UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පෝදා පින්කම්

උයන්වත්ත වාලුකාරාමය

පෝදා පෙරවරු 6.30 සිල්සමාදන් කරවීම ශාස්ත්‍රවේදී බඹරැන්දේ රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි පෙ.ව. 7.00 ට බුද්ධ පූජා වන්දනාව ශාස්ත්‍රවේදි රොටුඹ සෝමරතන හිමි . 8.00 ට ගුවන්විදුලි ධර්ම දේශනාව, පෙ.ව. 10.30 ට බුද්ධ වන්දනාව මොරවක, ධම්මරතන හිමි. 11.30 ට දවල් දානය, ප.ව. 1.00 සෙත් පිරිත් සජ්ජායනාව . 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති කැළනියේ අජිත හිමි. 4.00 ට ධර්ම දේශනාව බෙංගමුවේ චන්ද්‍රරතන හිමි. 7.00 ට අටවිසි බුද්ධ පූජාව හිත්තැටියේ සමිත හිමි.


මාතර සිරි වජිරඤාණ ධර්මායතනය

පෝදා පෙරවරු 6.00 ට සිල් සමාදන් කරවීම ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑනේ සුවිනීත හිමි. 7.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති පණ්ඩිත හත්තොටුවේ ඉන්ද්‍රරතන හිමි, 10.00 ට ධර්ම දේශනාව,ශාස්ත්‍රපති මොරගල්ලේ සුමණයෝගී හිමි. 11.00 ට බුද්ධ පූජාව, ප.ව. 1.00 බුද්ධ පූජාව, ප.ව. 1.00 සෙත් පිරිත් දේශනාව සෙවනගල සුසාරද , ගල්පමුණේ සුවන්ත ස්වාමින් වහන්සේලා 2.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත තලහගම ඤාණරතන හිමි. 3.30 ධර්මානුශාසනාව ශාස්ත්‍රපති පණ්ඩිත තෙලිජ්ජවිල සුසමාහිත හිමි. 6.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව ධර්මායතනාධිකාරි පණ්ඩිත හිමි.


මාතර ආරෝග්‍ය සේවා සංගමයේ 597 වන ගිලන් සංග්‍රහය

මාසිකව පැවැත්වෙන ගිලන් සංග්‍රහය පුන් පෝදා පස්වරු 3.30 ට මාතර මහ රෝහලේ නේවාසික රෝගීන්ට කිරි, බිස්කට්, සහ සිත්සුව ධර්ම පත්‍රිකා බෙදා දීම සිදු කෙරේ.


බෙලිගල

කෑගල්ල බෙලිගල ශ්‍රී විජයසුන්දරාරාම රජ මහා විහාරයේ කඨින පින්කම ඉල්පෝදා විහාරාධිපති දම්මල ධම්මාලෝක හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කෙරේ.


බත්තරමුල්ලේ සිරි සුදස්සනාරාමය

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සඳහම් සෙනසුනේ දී ඉල් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය උදෑසන 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනය ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස හිමි, 7.00 – 7.30 තෙරුවන් වන්දනාව 8.00 – 9.30 භාවනාව ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස හිමි, 9.45 – 10.45 ධර්මදේශනාව, හංවැල්ලේ ධම්මාලෝක නාහිමි, 11.00 – 11.30 තෙරුවන් වන්දනාව, පස්වරු 12.30 –1.00 සූත්‍ර සජ්ඣායනාව , අළුත්වෙල ධම්මසති හිමි, ධම්මජෝති හිමි,1.00 – 2.00 ධර්මදේශනය උණවටුනේ රාහුල තිලක හිමි, 2.00 –3.30 ධර්ම සාකච්ඡාව , ශාස්ත්‍රපති රණස්ගල්ලේ ඤාණවීර හිමි, 4.00 – 5.00 ධර්මදේශනය අළුත්වෙල ධම්මසති හිමි, 5.00 – 6.00 ධර්මදේශනය ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස හිමි.

ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියන් විසින් රචිත ප්‍රඥා ප්‍රභා සංවිධානය මගින් ප්‍රකාශයට පත්කරනු ලබන ධර්ම ග්‍රන්ථයක් මෙදින ද ධර්ම දානයක් ලෙස පරිත්‍යාග කෙරේ.


අනුරාධපුර මහා විහාරය

2600 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේ මහාවිහාර ඉල් පුන් පොහොය වැඩ සටහන ඉල් පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ.

