Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

ජනපති ජන්ම සමරු ලේක්හවුස් පින්කමෙන් ....
 

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් ජනාධිපතිතුමාටත් රටටත් සෙත්පතා පින්කමක් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේදී පසුගියදා පැවැත්විණි. ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුග්‍රහයෙන් හා මෙහෙයවීමෙන් එම පින්කම සිදු කැරිණි. එම පින්කම ලේක්හවුස් බෞද්ධ සංගමය මගින් සංවිධානය කැරිණි. ඒ අනුව ඉකුත් 17 වනදා පැවැති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කැරිණි. ප්‍රංශයේ ජේතවනාරාමාධිපති මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් වෙත බන්දුල පද්මකුමාර මහතා විසින් දැහැත්වට්ටියක් පිළිගන්වා පිරිත් දේශනාවට ආරාධනා කළ අවස්ථාව.

මහ සඟරුවන විෂයෙහි පැවැති සංඝගත දක්ෂිණාමය පින්කමේදී ගල්කිස්සේ බෞද්ධායතනාධිපති දිවියාගහ යසස්සී නාහිමියන් වෙත ලේක්හවුස් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර මහතා දානය පිළිගැන්වූ අවස්ථාව.

මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් ඇතුළු ස¼ගරුවන ඡායාරූපයේ වෙති.

පිරිත් දෙසුම ශ්‍රවණයට සහභාගිවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල මහතා සහ කමලා රණතුංග මහත්මිය, ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක, නීති අධ්‍යක්‍ෂ රසාංග හරිස්චන්ද්‍ර, කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත් යන මහත්වරු ඇතුළු ලේක්හවුස් සේවක සේවිකාවන්ගෙන් කොටසක්...

ලේක්හවුස් සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා, අධ්‍යක්‍ෂවරුන් වන උපුල් දිසානායක, රසාංග හරිස්චන්ද්‍ර, සීලරත්න සෙනරත් මහත්වරු ඇතුළු පින්කමට සහභාගි වූ ලේක්හවුස් සේවක සේවිකාවන්ගෙන් කොටසක්.

සේයා රූ - සාලිය රූපසිංහ/සුමනචන්ද්‍ර ආරියවංශ/නිශ්ශංක විජේරත්න

 

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.