවජිරාරාමාධිපති, රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලේ ආනන්ද අනුනායක හිමි, පෙ.ව. 08.00 – 09.00 ධර්මානුශාසනාව පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි, පෙ.ව. 09.00 – 09.30 විශේෂ ධර්ම දේශනාව, අග්ගමහාපණ්ඩිත වැලිගම ඤාණරතන මහානා හිමි, පෙ.ව. 09.30 – 11.00 භාවනාව සහ අනුශාසනාව ගම්පහ පාසාදිත හිමි, පෙ.ව. 11.00 – 11.15 බුද්ධ පූජාව, සිරි වජිරාරාමවාසී, පැරකුම්පුර විශාරද හිමි, ප.ව. 12.30 – 01.15 සෙත්පිරිත් හා තෙරුවන් ගුණ සජ්ඣායනය සිරිවජිරාරාම දහම්පාසලේ ප්‍රධානාචාර්ය කඹුරුගමුවේ මහානාග හිමි, ප.ව. 01.15 – 02.45 ධර්මානුශාසනාව සිරි සුදර්ශනාරාම සදහම් සෙනසුනාධිපති මිරිස්සේ ධම්මික හිමි, ප.ව. 03.00 – 04.00 ධර්මානුශාසනාව දියතලාවේ පියදස්සී හිමි, ප.ව. 04.00 – 05.00 ගිහිදේශනාව, ජාතික සාරධර්ම ප්‍රවර්ධන ආයතන ප්‍රධානී ආචාර්ය පී‍්‍රති කුලතුංග මයා, ප.ව. 05.00 – 06.00 ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි, ප.ව. 06.00 – 06.30 අටවිසි බුද්ධ පූජාව සහ බෝධි පූජාව, සිරි වජිරාරාම ස්වාමීන් වහන්සේලා.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදානය මෙහෙය වන උඳුවප් පෝදා වැඩසටහන මෙසේ ය.

පෝදා පෙරවරු 06.00 – 07.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ත්‍රිපිටකාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි, 08.00 – 09.00 භාවනාව, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 09.00 - 10.00 ධර්ම දේශනාව, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොටපොල අමරකිත්ති නාහිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව හොරවල තන්තසිරි හිමි කඩිගමුවේ සමුදිත හිමි, පස්වරු 12.30 – 12.35 විශේෂ නිවේදනය හා පුණ්‍යානුමෝදනාව, 12.35 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ ආරියගම සද්ධානන්ද හිමි, බංගලිදේශයේ සද්ධානන්ද හිමි, 01.00 – 02.00 ධර්ම සාකච්ඡාව, ගල්කිස්සේ සෝමානන්ද හිමි, 02.00 – 03.00 ධර්ම දේශනාව, ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් ධර්ම විජය බෞද්ධ විහාරාධිපති ආචාර්ය වල්පොල පියනන්ද නාහිමි, 03.00 – 03.30 විශේෂ අනුශාසනාව රත්මලාන මල්ලිකාරාමාධිපති වැලිගම ඥානරතන මහ නාහිමි, 04.00 – 05.00 ධර්ම දේශනාව, උඩහමුල්ල ශ්‍රී පඤෙඤීදය පිරිවෙන්හි ආචාර්ය ශාස්ත්‍රපති ඒරුවැවේ ගුණසෝම හිමි, 05.00 – 06.00 ධම්ම පදය ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 06.00 – 06.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමණසිරි හිමි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන වැඩසටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදානය මෙහෙයවීමෙන් පැවැත්වෙන උඳුවප් පෝදා පින්කම් මාලාව මෙසේ ය.

පෝදා පෙරවරු 06.00 – 07.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව කඩවත සමින්ද හිමි, 08.00 – 09.00 භාවනා වැලිමඩ පසන්නමානස හිමි, 09.00 – 10.00 විශේෂ දේශනය මනෝ වෛද්‍ය, ඩී.වී.ජේ. හරිශ්චන්ද්‍ර මහතා, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය, ධර්ම දේශනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ බංගලාදේශයේ සංඝරක්ඛිත හිමි, 01.00 – 02.00 ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 02.00 – 03.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති වල්පොල ගෝතම හිමි, 03.00 – 04.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති වහුමුවේ විජයවංස මාහිමි, 04.15 – 05.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 05.00 – 06.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි 06.00 – 06.30 බෝධි පූජාව මෙහෙයවීම.


