Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පහසුකම් අඩු විහාරස්ථාන වැඩි දියුණුවට


හුංගම බටඅත චේතියගිරි පුරාණ විහාරය වැඩි දියුණු කිරීම පිළිබඳ සන්නස් පත්‍රය විහාරාධිපති හිමියන්ට කථානායක චමල් රාජපක්ෂ මහතා පිළිගැන්වූ අවස්ථාව. ඡායාරූප :- හම්බන්තොට දිස්ත්‍රික් සමූහ වාර්තාකරු, පී. ඩබ්ලිව්. කොඩිතුවක්කු

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පහසුකම් අඩු විහාරස්ථාන වැඩි දියුණු කිරීමේ හා දහම් පාසල් නගා සිටුවීමේ වැඩපිළිවෙළක් දැන් ආරම්භ කොට තිබේ. එම දෙවැදෑරුම් වැඩපිළිවෙළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කථා නායක චමල් රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන් තිස්සමහාරාම රජ මහා විහාරස්ථානයෙන් ආරම්භ කෙරිණ.

බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි. 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනු ඇත.

වැඩපිළිවෙළේ තවත් විශේෂත්වයක් වෙන්නේ සෑම විහාරස්ථානයකම සෑම පුන් පොහෝ දිනයකදීම ගම්වාසීන් සහභාගී කරවා ගෙන විශේෂ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි. ඒ සඳහා පොලිසිය, සිවිල් ආරක්‍ෂක කමිටු ග්‍රාම නිලධාරීන්, ගුරුවරුන් ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රාදේශීය මහලේකම් කාර්යාල පූර්ණ අනුග්‍රහය දක්වනු ඇත. දිවි නැගුම ජාතික සවිය ගැමිදිරිය ව්‍යාපෘති ද මීට සහයෝගය දක්වති.

මේ වනවිට වැඩපිළිවෙළ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වෙමින් පවතින බව හම්බන්තොට දිස්ත්‍රික් බෞද්ධාගමික කටයුතු සමායෝජක ශාස්ත්‍රපති බැරගම විමලබුද්ධි හිමියෝ බුදුසරණට පැවසූහ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.