Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී දළදා මාලිගාවේ කාර්තික මංගල්‍ය පෙරහර ඉල් පෝදා

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කාර්තික මංගල්‍ය පෙරහර ඉල් පුර පසළොස්වක පෝය දින පැවැත්වෙන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අණ පරිදි කාරිය කරවන කෝරාල කේ.එම්. සී. කරුණාතිලක මහතා නිවේදනය කර ඇත.

එම නිවේදනය අනුව කාර්තික මංගල්‍ය දින දල්වන ප්‍රදීප පූජාව සඳහා විහාර දේවාලවලට තෙල් බෙදාදීම 8 වන දා සවස 03.04 ට නාථ දේවාලයේ දී සිදු කැරිණි. නොවැම්බර් 10 වෙනි දින අපරභාග 06.10 ට උතුර දිශාභිමුඛව ශ්‍රී දළදා මාලිගාව ප්‍රධාන කොට ඇති විහාර දේවාලයන්හි ප්‍රදීප පූජාව පැවැත්වීම ශුභ බවත්, එදින සවස 04.40 ට උතුර බලා ශ්‍රී දළදා මාලිගාවේ කාර්තික පෙරහර මංගල්‍ය පැවැත්වීම ශුභ බවත් නිවේදනය කර ඇත.

ශ්‍රී දළදා සමිඳු උදෙසා, වසරේ පවත්වනු ලබන සතර මංගල්‍යපූජෝත්සව වලින් එකක් වන කාර්තික මංගල්‍ය වසරේ ඉල්පෝදා පැවැත්වීම සිදු කෙරේ. කේ. බණ්ඩාරනායක


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.