Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

2600 වසරක් ගතවන විටත් නොනවතින තථාගත ආශ්චර්යය

එමෙන්ම තථාගතයන් වහන්සේගේ සව¢ඥ ධාතූන් වහන්සේලා විවිධ අවස්ථාවල පෙලහර පා ඇති බව ශාසන ඉතිහාසය තුළ අනන්ත වාර ගණනක් සඳහන් වේ. එමෙන්ම වර්‍තමානයේ දී ද සිදුවන බව විවිධ අවස්ථාවල වාර්තා වේ. වම් දළදා වහන්සේ කලිඟු රට වැඩ වසන විට සිදු කරන ප්‍රාතිහාය¸යන් පිළිබඳව දාඨාවංශය වැනි ග්‍රන්ථයන් පිරික්සීමෙන් පසක් වේ.


ලෝකයේ මෙතෙක් පහළ වූ ආශ්චර්යමත්ම උත්තරීතරම මනුෂ්‍ය රත්නය අප තිලෝගුරු තථාගත අරහත් ලොව්තුරා බුදු රජාණන් වහන්සේය. උන්වහන්සේ ප්‍රාතිහාර්ය ඤාණ තුනකින් සමන්තාගත වූහ. එනම් ආදේශන, ප්‍රාතිහාර්යය, අනුශාසනා ප්‍රාතිහාර්යය හා ඉර්ධිප්‍රාතිහාර්යයි. අනුන්ගේ සිත් සතන් කියවා බලා දහම් දෙසීම ආදේශන ප්‍රාතිහාර්ය නම් වේ. අනුශාසනා ප්‍රාතිහාර්ය නම් වන්නේ ශ්‍රී සද්ධර්මය විස්තරාත්මකව විභාග කොට දහම් දෙසීමයි. සෘද්ධි ප්‍රාතිහාර්යය යනු උන්වහන්සේට තිබූ සුවිශේෂී හැකියාවන්ය. එනම් අහසින් ගමන් කිරීම, ජලයෙහි සක්මන් කිරීම, පොළොවෙහි කිමිදී වෙන තැනකින් මතුවීම සහ නොපෙනී ගමන් කිරීම ආදී සුවිශේෂී හැකියාවන්ය.

අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ උතුම් සම්බුදු පදවිය ලැබීමේ උත්කෘෂ්ඨ අභිමානවත් මොහොත සිදුවන්නේ මෙයට වසර දෙදහස් හයසියයකට පෙරය. එමෙන්ම උන්වහන්සේ මහා පරිනිර්වාණයට පත්වී වසර 2555 ක් ගතවී ඇත. එහෙත් උන්වහන්සේගේ ආශ්චර්යයන් අදටත් අපට දැක ගැනීමට ලැබීමෙන් පසක් වන්නේ උන්වහන්සේ තුළ තිබූ මහා ආශ්චර්යත්මක බලයයි. ශාසන ඉතිහාසය පුරාවටම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යයන් විද්‍යාමාන වේ. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව එම ආශ්චර්යයන් සිදු වන්නේ තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තුළිනි. ඉතාමත්ම ප්‍රසිද්ධ කාරණයක් වන්නේ දුටුගැමුණු මහරජතුමා විසින් ඉදිකරන ලද ස්වර්‍ණමාලි චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භය තුළ ද්‍රෝණයක් පමණ සව¢ඥ ධාතූන් වහන්සේලා නිදන් කරන මොහොතේදී දුටුගැමුණු මහ රජතුමා එම ධාතූන් වහන්සේලා සිය දෝතට ගත්විට අහසට පැන නැඟ බුද්ධ ශරීරයක් මවාගෙන යමාමහ පෙළහර පෑ බව ඉතිහාස ග්‍රන්ථවල දැක්වේ. සමහර විට එම අවස්ථාවල අප එම ආශ්චර්යයන් සියසින්ම දුටුවා වුවත් අද වන විට ඒවා අවිශ්වාස කරන තත්ත්වයට පත් වී තිබීමට පුළුවන.