පුන් පොහෝ දිනවල අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයට පෙහෙවස් සමාදන් වීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ජය සිරි මහ බෝ සමිඳුන් සෙවණේ දී පැවැත්වෙන විධිමත් පුන් පොහොය වැඩසටහන් මාලාවේ 35 වැනි පුන් පොහොය වැඩසටහන මෙය වේ. ඉල් පුන් පොහෝ දින පෙරවරු 8.00 ට මහාවිහාර සන්නිපාත ශාලාවේදී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය පැවැත්වේ. මෙම ඉල් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත්වේ. පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුන්ට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදි පහසුකම් අටමස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි දානපතියන් විසින් සලසා දෙනු ලැබේ.

ඉල් පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී විශේෂ භාවාන වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේදී එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් පුරා පැය දෙකක් මෙම භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය වැඩිහිටි සීල සමාදානය

මහරගම වජිරඤාණ ධර්මායතනයේදි ඉල් පුර පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය.

පෙරවරු 06.00 – 07.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව, කඩවත සමින්ද හිමි, 08.00 –9.00 භාවනාව, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 09.00 – 10.00 ධර්මදේශනාව- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමි, 10.00 –11.00 අභිධර්ම කතාව , පියදාස මුතුගම මහතා, 10.00 –11.15 බුද්ධ පූජාව, බියගම කමලධම්ම හිමි, සැලගමුවේ මංගල හිමි,

පස්වරු 12.30 – 12.35 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව ,12.35 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ අංපිටියේ සද්ධාවාස හිමි, බංග්ලාදේශයේ සුමනවංශ හිමි, 01.00 – 02.00 ධර්ම සාකච්ඡාව, ගල්කිස්සේ සෝමානන්ද හිමි, 02.00 –03.00 ධර්ම දේශනාව -ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි, 03.00 -03.30 විශේෂ අනුශාසනාව, රත්මලාන මල්ලිකාරාමාධිපති අතිපූජ්‍ය වැලිගම ඥානරතන මහ නා හිමි, 04.00 – 05.00 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති පණ්ඩිත තිරිකුණාමලයේ ආනන්ද අනු නා හිමි, 05.00 – 06.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 06.00 – 06.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


බොරැල්ලේ ශ්‍රී ගෝතමි විහාරය

බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරස්ථානයේ මාසිකව සිදු කරනු ලබන සීල සමාදානය ඉල් පොහොය පින්කම් විහාරස්ථදායක සභාව සහ ආර්ය මහිලා සිමිතිය මෙහෙයවීමෙන් පැවැත්වේ. පෙරවරු 6.00 සීල සමාදානය හා අනුශාසනාව කටුගහ පියදස්සී හිමි. 6.30 ට සම්බුද්ධ පූජාව නිරෝෂන් පරණවිතාන මහතා ගේ දායකත්වයෙන් 8.15 භාවනාව ආටිගල අමිතදේව හිමි. 9.30 බුදුසරණ පුවත්පත බෙදාදීම හසිත දියබලනගේ සහ තිලංක දියබලනගේ සොහොයුරන් විසින් 10.00 ධර්ම දේශනාව බුන්දල සද්ධාසීල හිමි, පස්වරු 1.30 ධර්මදේශනාව අමිබුලුගල සුමංගල හිමි . 3.00 ධර්ම දේශනාව පොල්ගම්පල සුධම්මවංස හිමි. 4.30 ට ධම්මපදය ඇසුරෙන් ධර්ම දේශනාව වෙරළුගොල්ලේ උදයනන්ද හිමි. 6.00 සීල පවාරණය හා අටවිසි බුද්ධ පූජාව ඉරිදා,සඳුදා, සිකුරාදා, සවස 6.00 සැමට සෙත්පතා පිරිත් සජ්ඣායනාව තෙල්වත්තේ නාගිත ස්වාමීන්වහන්සේ විසිනි.


කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී ඉල්පෝදා දවස පුරා පින්කම් රැසක් ඌව විශ්වවිද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම, මල් පහන්, ගිලන්පස, කිරි ආහාර පූජාව, හේවිසි ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍යය වටා ෂඩ්වර්ණ සාටකයක් පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.

