Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රුහුණු කතරගම මහා දේවාලයේ ඉල් මහ පෙරහර

රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික ඉල් මහ පෙරහර නොවැම්බර් මස 11 දින රාත්‍රි පැවැත්වේ.

පෞරාණික චාරිත්‍ර පුද සිරිත්වලට මුල්තැනක් දෙමින් උඩරට පහතරට සබරගමුව හා රුහුණු ප්‍රදේශයට ආවේනික මොණර සිංහ හනුමන්තා භක්ති කාවාඩි නැටුම්වලින් හා අලි ඇතුන්ගෙන් ද යුතුව අලංකාර අන්දමින් පෙරහර පැවැත්වීමට රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා කටයුතු සංවිධානය කර ඇත.

මෙදින සුබ නැකැත් හා පෞරාණික චාරිත්‍රානුකූලව කතරගම මහාදේවාලයෙන් ඇරඹෙන දේව පෙරහර කිරිවිහාරය ගණදේවාලය ඉදිරිපිටින් අෂ්ඨඵල බෝධීන් වහන්සේ පුදක්‍ෂිණා කර මහවාසල් දොරටුවෙන් මහාවීදියට පිවිසේ. එම වීදියේ ශ්‍රී අභිනවාරාමය ඉදිරිපිටින් පෙරහර ගමන් කර වල්ලි අම්මා දේවාලයට පැමිණේ. එම දේවාලයේ දී පෞරාණික චාරිත්‍ර පුද සිරිත් ඉටුකිරීමෙන් පසු පෙරහර යළිත් එම වීදියේම ගමන්කර මහාදේවාලයට ගෙවදිනු ඇත.

පෙරහර පැවැත්වෙන දිනවල කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා කතරගම පොලීසිය කටයුතු සංවිධානය කර ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.