බොරැල්ලේ ගෝතමී විහාරය

බොරැල්ලේ ශ්‍රී ගෝතමී මහා විහාරස්ථානයේ මාසිකව සිදු කරනු ලබන සීල සමාදාන විහාරාරාක්‍ෂක දායක සභාවේත් ආර්ය මහිලා සමිතියේත් දායකත්වයෙන් උඳුවප් පෝදා පැවැත්වේ. පෙරවරු 06.00 උපෝසථ ශීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව කටුගහ පියදස්සි හිමි 06.30 සම්බුද්ධ පූජාව සුනිල් බදුගේ සන්ධ්‍යා බදුගේ මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් 08.15 භාවනාව ආටිගල අමිතදේව හිමි, 09.45 බුදුසරණ පුවත්පත බෙදාදීම හසිත දියබලනගේ තිලංක දියබලනගේ සොහොයුරන් විසින් 10.00 ධර්මදේශනාව දර්ශනපති රාජකීය පණ්ඩිත පිටිගල විජිත හිමි 11.00 ට සම්බුද්ධ පූජාව දේශමාන්‍ය රවින්ද්‍ර වනිගසේකර මහතාගේ දායකත්වයෙන් පස්වරු 01.30 ට ධර්මදේශනාව පණ්ඩිත අම්බුලුගල සුමංගල හිමි 03.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති පල්ලේ කුඹුරේ සෝමරතන හිමි, 04.30 දේශනය වෛද්‍ය, ජී.එල්. පාඩිප්පෙරුම මහතා, 06.00 සා.පෙළ සිසු දරුවන්ට සෙත් පිරිත් බෝධිපූජාව මෙහෙයවීම තෙල්වත්නේ නාගිත හිමි, ඉරිදා, සඳුදා, බදාදා, සිකුරාදා ප.ව. 06.00 ට සැමට සෙත්පතා පිරිත් සජ්ඣායනාව පැවැත්වේ.


බෙලිගල

කෑගල්ල බෙලිගල ශ්‍රී විජයසුන්දරාරාම රජ මහා විහාරස්ථානයේ ඉදිවෙමින් පවතින දෙමහල් විශ්‍රාම ශාලාව ඉදිරි කටයුතු සඳහා පවත්වනු ලබන අටවිසි බුද්ධ පූජාව දෙසැම්බර් මස 09 සහ 10 යන දිනයන්හි විහාරාධිපති දම්මල ධම්මාලෝක හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කෙරේ.


රන්මුතුගල

රන්මුතුගල ශ්‍රී පුණ්‍යාලංකාර පුරාණ විහාරයේ උඳුවප් පෝදා වැඩසටහන මෙසේ ය. පෙරවරු 06.30 ට ගිරාකඩුවේ සද්ධාතිස්ස නාහිමියන්ගේ අනුශාසනාව හා සිල් සමාදන් කරවීම 07.00 – 08.00 ධර්ම දේශනාව කැලණියේ සුධම්ම හිමි, 08.00 – 09.00 භාවනා වැඩසටහන ලංකාපුර රත්නකුමාර මහතා, 09.00 – 10.00 පණ්ඩිත වැව ගෙදර සීලක්ඛන්ධ හිමි, ධර්ම දේශනාව, 10.30 – 11.30 ධර්ම දේශනාව ගල්ලිද කටුව ධම්මසිරි පොඩි හාමුදුරුවෝ, 11.30 බුද්ධ පූජාව මෙහෙයවීම, පස්වරු 01.30 භාවනා වැඩසටහන, 03.00 කුළඟන සමිතියේ රැස්වීම, 05.00 - සිල් පවාරණය.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

කැලණිය තරුණ බෞද්ධ සමිතිය මෙහෙයවීමෙන් “උඳුවප් පුර” පසළොස්වක පොහෝ දින පවත්වනු ලබන පින්කම් මාලාව මෙසේ ය. පෝදා පෙරවරු 06.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 07.00 බුද්ධ පූජාව, 08.15 භාවනා වැඩසටහන උපුල්විල ශාසනසුමණ හිමි, 09.15 ධර්ම දේශනය, 10.30 බුද්ධ පූජාව, 11.30 දවල් දානය, පස්වරු 01.00 ධර්ම දේශනය, 02.1 ධර්ම දේශනය, 04.00 ධර්ම දේශනය, 05.00 ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, 06.00 සිල් පවාරණය.


