UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නිකවැරටිය ඓතිහාසික බුදුමුත්තාව රජමහා විහාරය


කිසා ගෝතමීයගේ මුතුහර තැන්පත් කර ඇති චෛත්‍යය

කිසාගෝතමීයගේ මුතුහර තැන්පත් කර ඇතැයි කියන නිකවැරටිය නගරයට ආසන්නව ඉදිකර ඇති නිකවැරටිය බුදුමුත්තාව රජමහා විහාරය මහසෙන් රජුගේ කාලයේ ඉදිකරන ලදැයි සැලකෙයි.


පැරණි බෝධින් වහන්සේ

නිකවැරටිය නගරයට කිලෝමීටර් 1 1/2 ක පමණ දුරකින් ඓතිහාසික බුදුමුත්තාව රජමහා විහාරය පිහිටා ඇත.

මෙම විහාර ස්ථානයට බුදුමුත්තාව යන නාමය ලැබීමට හේතු පිළිබඳව නොයෙකුත් දෙනා නොයෙක් ආකාරයෙන් මත ප්‍රකාශ කරති.

එයින් එක් කථාවක් නම් සිදුහත් කුමරුට නිබ්බුත පද කී කිසාගෝතමියට දුන් මුතුමාලය ශ්‍රී‍්‍ර ලංකාවට ගෙනවිත් තැන්පත් කොට තැනු වෙහෙර බුදුමුත්තා වෙහෙර නම් වූ බවයි.

මෙම කතාවෙන් ප්‍රකාශිත වන අදහස් තහවුරු කෙරෙන පුවතක් කඩඉම් පොතේ සඳහන්වන බව වත්මන් විහාරාධිපති හා පරිවෙණාධිපති වන්නි හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක දොඹගොල්ලේ ධම්මාරාම හිමියෝ පෙන්වා දෙති.

එම කඩඉම පොතෙහි අප බුදුන්ගේ මුක්තා ධාතුන් වහන්සේ පිහිට වූ දාගැබට වැඳ පුදා ‘ ස්වර්ග ලෝක සැප සිද්ධ කළ මැනවිය’ යනුවෙන් සඳහන් වන පාඨය අනුව මෙම ස්ථානයේ ඇති චෛත්‍ය මුතුහර මාලය තැන්පත් කොට ඉදි කළ බවට ප්‍රසිද්ධ වී ඇති කතාව හා බැදේ. කෙසේ හෝ මෙම විහාරස්ථානයට ඓතිහාසික පසුබිමක් තිබේ.


මහනුවර යුගයේ ඉදිකර ඇති සංඝාවාසය


විහාරාධිපති දොඹගොල්ලේ ධම්මාරාම නා හිමි

පොළොන්නරුවේ රජකළ ජයබාහු රාජ්‍ය කාලයේදී මෙම ස්ථානයේ ඊශ්වර දේවාලයක් තිබූ බවට ඇතැම්හු මත පළ කරන අතර වර්තමානයේ දැකිය හැක්කේ මහනුවර යුගයට අයත් ටැම්පිට විහාරයකි. මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කර ඇත. අදවනවිට චිත්‍ර කිසිවක් දක්නට නොමැත. එය කාලයේ ඇවෑමෙන් විනාශයට පත් වී තිබේ.

අද මෙම ටැම්පිට විහාර මන්දිරයේ දක්නට ඇත්තේ වියන් සිතුවම් කිහිපයක් පමණි.

මෙම විහාර ස්ථානයේ දක්නට ඇති මහනුවර යුගයේ තිබූ පැරැණි සංඝාවාසය අද පුරා විද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක වටිනාකමකින් යුතු ගොඩනැගිල්ලකි.

බුදු මුත්තාව රජමහා විහාර ස්ථානයේ ද්‍රවිඩ සහ පල්ලව අක්ෂරවලින් ලියන ලද සෙල්ලිපි තුනක් දක්නට ඇත. ඉන් දෙකක් පැරැණි ටැම්පිට විහාර මන්දිරයේ ගල්කණු දෙකක සටහන් වී තිබේ.


විහාර ස්ථානයේ දසුනක්

ක්‍රි.ව. 1763 - 1764 වර්ෂයන්ට අයත් කාලය තුළ ප්‍රදානය කෙරුණු තඹ සන්නසක්ද විහාර ස්ථානය සතුව පවතී.


පැරණි ටැම්පිට විහාරය

කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් මෙම විහාර ස්ථානය පරිත්‍යාග කරන ලද පුස්කොළ පොත්විශාල සංඛ්‍යාවක් අද සංඝාවාසයේ අල්මාරි දෙකක සුරක්ෂිතව තැන්පත් කර ඇත. කීර්කි ශ්‍රී රාජසිංහ රජු දවස මෙම විහාරය වල්බිහි වී ජරාවාස වී තිබී රජුගේ අනුග්‍රහය ඇතිව නැවත ප්‍රතිසංස්කරණය කරන ලද බව සන්නසේ සඳහන් වෙයි.

 

 

 

 

 

 

ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 09 වන දා බදාදා අපරභාග 11.20 ට ලබයි.
11 වන දා පූර්ව භාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 10 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය නොවැම්බර් 18 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

New Moonඅමාවක

නොවැම්බර් 24

First Quarterපුර අටවක

දෙසැම්බර් 02


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]