Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

68 වන කොටස

බණ්ඩාර මඩුගල්ලේ

294) මාතරං පිතරං හන්ත්වා - රාජානො ද්වේ ච ඛත් තියෙ
රට්ඨං සානුචරං හන්ත්වා - අනීඝෝ යාති බ්‍රාහ්මණො

මහ පැණැති තැනැත්තෝ - සසර මග දික් කරන – තණ්හාව ආදී වූ - සියලු දේ නැති කරති.
හිතවතුනි, ජීවිතේ – ජය ලබනු කැමැති නම් - සියලු බාධක මකා - ඉදිරියට යා යුතුය

295). මාතරං පිතරං හනත්වා - රාජානො ද්වේ ච සොත්ථියෙ
වෙය්‍යග්ඝ පඤ්චමං හන්ත්වා - අනීඝො යාති බ්‍රාහ්මණො

නැණැති වූ තැනැත්තෝ - සසර දුක් ඇති කරන – හැම හේතු නිමා කොට – නිවන වෙත යන්නෝ ය.
හිතවතුනි, නිසැක ජය – ලබන්නට කැමැත්තෝ - දිවා රෑ නොසලකා - වෙහෙස වෙති දිරි ගනිති.

296) සුප්ප බුද්ධං පබුඡ්ඣන්ති - සදා ගොතමසාවකා
යෙසං දිවා ච රත්තෝ ද – නිච්චං බුද්ධං ගතාසති

දිවා රෑ බුදුන් ගුණ - සිහි කරන තැනැත්තෝ - සුවසේ නිදා ගනිති. – සුවසේම අවදිවෙති.
හිතවතුනි, නිසංසල - සිතක් ඇති තැනැත්තෝ - නිතර හරි මගම යති. නිසැක ලෙස ජය ලබති.

297) සුප්ප බුද්ධං පබුජ්ඣන්ති - සදා ගෝතමසාවකා යේසං
දිවා ච රත්තෝ ච – නිච්චං ධම්මගතා සති

දිවා රෑ දහම් ගුණ - සිහි කරන තැනැත්තෝ - දිවිය ගත කරන්නේ – පුබුදු වූ මනසකිනි.
හිතවතුනි, ගුණගරුක – කෙනෙකුගේ ජීවිතය – නිතර ජය කණුව වෙත යොමුවී ඇදෙන්නේය


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.