Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණි රජමහා විහාරයේ කඨින පින්කම 10 වන දා

කැලණිය රජමහා විහාරයේ කඨින පින්කම විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ ශ්‍රී මහින්ද සංඝරක්ඛිත නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා විහාරස්ථ සීල භාවනා සමිතියේ සභාපති සාමවිනිසුරු එම්.ඒ. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් 40 වැනි වරටත් නොවැම්බර් මස 10 වැනි ඉල් පොහෝදින පැවැත්වේ.

මෙවර කඨින චීවරය හිමිදිරි පාන්දර 04.30 ට දර්ශනීය පෙරහරකින් වැඩමවනු ලබන්නේ කැලණිය බියගම පාර අංක 1225 පදිංචි එස්.එච්. හේවගේ මහතාගේ නිවසේ සිටයි. පෙරවරු 06.00 ට කඨිණ චීවරය සඝසතුකර පූජා කෙරේ. දහවල 25 නමකට අධික මහසඟරුවන වෙත සපිරිකර සංඝගත දක්‍ෂිණාවකි.

විවිධාකාර පූජා භාණ්ඩයන්ගෙන් සරසන ලද දර්ශනීයාකාර කප්රුක මෙවර පූජා කරනු ලබන්නේ ශීල භාවනා සමිතියේ උවසු උවැසියන් විසින් ය. සවස මහ සඟරුවන වෙත ගිලන්පස පූජාවෙන් අනතුරුව රාත්‍රී 07.30 සිට 08.30 දක්වා කඨිණානිශංස ධර්ම දේශනාව පවත්වා පරිස්කාර පූජාවෙන් මෙවර පින්කම අවසන් කෙරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.