UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

“ඕ පොසිටිව්” වර්ගයේ පෙනහැල්ලක් ඉතා ඉක්මනින් අවශ්‍යව ඇතැයි ඉල්ලීමක් කැරේ. 071 2786078 යන දුරකතන අංකයෙන් වැඩිවිස්තර දැනගත හැකිය.


අංක 75 ඒ, අවරිය වත්ත, අලුබෝමුල්ල පදිංචි ආර්.එම්.කොයින් මැණිකේ මහත්මිය හෘද රෝගයෙන් පෙලෙන බැවින් වෛද්‍ය සැත්කමක් කළ යුතු බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය ජී.එස්. හෙට්ටිආරච්චි මහතා නිගමනය කර ඇත. වෛද්‍ය සැත්කම සඳහා රුපියල් ලක්‍ෂ පහමාරක් පමණ වේ. ජනාධිපති අරමුදලෙන් ලක්‍ෂ එකහමාරක් ලැබෙන අතර ඉතිරි මුදල් ඇයට සොයා ගැනීමට අපහසු බැවින් පානදුර මහජන බැංකුව ප්‍රධාන කාර්යාලය, ගිණුම් අංකය 148 207 057 4581


මිනුවන්ගොඩ ගල්ලොළුව “කල්‍යාණී” නිවසේ පදිංචි මිනුවන්ගොඩ, ජාපාල ජනාධිපති විදුහලේ සේවයේ නියුක්තව සිටි ඩබ්ලිව්. ඩබ්ලිව්. සන්ධ්‍යා සේපාලි ගුරු මාතාව දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා විසින් නිර්දේශ කර ඇති හෙයින් “බී පොසිටිව්” ගණයේ රුධිරය ඇති පරිත්‍යාගශීලියකුගෙන් වකුගඩුවක් අයැද සිටින ඒ ගුරු මාතාව සිය වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් වැය කිරීමට සිදුවන විශාල මුදල පිරිමසා ගැනීම සඳහා පරිත්‍යාගශීලීන්ගෙන් ආධාර හා සහාය පතයි. එසේ මුදල් ආධාර පිරිනැමීමට කැමති පරිත්‍යාගශීලීන් මිනුවන්ගොඩ ජා.ඉ.බැංකු ශාඛාවේ ඇති අංක 100980219614 ගිණුමට බැර කරන මෙන් ඉල්ලීමක් කැරේ. දුරකතන අංක 011 2295178, 033 5689188, 0777 213338, 072 6167004 වේ.


පොළොන්නරුව නෙළුම්විල අංක 312/4 ලිපිනයේ පදිංචි ඩී.එම්. රණසිංහ මහතා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. පොළොන්නරුව මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එම්.සී.බී. අබේසිංහ මහතා රණසිංහ මහතාට “ඕ” හෝ “ඒ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කරන ලෙස දැනුම් දී ඇතැයි ද “ඕ” හෝ “ඒ” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතෙක් සිටී නම් 077 4646500 හෝ 0710 – 464500 (නිර්මාල්) යන දුරකතන අංක වලට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරේ.


අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොටසේ මහ ඉදිගොල්ලාගම ගමේ පදිංචි ඩී.එම්.කේ.බී. ධර්ම කීර්ති දිසානායක මහතා එක් දරු පියෙකු වන අතර වකුගඩු රෝගය වැළඳී ඇතැයි ද ඔහු ජීවත් කර වීමට නම් ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බැව් මහනුවර මහ රෝහලේ වකුගඩු අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායම නිර්දේශ කර ඇතැයි ද කියති. “ඒ” හෝ “ඕ” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයකු වේ නම් පහත සඳහන් දුරකතන අංක වලට අමතන ලෙස ඉල්ලීමක් කැරේ. 072 5560128, 071 1419462 දුරකථන අංක වේ.


ගල්ගමුව, අතරගල්ල නො.140 පදිංචි ඩබ්ලිව්. පී.සුරංජි දිනුෂිකා (29) වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කල යුතු යැයි වෛද්‍ය නිර්දේශය වී ඇතැයි කියති. එබැවින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් 0722225303 , 0774699276 දුරකථන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


