Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කුඹල්ඔලුව බෝධි රන්වැට ආශිර්වාද පූජාව

වේයන්ගොඩ, කුඹල්ඔලුව, පුරාණ විහාරය සහ ශ්‍රී බෝධි පුණ්‍යවර්ධන දහම් පාසල මඟින් දෙසැම්බර් මස 01 වන දින සිට ආශර්වාද පින්කම් මාලාවක් විහාරාධිපති පණ්ඩිත පනාවල ශ්‍රී පියරතන නායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

01 දින උදේ 09.00 ට බෝධි රන්වැට ආරම්භක පින්කම නීතිඥ පුෂ්පා රාජපක්‍ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එම අවස්ථාවනට දකුණු කොරියාවේ මහනායක ස්වාමීන්වහන්සේ සහ අත්තනගල්ල රාජමහා විහාරාධිපති නාහිමි ප්‍රමුඛ පළාතේ මහා සංඝරත්නය සහභාගී වීමට නියමිතය.

දෙසැම්බර් 09 දින සවස 04.30 ට පැවැත්වෙන බෝධි රන්වැට ආශිර්වාද පූජාව පවත්වනු ලබන්නේ ශාන්ති පදනමේ අනුශාසක කොටපොල අමරකිත්ති ස්වාමීන්වහන්සේ විසිනි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.