Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දහම් පුහුණු වැඩ සටහනක්

දෙහිවල නැදිමාල, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට අනුබද්ධ හොරණ කහටපිටියේ දෙකඳුවල දහම් පුහුණු භාවනා මධ්‍යස්ථානය මගින් මෙහෙණින් වහන්සේලා සහ සිල්මාතාවන්ට තුන් අවුරුදු නේවාසික පාඨමාලාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ත්‍රිපිටක ධර්මය සිංහල, පාලි, ඉංගී‍්‍රසි භාෂාවන් හා උපදේශනය ඇතුළු භික්‍ෂුණියකට අවශ්‍ය දහම් පුහුණුව ලබා දීමට කටයුතු කරනු ඇත. ඒ සඳහා වයස අවුරුදු 15 ත් 40 ත් අතර මෙහෙණින් වහන්සේලා තමන් ලබා ඇති අධ්‍යාපන සුදුසුකම් ගුරුවරයාගේ අනුමැතිය ද සහිතව සකසා ගත් ඉල්ලුම්පත් පාලක මෙහෙණින් වහන්සේ, දෙකඳුවල දහම් පුහුණු මධ්‍යස්ථානය, කහටපිටිය, කනන්විල, හොරණ යන ලිපිනයට ලැබෙන්නට සලස්වන්නැයි ඉල්ලීමක් කැරේ.

ප්‍රාචීන අංශයට හැර වෙනත් කිසිම විභාගයක් සඳහා පුහුණුවක් ලබා නොදෙන බව ද, කියයි. එසේම ඉහත සඳහන් විෂයන් නේවාසිකව සිට ඉගැන්වීමට කැමැත්තක් දක්වන ගිහි, පැවිදි, නිරෝගී විශ්‍රාමික අයගෙන් ද, අයදුම් පත් ඉල්ලා සිටින අතර ඒ අය සඳහා අවශ්‍ය පහසුකම් ආයතනය මගින් සපයන බවද, කියයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.