Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි බිමට

පොල්ගහවෙල ඔරුලියද්ද මල්අස්න පුරාණ විහාරාධිපති හා සමස්ත ලංකා සසුන් මග භික්‍ෂු සංවිධානයේ ප්‍රධාන ලේඛකාධිකාරි පොල්ගහවෙල ආනන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් හා වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, දෙඹටළුව දික්වැහැර යන උභය විහාරාධිපති හා ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක රැකව ශ්‍රී ජිනරතන නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා ප්‍රාදේශීය මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල පුලිකණ්ඩිකුලමේ පදිංචි ඩබ්ලිව්. එම්.ගාමිණී රණසිංහ බණ්ඩාර සහ චාමිණී වසන්තා යන දම්පතීන්ගේ පුත්‍රරත්නයක් වන ඩබ්ලිව්. එම්. දිලීප උමේෂ් බණ්ඩාර දරුවා නොවැම්බර් මස 16 වන දින පෙරවරු 8.30 ට පමණ පැවිදි කිරීමට විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා පරිදි මල්අස්න පුරාණ විහාරස්ථ දායක සභාව කටයුතු යොදා ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.