භාවනා වැඩසටහන චෛත්‍යය මලුවේ පැවැත්වේ. උදේ ධර්ම දේශනාව කඹුරුපිටිය සපුගොඩ විද්‍යා නිකේතන විද්‍යායතනයේ පරිවේණාචාර්ය ශාස්ත්‍රාචාර්ය කිරින්දේ උදිත හිමියන් විසින් අටවිසි බෝ මලුවේ දී පැවැත්වේ. සවස කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කර බෝධීන් වහන්සේ සුවඳ පැණින් නැහැවීමෙන් අනතුරුව බෝධිපූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසින් සිදුකර ශ්‍රී ලංකාවාසී සැමට සෙත්පැතීම සිදු කෙරේ. රාත්‍රී 07.00 ට කිරිවෙහෙර අටවිසි බෝ මළුවේ දී අටවිසි බුදුවරුන් වෙනුවෙන් මල් පහන් ගිලන්පස පූජා කර බෝධි පූජාව පැවැත්වේ.

කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් දස දහසක ආලෝක පූජාව පැවැත්වෙන අතර සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව පසුදා පහන්වනතුරු විහාරස්ථ ධර්මශාලාවේ දී පැවැත් වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක, කතරගම බෞද්ධ සංගමය, ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය, මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.


බම්බලපිටියේ වජිරාරාමය

බම්බලපිටියේ වජිරාරාමයේදී ඉල්පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය.

පෝදා පෙරවරු 06.00 – 07.15 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව, සිරිවජිරාරාමාධිපති, රාජකීය පණ්ඩිත, ත්‍රිකුණාමලයේ ආනන්ද අනුනා හිමි, 08.00 –09.00 ධර්ම දේශනාව, සිරිවජිරාරාම දහම් පාසලේ උප ප්‍රධානාචාර්ය මීගොඩ සුඛිත හිමි, 09.00 –09.30 ධර්මදේශනාව, අග්ග මහාපණ්ඩිත අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහනා හිමි, 09.30 –11.00 භාවනාව සහ අනුශාසනාව - ගම්පහ පාසාදිත හිමි, 11.00 –11.15 බුද්ධ පූජාව - සිරිවජිරාරාමවාසී පැරකුම්පුර විශාරද හිමි,

පස්වරු :- 12.30 – 01.15 සෙත්පිරිත් සහ තෙරුවන් ගුණ සජ්ක්‍ධායනය - සිරිවජිරාරාම දහම් පාසැල් ප්‍රධානාචාර්ය කඹුරුගමුවේ මහානාග හිමි, 01.15 –02.45 ධර්ම සාකච්ඡාව - මෙත්තාරාම වාසි උස්ගොඩ ධම්මගරු හිමි, 03.00 –04.00 ධර්ම අනුශාසනාව, දියතලාවේ පියදස්සී හිමි, 04.00 – 05.15 ගිහිදේශනය :- ශ්‍රී ලංකා මහ බැංකුවේ සුභසාධක අධ්‍යක්‍ෂක කේ.පී.එන්. එස්. කරුණාගොඩ මහතා.05.15 -06.15 ධර්ම අනුශාසනාව කොළඹ 07 , නාරද මන්දිර වාසී රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි, 06.15 – 06.45 අටවිසි බුද්ධ පූජාව, සිරිවජිරරාම වාසි ස්වාමීන් වහන්සේලා.


කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10 කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම යේ දී ඉල්පුර පොහොදා ශීල, භාවනා, ධර්මදේශනා පින්කම් මාලාවක් බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය තලල්ලේ, සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 06.00 – 6.30 දක්වා උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිකාරි ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7.00 – 7.30 ට සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම .තලල්ලේ සිරිමහින්ද නාහිමි. 8.00 – 9.00 භාවනා වැඩසටහන, මෙහෙයවීම රජවත්තේ වප්ප හිමි, 9.15 – 10.15 දක්වා ධර්ම දේශනය, ගොඩපිටියේ ඉන්දානන්ද හිමි. 10.15 – 11.00 සම්බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.30 –12.45 සෙත්පිරිත් සජ්ඣායනාව විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ සාමාජිකාවන් ගේ සහභාගිත්වයෙනි. 1.00 – 2.00 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම, තලල්ලේ සිරිමහින්ද නාහිමිගේ් ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 – 3.00 භාවනා වැඩසටහන තලල්ලේ සිරිමහින්ද නාහිමි, 3.15 – 4.15 ධර්ම දේශනය ජයශේඛරාරාමවාසී ගැට්ටුවානේ සුමේධ හිමි. 4.30 – 5.30 ධර්ම දේශනය තලල්ලේ ධම්මදේව හිමි. 6.00 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි. 6.45 – 7.45 මල්පහන් ගිලන්පස සහිත සම්බුද්ධ පූජාව හා අටවිසි පූජාව .8.00 –9.00 ට රාත්‍රි ධර්ම දේශනය.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ , වැලිපාර, සංඝමිත්තාරාමයේදී ඉල් පුන් පොහෝ දින අළුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පවත්වනු ලබන අතර, පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල භාවනා, ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ.