හොරේතුඩුව පුරාණ ශ්‍රී ගංගාරාමය

අලුයම 05.00 ඝන්ඨා නාද කිරීම සහ සෙත් පිරිත් දේශනාව, පෙ.ව. 06.00 සිල් සමාදන් කරවීම, විහාරාධිපති වැලිගම අනුරුද්ධ හිමි, පෙ.ව. 07.00 හීල් දානය, පෙ.ව. 08.00 ධර්ම දේශනාව පෙ.ව. 09.00 අරලියගහ මැඳුරේ සිට විකාශනය වන රූපවාහිනී ධර්ම දේශනාව, ප.ව. 10.00 භාවනා වැඩසටහන, හිරාණ ප්‍රජාපතී ශීලමාතාශ්‍රමයේ මහියංගනයේ විශාකා දම්මදින්න සිල්මෑණියෝ, පෙ.ව. 11.00 දහවල් සම්බුද්ධ පූජාව පිරිනැමීම, පෙ.ව. 11.30 දහවල් දානය, ප.ව. 01.00 සාමූහික පිරිත් දේශනාව, ප.ව. 02.00 විශේෂ ගිහි දෙසුම, අත්තිඩියේ නිහාල් පෙරේරා මහතා, ප.ව. 04.00 ධර්ම දේශනාව, සහ භාවනා වැඩසටහන මෙහෙයවීම පලාතොට අමිතානන්දි මෙහෙණින් වහන්සේ, ප.ව. 06.00 බෝධි පූජාව.


තලවතුගොඩ - සංඝමිත්තාරමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ දී උඳුවප් පුන් පොහෝ දින අලුයම 05.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පවත්වනු ලබන අතර පෙරවරු 06.00 සිට පස්වරු 06.00 දක්වා සීල භාවනා, ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 08.00 – 09.30 පිළියන්දල සංඛපාලි දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහන 09.45 – 11.00 ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහන 11.00 දවල් බුද්ධ පූජාව පස්වරු 12.30 – 01.00 පිළියන්දල සංඛපාලි දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහන 02.45 – 04.00 කෑගල්ලේ විමංසා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහන 04.00 – 05.00 මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනාව තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදුකෙරේ.

සවස 06.00 ට මල්, පහන්, ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබේ.


කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් විශාඛා කුළඟන සමිතිය මඟින් මෙහෙයවන උඳුවප් පෝ දින ශීල භාවනා වැඩසටහන මෙසේ ය.

පෙ.ව. 06.30 සීල සමාදානය, සම්බුද්ධ පූජාව, සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නාහිමි, පෙ.ව. 08.00 වෙසෙසි දෙසුම, කථිකාචාර්ය ආනන්ද සිල්වා මහතා, පෙ.ව. 09.30 භාවනාව බියගම සුසීල හිමි, පෙ.ව. 10.30 ධර්ම දේශනය හටංගල අමරවංශ හිමි, පෙ.ව. 11.45 සම්බුද්ධ පූජාව, රම්මලේ අරියවිසුද්ධි හිමි, ප.ව. 12.45 පිරිත් සහ තෙරුවන් ගුණ ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා සමඟ සිල් පිරිස, ප.ව. 01.30 ගිහි දේශනය, වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා, ප.ව. 03.00 විශාඛා කුළඟන සමිතියේ විශේෂ නිවේදන ප.ව. 04.00 ධර්ම දේශනය, කොහොලංකල කෝවිද හිමි, ප.ව. 07.00 මල් පහන් විශේෂ බෝධි වන්දනාව සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නාහිමි.


කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහාවිහාරස්ථානයේ, උඳුවප්පුර පසළොස්වක පොහොය දා ශීල, භාවනා, ධර්මදේශනා මාලාවක් බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

පෙරවරු 06.00 – 06.30 දක්වා උපෝසථ ශීලය හා අනුශාසනාව විහාරාධිකාරී ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 07.00 – 07.30 ට සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 08.00 – 09.00 ට භාවනා වැඩ සටහන මෙහෙයවීම රජවත්තේ වප්ප හිමි, 09.15 – 10.15 දක්වා ධර්මදේශනය ජයශේඛරාරාමවාසී, කෙසෙල්පොත සුමනවංශ හිමි, 10.30 – 11.00 දක්වා, සම්බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, පස්වරු 12.30 – 12.45 සෙත්පිරිත් සජ්ඣායනාව, විහාරස්ථ උපාසක උපාසිකා සමිතිය, 01.00 – 02.00 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම 02.15 – 03.00 ට භාවනා වැඩසටහන තලල්ලේ සිරිමහින්ද නාහිමි, 03.15 – 4.15 ධර්ම දේශනය ජයශේඛරාරාමවාසී ගැට්ටුවානේ සුමේධ හිමි, 04.30 – 05.30 ධර්ම දේශනය ශ්‍රී සුගතවංශාරාමාධිපති ශාස්ත්‍රපති කොරසේ මහින්ද හිමි, 06.00 ට සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 06.45 – 07.45 අටවිසි බුද්ධ පූජාව රාත්‍රී 08.00 – 09.00 දක්වා ධර්ම දේශනය.


සම්බෝධි විහාරස්ථානයේ හා බෞද්ධයා මාධ්‍ය ජාලයේ උඳුවප් පොහොය සජීව වැඩසටහන

අලුයම 06.00 ට කිරි ආහාර පූජාව පෙ.ව. 06.00 – 07.15 - සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, පෙ.ව. 08.00 – 09.00 ධර්ම දේශනාව වල්පොල පියනන්ද හිමි, පෙ.ව. 09.30 – 10.30 ධර්ම දේශනාව කැලණියේ අජිත හිමි, පෙ.ව. 11.00 – 11.30 සම්බුදු පූජාව ඕමාරේ සෝමිස්සර හිමි ප.ව. 01.00 – 02.00 දම්සභා මණ්ඩපය, ත්‍රිපිටකාචාර්ය මීරහවත්තේ පඤ්ඤාසිරි හිමි, පාර්ලිමේන්තුවේ හිටපු කථානායක, සබරගමු පළාතේ ආණ්ඩුකාර වී.ජ. මූ. ලොකුබණ්ඩාර මහතා මෙහෙයවීම නීතිඥ ශෂික ජයතිලක මහතා, ප.ව. 02.00 – 03.00 භාවනාව දොඩංදූවේ සිරිකර නාහිමි, ප.ව. 03.30 – 04.30 ධර්මදේශනාව, නෙළුවාකන්දේ ඥාණානන්ද හිමි, ප.ව. 04.30 – 05.30 ධර්මදේශනය, ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, ප.ව. 05.30 – 06.00 සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය මහරගම පදුම හිමි.


වාර්ෂික ගුණානුස්මරණ පින්කම් මාලාව

මිද්දෙණිය , වැලිපිටිය ශ්‍රී පන්ථාරාම පුරාණ මහා විහාර නිර්මාතෘ විහාරාධිපති විසූ සපුගස්යායේ ශ්‍රී රතනපාල මාහිමි, මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහෝපාධ්‍ය, ශ්‍රී සුමන රතනපාල ගල්පොත්තයායේ සිරිනිවාස නාහිමි. මහා විහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ කාරක සභික, කර්මාචාර්ය, මාතර ඌරාපොළ ශ්‍රී රතනජෝති විද්‍යායතන පිරිවෙණේ නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රවේදි සපුගස්යායේ ශ්‍රී සෝමරතන නාහිමි ප්‍රධාන විහාර පරපුරේ විසූ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සිහිපත් කොට මෙම මස 20 වන දින ලේ දන් දීම 20 වන දින සිට 26 දින දක්වා අටවිසි බුද්ධ පූජාව පැවැත්වේ,

පිරිත් දේශනය ආරම්භ කිරීම, 26 වන දින දොරකඩ අස්න හා අනුශාසනාව කෝට්ටේ කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ කර්මාචාර්ය, රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මාධ්‍යස්ථානාධිපති ගාලු කෝරළය ඇතුළු හිනිදුම්පත්තුවේ ප්‍රධාන සංඝනායක සරභඤ්ඤ විශාරද මාපලගම බුද්ධසිරි නාහිමි. 23 වන දින ගල්පොත්තයායේ සිරිනිවාස නාහිමි ගුණානුස්මරණ සංඝාවාසය විවෘත කිරීම මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනු නායක, ගොම්බද්දල නන්දාරාම අනු නාහිමි.