එමෙන්ම තථාගතයන් වහන්සේගේ සව¢ඥ ධාතූන් වහන්සේලා විවිධ අවස්ථාවල පෙලහර පා ඇති බව ශාසන ඉතිහාසය තුළ අනන්ත වාර ගණනක් සඳහන් වේ. එමෙන්ම වර්‍තමානයේ දී ද සිදුවන බව විවිධ අවස්ථාවල වාර්තා වේ. වම් දළදා වහන්සේ කලිඟු රට වැඩ වසන විට සිදු කරන ප්‍රාතිහාය¸යන් පිළිබඳව දාඨාවංශය වැනි ග්‍රන්ථයන් පිරික්සීමෙන් පසක් වේ. මුලින්ම එහි රජතුමා කිණිහිරකින් දළදා වහන්සේ විනාශ කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේ උන් වහන්සේ කිණිහිර පසාරු කරගෙන ඇතුළට ගිය ආකාරය විශ්මය ජනකය. ඉන් අනතුරුව එය අපිරිසුදු වළකට දමන ලද අවස්ථාවේ දළදා වහන්සේ අහසට පැන නැග බුද්ධ රශ්මි මාලාවන් විහිදුවා අහසේ ප්‍රාතිහාර්ය පෑ මොහොතේ රජතුමා හොඳටම බියපත් වී දළදා වහන්සේට පහතට වඩින ලෙස ආරාධනා කරන ලදී. ඉන් අනතුරුව උන්වහන්සේ රජතුමාගේ හිස මතට වැඩම කරන ලද අතර ඒ රජතුමා ඉතාමත්ම ප්‍රසාදයට හා පැහැදීමට පත් වී දළදා වහන්සේට පුද සත්කාර කිරීම ආරම්භ කරන ලදී. පසුව ලංකාවේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු පාලනය කරන සමයේ දන්ත කුමරු හා හේමමාලා කුමාරිය විසින් වම් දළදා වහන්සේ අප රටට වැඩම වන ලදී. ඉන් අනතුරුව උන් වහන්සේ විසින් සිදු කරන ලද ප්‍රාතිහාර්යයන් මෙතෙකැයි කියා කිව නොහැකිය. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයන්ට යටත් විජිතයක්ව පැවතුණු යුගයේදී ඔවුන් දළදා වහන්සේගේ ආශ්චර්යය ගණනකට නොගෙන කටයුතු කර දළදා වහන්සේ තිබූ තැනින් සොලවනවාත් සමඟම මහා වැසි ඇද හැලෙන්නට පටන්ගෙන පාලම් ආදිය කඩාගෙන මුළු ප්‍රදේශයම යට වී මහා විනාශයක් සිදුවූ බව ඇසින් දුටු අය අදටත් පවසති. එම ඡායාරූප පවා අදටත් දක්නට ලැබේ.

පැරණි රජ දරුවන් ඒ ඒ ධාතූන් වහන්සේලා නිදන්කොට දාගැබ් ඉදිකරන මොහොතේදී අප තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා ප්‍රාතිහාර්ය පෑ ආකාරය විශ්මය ජනකය.

විශේෂයෙන්ම මෙම ලිපිය මගින් අපට අවධාරණය කිරීමට අවශ්‍ය වන්නේ වර්‍තමානයේ ද බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා පෙළහර පානා ආකාරයයි. මෙහිදී විශේෂයෙන්ම සාකච්ඡාවට භාජනය කළ යුතු වන්නේ කැලණිතිස්ස (ශිව) රජුගේ බෑණාවන ගිරි අභය කුමරු හා කාවන්තිස්ස රජුගේ නැඟණිය වන සෝමා දේවිය විසින් අප බුදු රජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නිදන් කොට ඉදි කර තිබෙන සෝමාවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ පිළිබඳවයි. ලෝකයේ නිරන්තරයෙන්ම ආශ්චQමත් සිදුවීම් සිදුවෙන විශේෂ ප්‍රාතිහාර්යයන් සිදුවෙන අති සුවිශේෂීම ස්ථානයක් ලෙස සෝමාවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ හඳුන්වා දිය හැකිය. පර සතුරු උවදුරු නිසා කාලයක් වල් බිහි වී තිබූ මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ වර්තමානය වන විට ලෝ වැසි සියලු ජනතාවට වන්දනා මාන කිරීමට හැකි පරිදි ප්‍රතිසංස්කරණය කර තිබීම දෙව් මිනිස් අප සියලු දෙනාගේම අති මහත් භාග්‍යයකි.

වසර 850 ක් පමණ කාලයක් මුළුල්ලේ ජනශූන්‍යව කැලෑවෙන් වැසී නටබුන් බවට පත්ව තිබු මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ පිළිබඳව තොරතුරු සොයා ගනු ලැබුවේ මල්වතු මහා විහාරයේ කාරක සංඝ සභික සිරිමල්වත්තේ ශ්‍රී පියරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1947 දී පමණය. විශේෂයෙන්ම ජනශූන්‍යව පැවතුණත් නටබුන් බවට පත්ව තිබුණත් දකුණු දළදා වහන්සේගේ ප්‍රාතිහාර්යයන්හි අඩුවක් නොතිබිණි. අප ස්වාමීන් වහන්සේලා මෙම සෝමාවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ සොයාගෙන පැමිණෙන විට ඒ තුළින් විශේෂ කහපාට බලවත් ආලෝක ධාරාවක් නිකුත් වෙන්නට පටන් ගෙන තිබේ. එමෙන්ම චෛත්‍ය රාජයා තුළින් බෙර හඬ ඇසෙන්නට පටන් ගෙන තිබේ. මෙවැනි අවස්ථා විවිධ අවස්ථාවල සිදු වී තිබෙන බව වාර්තා වෙයි.

