Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රීපාදස්ථානාධිපති පදවියට බෙන්ගමුවේ ධම්මදින්න නා හිමි

ශ්‍රීපාදස්ථානාධිපති පදවියට බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ තේරීපත්වුහ. සබරගමුව පළාත් සභා සංකීර්ණයේ ශ්‍රවණාගාරයේදී එම නිලවරණය 25 පැවැත්විණ.

වසර 25 කට පසු පැවති ශ්‍රීපාද නායක පදවි නිලවරණයට භික්ෂුන් වහන්සේලා පස්නමක් ඉදිරිපත් වූහ. එහෙත් පැවැති නිලවරණයේදී තරගය පැවතියේ භික්ෂුන් වහන්සේ දෙනමක් අතරය.

රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියන් සහ දම්පහළ සීලානන්ද නාහිමිවරු ප්‍රධාන අපේක්ෂක හිමිවරුන් වුහ.

ශ්‍රීපාද නිලවරණයට භික්ෂුන් වහන්සේ පස්නමක් ඉදිරිපත්ව සිටියහ. ඉන් තුන් නමක් නිලවරණයේදී ඉවත්වුහ.

සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍ය වේහැල්ලේ සිරිඅත්තදස්සි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඡන්ද විමසීම සිදුකෙරුණි.

සංඝ සභාවේ ලේකම්ධුරයට පට්ටියවෙළ මහින්ද හිමියෝ පත්කිරීමෙන් පසු ඡන්ද විමසීම ඇරඹුණි මේ නිලවරණයේදී ප්‍රසිද්ධියේ ඡන්ද ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

බෙන්ගමුවේ ධම්මදින්න නාහිමි ඡන්ද 165 ක්ද දම්පහළ සීලානන්ද නාහිමි ඡන්ද 127 ක්ද ලැබුහ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.