එදින දහවල ශතාධික සංඝගත දක්‍ෂිණාවක් ද පැවැත්වීමට විහාරාධිපති බරණැස ඉසිපතනාරාමවාසි ආචාර්ය අඹගස්ආරේ විමලරතන හිමියන්ගේ අනුශාසනා පරිදි දායක සභාව සංවිධානය කොට ඇත.


මාතර තරුණ බෞද්ධ සමිතියේ 577 වැනි පුන්පෝදා පින්කම

පෙ.ව. 6.30 සීල සමාදන් කරවීම, දෙහිගස්පේ සිරිවිමල හිමි, පෙ.ව. 8.00 සීල ආවර්ජනාව කාවින්ද සිරිවර්ධන මහතා, පෙ.ව. 9.30 විදර්ශනා මාර්ගය කම්මට්ඨානාචාරිනී චන්ද්‍රා රණතුංග මාතාව,පෙ.ව. 10.30 බුද්ධ වන්දනාව ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑණේ සුවිනීත හිමි, ප.ව. 1. රණවිරුවන්ට සෙත් පතා පිරිත් සජ්ක්‍ධායනාව ගම්මැදගම චන්ද්‍රජෝති හිමි අනුශාසනා පරිදි ප.ව. 2.00 ධර්ම සාකච්ඡාව ධර්මාචාර්ය ලක්‍ෂ්මන් බණ්ඩාර රාජපක්‍ෂ මහතා ප.ව. 4.00 විශේෂ ධර්මදේශනාව හුලංදාවේ සෝරත හිමි, ප.ව. 5.00 සිල් පවාරණය පූජ්‍ය ත්‍රිපිටක ශාස්ත්‍රවේදී වලස්ගල පඤ්ඤාසිරි හිමියන් විසිනි.


උයන්වත්ත වාලුකාරාම මහා විහාරයේ පුන්පෝදා පින්කම

පෙ.ව. 8.30 ට සිල් සමාදන් කරවීම ශාස්ත්‍රවේදි බඹරැන්දේ රාහුල හිමියන්ගේ අනුශාසනාව පරිදි,පෙ.ව. 7.00 ට බුද්ධ පූජා වන්දනාව ශාස්ත්‍රවේදී රොටුඹ සෝමරතන හිමි, පෙ.ව. 8.00 ට ගුවන්විදුලි ධර්ම දේශනාව, පෙ.ව. 10.30 ට බුද්ධ වන්දනාව මොරවක ධම්මරතන හිමි. ප.ව. 1.00 සෙත් පිරිත් සජ්ඣායනාව තවලම සුමනරතන හිමි, ප.ව. 2. 00 ට ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති කැලණියේ අජිත හිමි, ප.ව. 4.00 ට ධර්ම දේශනාව බෙංගමුවේ චන්දරතන හිමි.ප.ව. 7.00 ට අටවිසි බුද්ධ පූජාව හිත්තැටියේ සමිත හිමි.


සෝම හිමි ගුණ සමරුවට ලේ දන්දීමක් බොරලැස්ලමුවේ දි

අපවක් වී වදාළ පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේගේ අටවන ගුණ සමරුවට ලේ දන්දීමේ පින්කමක් දෙසැම්බර් 11 දින උදේ 8 සිට සවස 4 දක්වා බොරලැස්ලමුව වැවපාර පිරිවන හන්දියේදි පැවැත්වේ. සංවිධානය බොරලැස්ලමුව සෝම හිමි ගුණ සමරු සංවිධානය මගිනි.