පෙරවරු 8.00 - 9.30 පිළියන්දල සංඛපාලි දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක්ද 9.45 – 11.00 පානළුවේ සතීමා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනකින්ද 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.30 සිට 1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 සිට 2.15 දක්වා පිළියන්දල සංඛපාලි දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහන 2.30 – 3.30 මීගොඩ උත්තරා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහන 3.30 –4.30 කුරුවිට සමාධි දසසිල් මාතාව විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවකි.

අනතුරුව තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදුකෙරේ. සවස 6.00 ට මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ.


මහරගම තරුණ සීල සමාදාන වැඩසටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදානය මෙහෙයවන ඉල් පෝදා වැඩසටහන මෙසේ ය.

පෝදා පෙරවරු, 06.00 – 07.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ලග්ගල අසම හිමි, 08.00 – 09.00 භාවනාව, වැලිමඩ පසන්නමානස හිමි, 09.00 – 10.00 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති දලුගම සමිතඤාණ හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය, ධර්ම දේශනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු, 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ, සුල්තානාගොඩ සුමේධ හිමි, 01.00 – 02.00 ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 02.00 – 03.00 විශේෂ දේශනය – ආචාර්ය ගාමිණී රත්න ශ්‍රී මහතා, 03.00 – 04.00 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති ඕමල්පේ සුමනරතන හිමි, 04.15 – 05.00 ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 05.00 – 06.00 ධර්ම දේශනාව, දියතලාවේ පියදස්සි හිමි, 06.00 – 06.30 බෝධි පූජාව මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.


සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනය

සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනයේදී ඉල් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය

පෝදා පෙරවරු - 6.30 –7.00 සිල් සමාදන් කරවීම අනුශාසනාව හා බුද්ධ පූජාව අතුල දස්සනාරාමවාසී රතන හිමි 8.00 –9.00 ධර්ම දේශනාව වේරගල සුජාත හිමි , 9.00 –10.00 ධර්ම දේශනාව බොරැල්ල කොටා පාරේ පොත්ගුල් විහාරවාසී පියදස්සි හිමි 10.15 – 11.15 ධර්ම දේශනාව දෙනගම සිරිසුමන හිමි 11.15 –11.30 බුද්ධ පූජාව,

පස්වරු 12.30 – 1.00 පිරිත් සජ්ඣායනාව 1.00 – 1.45 ධර්ම සාකච්ඡාව භද්‍රා ගුණතිලක මහත්මිය , 2.00 – 3.00 ධර්ම දේශනාව කල්‍යාණී ධර්මාශ්‍රමවාසී කඩවැද්දුවේ පේමරතන හිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව ඕමල්පේ සෝමානන්ද හිමි .


බෞද්ධයා මාධ්‍ය ජාලයේ හා ශ්‍රී සම්බෝධි විහාරයේ ඉල් පොහොය සජීව විකාශය

අලුයම 6.00 ට කිරි ආහාර පූජාව සමගින් විකාශනය ආරම්භ වීම පෝදා පෙරවරු 6.00 – 7.15 සීල සමාදානය බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව, මෙහෙයවීම :- “බෞද්ධයා” රූපවාහිනී නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති ඉංගී‍්‍රසි දහම් පාසලේ විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 –9.00 :- ධර්ම දේශනාව , දේශකයාණන්වහන්සේ :- තලල්ලේ චන්දකිත්ති හිමි, 9.30 – 10.30 ධර්මදේශනාව, දේශකයාණන්වහන්සේ :- ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, 11.00 – 11.30 සම්බුදු පූජාව, මෙහෙයවීම –ඕමාරේ සෝමිස්සර හිමි.

