Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අරුප්පිටියේ පින්කම්

බත්තරමුල්ල දකුණු තලංගම අරුප්පිටිය ශ්‍රී ශාන්ති යෝගාශ්‍රමයේ දී වාර්ෂිකව සිදු කරනු ලබන පුණ්‍යානුමෝදනා පින්කම් මාලාව ඔක්තෝබර් 30 වන දා ඇරැඹුණු අතර මෙම මස 06 වන දා දක්වා පැවැත්වේ. 84000 ප්‍රදීපාලෝක පූජාව සහ අටවිසි බුද්ධ පූජාව සහ 06 වන දා ශතාධික වනවාසී යෝගාවචර මහ සඟරුවන වෙත සපිරිකර සංඝගත දක්‍ෂිණාව පිරිනැමේ.

ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක නා උයනේ අරියධම්ම මා හිමි මිනුවන්ගමුවේ නාගිත හිමි, තලංගම ශ්‍රී ශාන්ති යෝගාශ්‍රමාධිපති නබුරුගල ධම්මසිද්ධි මාහිමියන් ප්‍රධාන මහ සඟරුවනට ආශීර්වාද පතා ද හබුරුගල ධම්මසිද්ධි හිමියන්ගේ ගුරුදේවයන් වහන්සේලා වන අපවත් වී වදාළ කල්‍යාණී යෝගාශ්‍රම සංඝ සභාවේ සමුත්පාදක කඩවැද්දුව ජිනවංශ මාහිමි, මාතර ඥානාරාම මා හිමි, බැඩියේ විමලවංශ මාහිමි, ගැටමාන්නේ විමලවංශ මාහිමි, කුඹුක්වැව උත්තමවංශ මා හිමි සහ ධම්මසිද්ධි හිමියන්ගේ පරලොව සැපත් මවුපියන් ඇතුළු ශ්‍රී කල්‍යාණි එක්සත් බෞද්ධ සංගමයේ මියගිය සියලු සාමාජික සාමාජිකාවන්ටත් රට වෙනුවෙන් දිවි පිදූ සියලු රණවිරුවන්ටත් පින් පතා එම පින්කම් සිදු කැරේ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප්‍රධාන රජයටත් සෙත් ප්‍රාර්ථනා කිරීමත් පින්කමේ විශේෂ අරමුණක් වේ. 02 වන දා පූජාව මෙහෙයවීම කහගොල්ලේ සෝමවංශ හිමියන් විසින් ද 03 වන දා පූජාව මෙහෙයවීම මොරොන්තුඩුවේ රාහුල හිමියන් විසින් ද 04 වන දා පූජාව මෙහෙයවීම දාස්වත්තේ සුමනසීල හිමියන් විසින් ද 5 වන දා පූජාව මෙහෙයවීම නා උයනේ අරියධම්ම හිමියන් විසින් ද සිදු කැරේ.

06 වන දා අලුයම කිරිපිඬු පූජාවද පෙරවරු 09 ට ජාතික නිවාස සැලසුම් උපදේශක කාර්යාල ගොඩනැඟිල්ලේ සිට යෝගාශ්‍රමය වෙත සඟරුවන වැඩම වීමද 10 දින කඨින චීවර පූජාව ද සිදු කැරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.