හුණුමුල්ල එගොඩවත්ත පාර, නො. 100/3 හි පදිංචි 51 වන වියේ පසුවන එළිසබෙත් පීරිස් මහත්මියගේ අසනීප තත්ත්වය අනුව වකුගඩුවක් බද්ධ කිරීමට ලංකා රෝහලේ වෛද්‍ය සුජිත් සෝමයියා මහතා තීරණය කර ඇති බව කියයි. එම සැත්කම සඳහා “ඕ” ගණයට අයත් වකුගඩුවක් සොයා ගැනීමටත් ඔහු උපදෙස් දී ඇතැයි කියති. සැත්කම සඳහා විශාල මුදලක් වැය වන බවද ඊට අමතරව ලේ පිරිසුදු කිරීම සඳහා ද මුදල් අවශ්‍ය බවද පවසන අතර එතරම් මුදල් ප්‍රමාණයක් සොයා ගැනීමට අපහසු බැවින් එම මුදල් සොයා ගැනීමට සහ “ඕ” වකුගඩුවක් සොයා ගැනීමටත් පරිත්‍යාගශීලීන්ගේ සහාය අපේක්‍ෂා කැරේ. ජාතික ඉතිරි කිරීමේ බැංකුව ගිණුම් අංකය 1 – 000 – 05 – 3255- 0 මීගමුව ශාඛාව වන අතර දුරකතන අංකය 072 – 9697114 වේ.


රත්මලාන, ගාලු පාරේ අංක 2010 /1/1 දරන ලිපිනයේ පදිංචි ඩී.වික්‍රමසිංහ (55) මහත්මිය අසාධ්‍ය වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඇයට කඩිනමින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව මාලිගාවත්ත වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගනගේ මහතා පවසයි. ඇයගේ රුධිර ගණය ඕ පොසිටිව් වන අතර එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති හිමිනමක් හෝ පරිත්‍යාගශීලියකු සිටී නම් 2723291 , 0777 701930 දුරකථන අංකවලට හෝ ඉහත ලිපිනයට කඩිනමින් අමතන ලෙස ඇයගේ ස්වාමිපුරුෂයා වන සේනක වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටී.


අලුත්ගම දොරගමුව අංක 21 ඒ ලිපිනයේ පදිංචි යූ.එම්.ටී. වීරසේකර (29) මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන අතර ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා හැකි ඉක්මනින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ විශේෂඥ වෛද්‍ය එම්.වසීල් මහතා නිර්දේශ කර ඇතැයි කියති.

ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙකු වේ නම් 077 5871326, 0711 255350 දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස ඇය ඉල්ලීමක් කරයි.


නො. 18/155 හිලරියන් ෆාම්. මණ්ඩාවල යන ලිපිනයේ පදිංචි වික්‍රමසිංහ ආරච්චිලාගේ අජිත් කුමාර දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන හෙයින් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව කියයි. ඔහු 34 වියැති අවිවාහකයෙකි. ඔහුගේ රෝගී තත්ත්වය පරීක්‍ෂා කළ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇත්තේ ඔහුට “ඒ පොසිටිව්” හෝ “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බවයි. ලොතරැයි අලෙවියෙන් දිවි ගෙවූ ඔහුට වකුගඩුවක් සොයා ගැනීමද ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමද ඉතා අපහසු කාර්යක් බැවින් පරිත්‍යාගශීලිකුගෙන් වකුගඩුවක් ලබා ගැනීමට අපේක්‍ෂා කැරේ. එසේම ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා ආධාර කිරීමට කැමති පරිත්‍යාගශීලීන් වෙතොත් ඩබ්ලිව්.ඒ. අනිල් නිශාන්ත වන ඔහුගේ සොහොයුරාගේ නමින් කඩවත සෙලාන් බැංකු ශාඛාවේ ඇති අංක 0280 – 01698392 – 101 ගිණුමට බැර කරන මෙන් ද ඉල්ලීමක් කැරේ. දුරකථන අංකය – 072 5435136, 0755972228 ගිණුම් අංකය, 0280 – 016 98 392 – 101 (සෙලාන් බැංකුව, කඩවත ශාඛාව) වේ.


මැල්සිරිපුර, කොස්වත්ත, මුදුගල පදිංචි ඩබ්ලිව්.ඒ.සුරවීර මහතා වකුගඩු දුර්වලවීමේ රෝගයෙන් පෙළෙන බැවින් ඔහු සුවපත් කිරීමට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අපේක්‍ෂා කැරේ. පරිත්‍යාගශීලියකු වෙතොත්, 0772722988, 072 9411180 යන දුරකතන අංක වෙතින් විමසන ලෙස ඉල්ලීමක් කැරේ.

ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 09 වන දා බදාදා අපරභාග 11.20 ට ලබයි.
11 වන දා පූර්ව භාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 10 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය නොවැම්බර් 18 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

New Moonඅමාවක

නොවැම්බර් 24

First Quarterපුර අටවක

දෙසැම්බර් 02


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]