පස්වරු 1.00 – 2.00 දම්සභා මණ්ඩපය , මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, පාර්ලිමේන්තුවේ හිටපු කථානායක , සබරගමු පළාතේ ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර මැතිතුමා , මෙහෙයවීම –නීතිඥ ශෂික ජයතිලක මහතා .2.00 – 3.00 භාවනාව, මෙහෙයවීම දොඩංදුවේ සිරිකර නාහිමි, 3.30 – 4.30 ධර්මදේශනාව, දේශකයාණන් වහන්සේ :- දිවියාගහ යසස්සි නා හිමි, 4.30 – 5.30 –ධර්මදේශනය , දේශකයාණන් වහන්සේ :- පිටිදූව ධම්මික හිමි, 5.30 – 6.00 කෙටි අනුශාසනාව , සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය මෙහෙයවීම මහරගම පදුම හිමි.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේදී ඉල් පෝදා දවස පුරා ආගමික වතාවත් සිදු කැරේ. පෝදා පෙරවරු 6. 30 – 7. 30 සීල සමාදානය මෙහෙයවීම හා තෙරුවන් වන්දනාව පනාපිටියේ විජිතනන්ද හිමි 8 – 9. 45 දහම් දෙසුම ගම්පහ සිරිසීවලී හිමි 10 – 11. 15 දහම් දෙසුම බඹරගස්කන්දේ සෝමානන්ද හිමි පස්වරු 1 – 3 දහම් දෙසුම පුලියැද්දේ සුධම්ම හිමි 3. 15 – 4. 15 දහම් දෙසුම බටුවන්ගල රාහුල හිමි 4. 30 – 5. 30 දහම් දෙසුම පරගස්තොට සුධම්ම හිමි 5. 45 – 7. 30 දහම් දෙසුම පිටිගල ධම්මවිනීත හිමි 7. 45 කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව 8 පානදුරේ අරියධම්ම හිමියන් මෙහෙයවූ බෝධි පූජාව ( පටිගත කළ එකකි )


හුණුපිටිය

වත්තල හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරයේ දී ඉල් පෝය දින පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා, ධර්මදේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.30 ධර්මදේශනාව ගාල්ලේ සුධම්මචාරි සිල්මාතාව 9.30 ධර්මදේශනාව දළුගම සමිතඤාණ හිමි 1.00 ධර්මදේශනාව බුත්කන්දේ රතනජෝති හිමි පස්වරු 2.00 ජාතක කථාව හුණුවල පියදස්සි හිමි 3.00 භාවනාව වෑගල්ලේ රාහුල හිමි 4.00 ධර්ම දේශනාව වේවැල්දූවේ ධම්මකිත්ති හිමි 5.00 සිල් නැවත සමාදන්කරවීම, පවරණය හා වතාවත් ප.ව. 6.00 අටවිසි බුද්ධ පුජාව 7.00 රාත්‍රි කඨිනානිශංස ධර්මදේශනය වලවෙල හේමානන්ද මාහිමි රාත්‍රී 8.00 සිට අළුයම 6.00 දක්වා ත්‍රිපිටකය ඇසුරින් ධර්ම සාකච්ඡාව හා භාවනාව කහනාවිට සමිතධම්ම හිමි.


හොරේතුඩුව

මොරටුව හොරේතුඩුව පුරාණ ශ්‍රී ගංගාරාම මහා විහාරස්ථානයේදි විහාරාධිපති වැලිගම අනුරුද්ධ හිමියන්ගේ අනුශාසනා පරිදි ඉල්පුර පොහෝදා පැවැත්වෙන සීල සමාදානය පින්කම මෙසේය.

06.00 සිල් සමාදන් කරවීම සහ තෙරුවන් නැමදීම, වැලිගම අනුරුද්ධ හිමි, 08.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති තලංගල්ලේ රතන හිමි, 09.00 අරලියගහ මන්දිරයේ සිට විකාශනය වන රූපවාහිනි ධර්ම දේශනාව, 10.15 භාවනා වැඩසටහන මෙහෙයවීම හිරණ ප්‍රජාපතී ශීලමාතාශ්‍රමයේ අධිපතිනි මහියංගනයේ විශාකා සිල් මෑණියෝ 11.00 දවල් සම්බුද්ධ පූජාව,

පස්වරු 01.00 සාමුහික පිරිත් දේශනාව 02.00 විශේෂ ගිහි දෙසුම , ප්‍රවීන දේශක අත්තිඩියේ නිහාල් පෙරේරා මහතා , 04.00 ධර්ම දේශනාව, අත්තුඩාවේ ඉන්දරතන නාහිමි, 05.00 සිල් පවාරණය තෙරුවන් නැමදීම, සහ බෝධි පූජාව.

