Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

කැලණිය දිප්පිටිගොඩ ශ්‍රී සුබෝධාරාමයේ අභිනවයෙන් ඉදි කළ දෙමහල් ධර්ම මන්දිරය මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනු නා හිමිපාණන් වහන්සේගේ සුරතින් විවෘත වූ අවස්ථාව. වල්ගම්පාය රාජමහා විහාරාධිපති දෙහිදෙණියේ රතනසාර නාහිමි, සුබෝධාරාම විහාරාධිකාරී ඇල්ලලගොඩ නන්දරතන හිමිපාණන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

කඳාන පොල්පිටිමූකලාන සිරි පඤ්ඤාසිරි ඉංගී‍්‍රසි දහම් පාසලේ ත්‍යාග හා සහතික ප්‍රදානෝත්සවය ඉකුත්දා සිදු කැරිණි. එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා එහි ප්‍රධානාචාර්ය පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන්ට විශේෂ තිළිණයක් පිරිනමන ලද අවස්ථාව.

පිළියන්දල ගැඩඹුවානේ පාරේ පිහිටි තක්‍ෂලා මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයට වසර 36 ක් පිරීම නිමිත්තෙන් පසුගියදා සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමූහ. තක්‍ෂලා පෙර පාසල පවත්වාගෙන යන සුනිල් කුවින්ටස් මහතා සහ ටී.එන්. රත්නායක මහත්මිය විසින් තම ගුරු ස්වාමීන් වහන්සේ වන ස්‍යාමවංශික මහා නිකායේ ඌව පාර්ශ්වයේ මහානායක ශාස්ත්‍රවේදී පණ්ඩිත අඹේවෙල පඤ්ඤසාර මහා නාහිමියන් වෙත අට පිරිකර පූජා කළ අවස්ථාව.

 

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.