විද්‍යාලංකාර පරිවෙණාධිපති, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ කුලපති මල්වතු මහා විහාරයේ උපාධ්‍යාය, ආචාර්ය පණ්ඩිත වැලමිටියාවේ කුසලධම්මාභිධාන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිය කනින්ම ඇසූ බව නොයෙක් අවස්ථාවල අපමණ ශ්‍රද්ධාවකින් ප්‍රකාශ කර තිබේ. එමෙන්ම බුද්ධ රශ්මි මාලා විහිදුණු අවස්ථා වචනයෙන් විස්තර කළ නොහැකිය. මේ පිළිබඳ දීර්ඝ විස්තර දැන ගැනීමට නම් සෝමාවතී රාජ මහා විහාරාධිපති පහමුණේ සුමංගල නාහිමිපාණන් වහන්සේ විසින් රචනා කරන ලද ‘බුදුරැස් විහිදෙන සෝමාවතිය’ නම් ධර්‍ම ග්‍රන්ථය කියවිය යුතුය. උන්වහන්සේ විසින් අපමණ ශ්‍රද්ධාවකින් සියලු තොරතුරු එකතු කර ඡායාරූප සහිතව මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබීම අතිශයින්ම පැසසිය යුතුය. අප උන්වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ප්‍රාර්ථනය කළ යුතුය. එමෙන්ම සී. ඩී. තැටියක් මගින් බුදු රැස් විහිදෙන අවස්ථා ඉතා මැනවින් දැකගත හැකිය. මේ සියල්ලෙන්ම පෙනී යන්නේ දකුණු දළදා වහන්සේගේ මහා ආශ්චර්යයයි.

එමෙන්ම පසුගිය දිනක මාගේ උපන්දිනය යෙදී තිබුණු දින මාගේ මෑණියන් ඇතුළු සහෝදර සහෝදරියන් ඇතුළු පිංවතුන් සමඟ අප දකුණු දළදා වහන්සේට උතුම් බුද්ධ පූජාව සිදු කොට වන්දනා කළෙමු. ඔක්තෝබර් 28 වන දින ව්‍යඤ්ජන තිස් දෙකක් සහිත රාජකීය ආහාර පූජාව සිදු කළ පසු චෛත්‍ය රාජයාගෙන් විහිදී ගිය බුද්ධ රශ්මි මාලාව අහසේ වියනක් මෙන් රැඳී සිටින අයුරු විහාරාධිපති නාහිමියෝ අපට පෙන්වූහ. මා විශේෂයෙන්ම මෙම ආශ්චර්ය දැකීමට ලැබෙනවා නම් මොනතරම් භාග්‍යයක්දැයි බලාපොරොත්තුවෙන් සිටි අතර එම ආශ්චර්ය දැකීමෙන් මා හට ඇති වූ චිත්ත ප්‍රසාදය අපමණය.

විශේෂයෙන් අමාත්‍ය මර්වින් සිල්වා මැතිතුමා ඇතුළු පිරිස ද ඒ අවස්ථාවට සහභාගි වූ අතර එතුමා ද මෙම ආශ්චර්යය බලාපොරොත්තුවෙන්ම පැමිණ තිබේ. මීට අමතරව එහි සිදුවන හාස්කම් සියල්ලම මෙම ලිපිය මගින් විස්තර කිරීමට නොහැකිය. පසුගියදා ගෞරවනීය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ සිදු කළ මහා පූජාවෙන් පසුවද ඊට පෙරද බුද්ධ රශ්මි මාලා විහිදුණු බව විහාරාධිපති නාහිමියෝ මා සමඟ පැවසූහ. එමෙන්ම බොරැල්ලේ සිරිසුමන හිමියන් මෑතදි කරන ලද පූජාවකදී ද කහපාට විශේෂ ආලෝකයක් විහිදුනු බව සහභාගි වූ අය හා විහාරාධිපති හිමියෝ පැවසූහ.

සෝමාවතී චෛත්‍ය රාජයා තුළ නිදන් කර තිබෙන දකුණු දළදා වහන්සේගේ ප්‍රාතිහාර්යයන් අදටත් අපට දකින්නට ලැබීම අපගේ පෙර පිනේ බලමහිමයයි. මේ තුළින් පසක් වන්නේ අප තථාගතයන් වහන්සේගේ ආශ්චර්යයන් වසර දහස් ගණනක් ගෙවී ගියද පවතින බවයි. එබැවින් අප ඒ ආශ්චර්යමත් වූ අපගේ ශාස්තෘන් වහන්සේ සරණ ගොස් සසර කතරින් එතෙර වීමට අධිෂ්ඨාන කර ගනිමු.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.