වාර්ෂික ගුණානුස්මරණ පින්කම් මාලාව

මිද්දෙණිය , වැලිපිටිය ශ්‍රී පන්ථාරාම පුරාණ මහා විහාර නිර්මාතෘ විහාරාධිපති විසූ සපුගස්යායේ ශ්‍රී රතනපාල මාහිමි, මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහෝපාධ්‍ය, ශ්‍රී සුමන රතනපාල ගල්පොත්තයායේ සිරිනිවාස නාහිමි. මහා විහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ කාරක සභික, කර්මාචාර්ය, මාතර ඌරාපොළ ශ්‍රී රතනජෝති විද්‍යායතන පිරිවෙණේ නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රවේදි සපුගස්යායේ ශ්‍රී සෝමරතන නාහිමි ප්‍රධාන විහාර පරපුරේ විසූ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සිහිපත් කොට මෙම මස 20 වන දින ලේ දන් දීම 20 වන දින සිට 26 දින දක්වා අටවිසි බුද්ධ පූජාව පැවැත්වේ,

පිරිත් දේශනය ආරම්භ කිරීම, 26 වන දින දොරකඩ අස්න හා අනුශාසනාව කෝට්ටේ කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ කර්මාචාර්ය, රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මාධ්‍යස්ථානාධිපති ගාලු කෝරළය ඇතුළු හිනිදුම්පත්තුවේ ප්‍රධාන සංඝනායක සරභඤ්ඤ විශාරද මාපලගම බුද්ධසිරි නාහිමි. 23 වන දින ගල්පොත්තයායේ සිරිනිවාස නාහිමි ගුණානුස්මරණ සංඝාවාසය විවෘත කිරීම මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනු නායක, ගොම්බද්දල නන්දාරාම අනු නාහිමි.

එදින දහවල ශතාධික සංඝගත දක්‍ෂිණාවක් ද පැවැත්වීමට විහාරාධිපති බරණැස ඉසිපතනාරාමවාසි ආචාර්ය අඹගස්ආරේ විමලරතන හිමියන්ගේ අනුශාසනා පරිදි දායක සභාව සංවිධානය කොට ඇත.


සත්‍යාලෝක පුණ්‍යායතනයෙන් පින්කම් මාලාවක්

ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ ලක්දිව රෝපණය කර වසර 2319 සැමරීම සිහිපත් කර සත්‍යාලෝක පුණ්‍යායතනය 30 වන වරටත් මෙහෙයවන පින්කම් මාලාව මෙම මස 09, 10, 11 දිනවලදී අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියස දී පැවැත්වේ.

අතිගරු ජනාධිපතිතුමාටත්, රණවිරු දූ පුතුන්ටත්, ආබාධිත සියලුම රණවිරුවන්ටත්, සියලුම ආරක්‍ෂක සේවාවන්ට සහ සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට නිදුක් නිරෝගී සුවය පැතීම මෙම පින්කම් මාලාවේ අරමුණ වේ.

අනුරාධපුර අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, සත්‍යාලෝක පුණ්‍යායතනයේ ප්‍රධාන අනුශාසක, ශාස්ත්‍රවේදී පල්ලේගම සිරිසුමන ධම්මරක්‍ඛිත සිරි නිවාස නාහිමියන්ගේ පූර්ණ අනුශාසකත්වය මත එම පින්කම් මාලාව සිදු කෙරේ.

මේ මස 09 වැනි දින සිට 11 වැනි දින දක්වා විවිධ පින්කම් සංවිධානය කර ඇති අතර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස කිරි ආහාර පූජා, අටපිරිකර පූජා, චීවර පූජා රන්වැට කප්රුක් පූජා සීල සමාදාන මහා බුද්ධ පූජා, බෝධි පූජා මහා සාංඝික දානමය පින්කම් රාශියක් සිදු කිරීමට නියමිතය.


දස දහසක් දාස් පෙතියා මලින් මුනි සිරිපා පිදීමේ විශේෂ පුෂ්පෝපහාර පූජාවක් විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන්

විගණකාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ බෞද්ධ සංගමය හා සුභසාධක සංගමය එක්ව ශ්‍රී පාද වන්දනා සමාරම්භක දිනදී උඳුවප් පුර පසළොස්වක පොහෝදා සිරිපා මළුව දසදහසක් ‘දාස්පෙතියා’ මලින් සරසා විශේෂ පුෂ්පෝපහාර පූජාවක් පැවැත්වේ.

