Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනමේ ශිෂ්‍යාධාර ප්‍රදානය 11 වනදා

මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනම මගින් වාර්ෂිකව පිරිනැමෙන වෛද්‍ය ශිෂ්‍යාධාර ප්‍රදානය මෙම මස 11 වනදා පෙරවරුවේ කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේදි ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මේ වන විට එම පදනම මගින් වෛද්‍ය සිසුන් 500 කට වැඩි පිරිසකට එම ශිෂ්‍යාධාර පිරිනමා ඇත.

අපවත් වී වදාළ සංඝ පීතෘන් වහන්සේ කීප නමක් අනුස්මරණය කැරෙමින් එම ශිෂ්‍යාධාර පිරිනැමේ. මිය ගිය රණවිරුවන්ගේ පවුල් වල දරුවන් කීප දෙනකු සඳහාද මෙවරත් ශිෂ්‍යාධාර පිරිනැමේ. ඊට අමතරව වටිනා මුදල් පසුම්බියක් මහමගදී අහුලාගෙන එය නැවත අදාළ හිමිකරුට භාරදුන් ඇල්පිටියේ දස හැවිරිදි පාසල් ශිෂ්‍යාවකටද මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් විසින් ශිෂ්‍යාධාර පිරිනැමීමට කටයුතු යොදා ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.