Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අප ජාතියේත් බුදුදහමේත් මුදුන් මල්කඩ සේ සැලකෙන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ චිරජීවනය පිණිස 2006 අංක 41 දරන පාර්ලිමේන්තු පනතින් සංස්ථාපිත අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදල විසින් දියත් කර ඇති දැවැන්ත සංරක්ෂණ සහ ප්‍රතිසංවර්ධන ක්‍රියාවලියේ මීළඟ අදියර වන මහා ගල් ප්‍රාකාරය සංරක්ෂණය සහ මහාවිහාර සංකීර්ණය ප්‍රතිනිර්මාණය සඳහා රුපියල් විසිපන්කෝටියක් එක්රැස් කිරීමේ කඩිනම් වැඩපිළිවෙළ 2011 නොවැම්බර් මස 01 වෙනිදා දීප ව්‍යාප්තව දියත් කැරිණි.


ගරා වැටී ඇති ගල් ප්‍රාකාරය

සංවර්ධන අරමුදල විසින් 2002 වර්ෂයේදී ජය ශ්‍රී මහා බෝ මැඩ ආරම්භ කරන ලද සංරක්ෂණ සහ ප්‍රතිසංවර්ධන ක්‍රියාවලිය යටතේ මේවන විට රුපියල් කෝටි තිස්පහක වියදමින් දෙවන රන්වැට, ශෛලමය බෝධි ප්‍රාකාරය, ශෛලමය විහාර ප්‍රාකාරය, සත්සති මන්දිර, පෙරහර මාවත සහ ධර්ම ශාලාව ආදි ව්‍යාපෘති ඉදිකර සසුනට පූජා කර ඇත.

මහා ගල් ප්‍රාකාරය සංරක්ෂණය

මෙයට ශතවර්ෂ තුනකට පමණ පෙර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අවසරය පරිදි ඉළුපැන්දෙණියේ අත්ථදස්සි ස්වාමීන් වහන්සේ විසින් බෝ දළු කෑමට පැමිණෙන වල් අලින්ගෙන් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ආරක්ෂා කර ගැනීම පිණිස ලෝවාමහාපාය, මයුර පිරිවෙන, බුද්ධඝෝෂ පිරිවෙන ආදි නටබුන්ව පැවැති විහාර ආරාමවලින් ලබාගත් කළුගල් යොදා ජය ශ්‍රී මහා බෝධි මහ මළුව වට කොට ඉදිකර වූ මහා ගල් ප්‍රාකාරය අද වල්බිහිවී ගරාවැටී ඇත.

මහා ගල්ප්‍රාකාරය පුරාවිද්‍යා ප්‍රමිතීන්ට අනුකූලව රුපියල් පන් කෝටියක වියදමින් සංරක්ෂණය කිරීමේ කොන්ත්‍රාන්තුව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිසංවර්ධන අරමුදල විසින් මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරා ඇති අතර එකී සංරක්ෂණ කටයුතු දැනට ආරම්භ කර ඇත.

මහාවිහාර සංකීර්ණය

ශ්‍රී ලංකාවේ බුදුදහම පිහිටුවා ගත වූ ශත වර්ෂ විසිතුනක පමණ කාල පරාසය තුළ ථෙරවාද බුදු දහමේ කේන්ද්‍රස්ථානයට පැවැති මහාවිහාර සංකීර්ණය කාලයාගේ ඇවෑමෙන් ජරාවාස වී විනාශ මුඛයට පත්ව ඇත. රුපියල් විසිපන් කෝටියක වියදමින් ප්‍රතිනිර්මාණය කෙරෙන මහාවිහාර සංකීර්ණයේ සැලැසුම් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් විසින් අනුමත කරනු ලැබූ අතර තව නොබෝ දිනකින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරේ.

මෙම උදාර පුණ්‍යකර්මයට සහභාගි විය හැක්කේ කෙසේද?


මහා විහාර සංකීර්ණය ප්‍රතිනිර්මාණ ආකෘතිය

මෙම මහඟු පුණ්‍යකර්මය සඳහා පින්කැමැති සියලු දෙනාටම පහත සඳහන් පරිදි දායක විය හැකිය. එනම්,

මහජන බැංකුවේ ඕනෑම ශාඛාවක් හරහා එම බැංකුවේ බොරැල්ල ශාඛාවේ ගිණුම් අංක 078100290005575 ට හෝ ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවක් හරහා එම බැංකුවේ කොළඹ පෞද්ගලික ශාඛාවේ ගිණුම් අංක 0070038242 ට ඔබ කැමැති මුදලක් පරිත්‍යාග කිරීමෙන්,

මහජන බැංකුවේ හෝ ලංකා බැංකුවේ ඕනෑම ප්‍රධාන පෙළේ ශාඛාවකින් රපියල් 5000/- ක් වටිනා මහා ගල් ප්‍රාකාරය සංරක්ෂණය සහ මහාවිහාරය ප්‍රතිනිර්මාණය සහතිකයක් මිල දී ගැනීමෙන් ය. සෑම සහතිකයක් සමඟම අඟල්16x12 ප්‍රමාණයේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අගනා වටිනා සහතිකයක් නොමිලේ ලබා ගත හැකිය.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි මළුවේ අලෙවි කුටියෙන් හෝ නුගේගොඩ , පරණ කැස්බෑව පාර අංක 22 /3 දරන ස්ථානයේ පිහිටි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදල කාර්යාලයෙන් රුපියල් 50 /- සිට රුපියල් 5000/- දක්වාවූ ඔබ කැමැති මුදලකට මහා ගල් ප්‍රාකාරය සංරක්ෂණය සහ මහා විහාරය ප්‍රතිනිර්මාණ සහතිකයක් මිලදී ගත හැකිය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.