සිරිපා මාර්ගය සොයා ගැනීමේ පුරාවෘත්තය සිහිපත් කරනු වස් ශ්‍රී පලාබද්දල රජ මාවතේ වැදගත් ස්ථානවල ‘පුරාවෘත්ත සිහිවටනයන්’ හා මල් සැරසිල්ලකින් වර්ණවත් කිරීමට සැලසුම් කර ඇත.

රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගයෙන් ශ්‍රීපාද වන්දනාවේ යෙදෙන මංගල මහා පෙරහර හා එක්ව වන්දනාවේ යෙදීම හා විවිධ පාරිසරික හා ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් පෙර වර්ෂයේ මෙන්ම මෙවරද ක්‍රියාත්මක කෙරේ.

මේ සඳහා දාස්පෙතියා මල් හැකි පමණ වැලක් සේ පිළියෙළ කර සැපයීමෙන් ඔබට ද දායක විය හැකිය.


බත්තරමුල්ලේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන පින්කම

උඳුවප් පෝදා සීල සමාදාන වැඩසටහන මෙසේය.පෙරවරු 6.00 –7.00 සීලයෙහි පිහිටුවීම සහ අනුශාසනය, මිරිස්සේ ධම්මික නාහිමි, පෙ.ව. 7.00 – 7.15 තෙරුවන් වන්දනාව පෙ.ව. 8.00 – 9.30 භාවනාව, මිරිස්සේ ධම්මික නාහිමි 9.45 – 10.45 ධර්මදේශනය මිරිස්සේ ධම්මික නාහිමි 11.00 –11.15 තෙරුවන් වන්දනාව

පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව අළුත්වෙල ධම්මසති හිමි, ධම්මජෝති හිමි 1.00 – 2.00 ධර්මදේශනය ශාස්ත්‍රපති මොරවක සෝරත හිමි, 2.00 –3.00 ධර්ම සාකච්ඡාව ෂේන් බ්ලොක් මයා 4.00 –5.00 ධර්ම දේශනය අළුත්වෙල ධම්මසති හිමි 5.00 –6.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස හිමි .


ත්‍රිපිටක ග්‍රන්ථ වැඩම කිරීම පෝදා

පේරාදෙණිය ගන්නෝරුව රජ මහ විහාරයට දිල්හානි කුමාරි දුනුවිල මහත්මිය විසින් ත්‍රිපිටක පොත් වහන්සේලා ඇතුළු තවත් ධර්ම ග්‍රන්ථ පෝදා පූජා කැරේ.

ත්‍රිපිටක පොත් වැඩමවාගත් පෙරහර මෙදින සවස දෙකට පේරාදෙණිය සිට ගන්නෝරුව රජ මහ විහාරයට පැමිණෙන අතර දායක සභාවේ මෙහෙයවීමෙන් පැවැත්වෙන උත්සවයේ දී එම ග්‍රන්ථ විහාරාධිපති, යටිනුවර උපප්‍රධාන අධිකරණ සංඝනායක කම්මාචාර්ය අඹන්පොල සුමංල නාහිමියන් වෙත එම ග්‍රන්ථ පූජා කැරේ.


දූවවත්ත සඟමිත් පෙරහර

උණවටුන දූවවත්ත ක්‍ෂේත්‍රාරාම විහාරය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී සංඝමිත්තා මහ පෙරහර මෙවරද උඳුවප් මස පසළොස්වක පොහොය දින උත්සවාකාරයෙන් පැවැත්වේ.

මැලේසියාවේ ප්‍රධාන සංඝනායක ඊ පෝවේ මහින්දවංස නාහිමියන්ගේ අනුශාසනා පරිදි ගාල්ලේ ශ්‍රී ධර්මදූත මහ පිරිවෙණේ නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රාචාර්ය මැටරඹ නන්දාලෝක හිමියන් ගේ මෙහෙයවීම යටතේ පැවැත්වෙන මෙම පෙරහර කටයුතු සංවිධානය කරනු ලබන්නේ විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී සංඝමිත්තා කුලගන සමිතිය මඟිනි.

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 09 වනදා සිකුරාදා අපර භාග 06.26 ට ලබයි.
10 වනදා සෙනසුරාදා අපරභාග 08.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 10 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 18 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 10

Second Quarterඅව අටවක

දෙසැම්බර් 18

New Moonඅමාවක

දෙසැම්බර් 24

First Quarterපුර අටවක

ජනවාරි 01


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]