Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කඨින පින්කම්

ඉල්ලදොර

කඩුගන්නාව ඉල්ලදොර පුරාණ පොත්ගුල් විහාරාධිපති යටිනුවර ප්‍රධාන සංඝනායක කහගල ධම්මරක්‍ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කඨින පින්කම මෙම 09, 10 දිනවලදී පැවැත්වේ. විහාරාධිකාරී ශාස්ත්‍රපති ඕවල සෝරත හිමියන් මෙහෙයවන ආගමික වැඩසටහන 09 වන දා සවස පැවැත්වේ.


ගන්නෝරුව

පේරාදෙණිය ගන්නෝරුව රජමහා විහාරයේ කඨින පින්කමට සමගාමීව, ධර්ම පුස්තකාල මන්දිරය ඉකුත් දා (9) කර්මාචාර්ය අඹන්පොළ සුමංගල හිමියන් විසින් විවෘත කිරීමට නියමිත වූ අතර ඉල්පෝදින, මහා සංඝරත්නය විසිනමක් විෂයෙහි පිරිනමනු ලබන සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමේ.


පින්නගොල්ල

තලාතුඔය පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමාධිපති, හඟුරන්කෙත සද්ධානන්ද නාහිමියන්ගේ මූලිකත්වයෙන් කඨින පින්කම නොවැම්බර් 09, 10 දිනවලදී පැවැත්වේ.


ශ්‍රී නාථ දේවාල විහාරය

මහනුවර, ශ්‍රී නාථ දේවාල විහාරස්ථානයේ කඨින පින්කම විහාරාධිපති මහෝපාධ්‍ය ගොමගොඩ රතනසාර නාහිමි ප්‍රධානත්වයෙන් නොවැම්බර් 09, 10 දිනවල පැවැත්වේ.


අනුරාධපුර බෞද්ධ මණ්ඩලය

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ වාර්ෂික කඨින චීවර පූජා මහෝත්සවය ඉල්පුර පොහොය දා සිදු කැරේ. ඊට පෙර දින මැදියම් රැයේ සිට කඨින වස්ත්‍රය විවීම ආරම්භ කරනු ලැබේ. ඒ සඳහා විශේෂ මණ්ඩපයක් තනවා ඒ තුළ අත් යන්ත්‍රයක් සවි කොට වියන ලද වස්ත්‍රය, සේදීම, කඩ බෙදීම, කඩ කැපීම, එක්කොට, මැසීම සහ කැලෑ කොළ පොතු තම්බා සකස් කර ගත් පඬු, ඔරුවක බහා පඬු පෙවීම, කප් බිංදු තැබීම, ඇතිරීම, යන කරුණු අටක් පෙර සිරිත් අනුවම එකම රැයකදී සිදු කිරීම, මෙහි ඇති විශේෂත්වයයි. අනතුරුව එදින දහවල් මහා සාඝීක දානය පැවැත්වේ.


නාරම්මල

නාරම්මල ශ්‍රී සීලවතී මහ පිරිවෙන් විහාරස්ථානයේ කඨින මහා පින්කම මෙම 09 – 10 දිනයන්හිදී පැවැත්වේ. කොබ්බෑවල ධර්මපි‍්‍රය නාහිමියන්ගේ අනුශාසනා පරිදි බල්ලපාන සංඝබෝධි හිමියන්ගේ හා දායක සභාව මඟින් සංවිධානයෙන් නොවැම්බර් 09 රාත්‍රී 7 ට පමණ පානකඩුවේ ඥානකිත්ති හිමියන් විසින් පවත්වනු ලබන බෝධි පූජාවකි. 10 දින අලුයම පෙරහරකින් වැඩමකරනු ලබන කඨින චීවරය සඝසතුකොට පූජා කිරීම හා හීල් දානය පිරිනැමේ. දහවල තිස්නමකට අධික මහා සංඝරත්නය උදෙසා සාංඝීක මහා දානමය පින්කම සිදුකෙරේ. මේ අතර කප්රුක් පූජාවක් ද සිදුකිරීමට නියමිතයි.


බටදූව

ගාල්ල බටදූව ශ්‍රී සුගතාරාම පුරාණ විහාරස්ථානයේ කඨින පුණ්‍යෙීත්සවය නොවැම්බර් මස 09 – 10 දිනවල පැවැත්වේ. 09 දින රාත්‍රී බුද්ධ පූජාව බෝධි පූජාව සහ සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනය ද පැවැත්වේ. 10 උදය 03.00 – 06 දක්වා කඨින වස්ත්‍රය වීථි සංචාරය කොට උදය 06.00 විහාරස්ථානයේ දී කඨින පූජාව පැවැත්වේ. එදින උදය 07.00 හීල් දානය සිදුකොට ගිහි පැවිදි පරලෝසැපත් උතුමන්ට පින්දීමට නියමිතය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.