සේනාධිනායක ශ්‍රී රෝහන ජන රංජන ශ්‍රීමත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් ප්‍රධාන ශ්‍රී ලංකා ජන රජයට සෙත් පැතීමත් රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමත් සිදු කෙරේ.


කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනයේදි ඉල් පෝ දින පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය.

පෝදා පෙරවරු 6.30 සීල සමාදානය, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව, මෙහෙයවීම, සිරි ගුණසේකර, ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නාහිමි, 8.00 කවි බණ, රන්සෑගොඩ සුමිත්ත හිමි, 9.30 භාවනාව, මෙහෙයවීම, බියගම සුසීල හිමි, 10.30 ධර්ම දේශනය හටංගල අමරවංශ හිමි, 11.45 දවල් සම්බුද්ධ පූජාව, මෙහෙයවීම,රම්මලේ අරියවිසුද්ධි හිමි, පස්වරු 1.00 පිරිත් සහ තෙරුවන් ගුණ , 1.30 විශේෂ දෙසුම , වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා, 3.00 විශාඛා කුළඟන සමිතියේ විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා 3.15 ධර්ම දේශනය රම්මලේ අරියවිසුද්ධි හිමි, 4.15 ධර්ම දේශනය ,කොහොලංකල කෝවිද හිමි,

මෙදින බුදුසරණ, පුවත්පත ධර්මදානය වශයෙන් බෙදාදීමෙන් දායකත්වය ලබන්නේ ඉන්ද්‍රානි කුරුප්පුආරච්චි මහත්මිය සහ රේණුකා තුඩුවවත්ත මහත්මියයි.


මීගොඩ

මීගොඩ භාවනා භික්‍ෂු මධ්‍යස්ථානයේදි ඉල් පොහෝ දින උදේ සිල්සමාදන් කරවීම, බුද්ධ වන්දනා , බුද්ධ පූජා, පිරිත් දේශනාව, ශීලවර්ජනාව, භාවනාව, බුද්ධ පූජාව , ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡා, භාවනා ධම්ම පද ගාථා ආදි වැඩසටහන් රාශියක් පැවැත්වේ.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතිය මගින් ඉල් පුර පසලොස්වක පොහෝ දින පවත්වනු ලබන පින්කම් මාලාව මෙසේය.

පෝදා පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 භාවනා වැඩසටහන, උපුල්වල ශාසන සුමණ හිමි, 9.15 ධර්ම දේශනය , 10.30 බුද්ධ පූජාව

පස්වරු 1.00 ධර්ම දේශනය , 2.15 ධර්ම දේශනය 4.00 ධර්ම දේශනය උපුල්වල ශාසන සුමණ හිමි, 5.00 බෝධි පූජාව, 6.00 සිල් පවාරණය


මාතර තරුණ බෞද්ධ සමිතිය

පෝදා පෙරවරු 6.30 සීල සමාදන් කරවීම, දෙහිගස්පේ සිරිවිමල හිමි, 8.00 සීල ආවර්ජනාව, කාවින්ද සිරිවර්ධන මහතා, 9.30 විදර්ශනා මාර්ගය, කම්මට්ඨානාචාරිනි චන්ද්‍රා රණතුංග මාතාව, 10.30 බුද්ධ වන්දනාව .ශාස්ත්‍රපති පණ්ඩිත පැළෑනේ සුවිනීත හිමි. ප.ව. 2.00 විශේෂ ධර්මදේශනාව ගම්මැදගම චන්ද්‍රජෝති හිමි. 3.00 ධර්ම සාකච්ඡාව කිවිපති මාර්ටින් ජයවර්ධන මහතා. 4.00 රණවිරුවන්ට සෙත් පතා පිරිත් සජ්ජායනාව, කැකණදුර හේමාලංකාර හිමියන්ගේ අනුශාසනා පරිදි 5.00 සිල් පවාරණය හබරත්වල සෝභිත හිමි.

 

ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 09 වන දා බදාදා අපරභාග 11.20 ට ලබයි.
11 වන දා පූර්ව භාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 10 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය නොවැම්බර් 18 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

New Moonඅමාවක

නොවැම්බර් 24

First Quarterපුර අටවක

දෙසැම්බර් 02


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]