Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දොළුකන්ද ආරණ්‍යයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය

ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථානුබන්ධිත කුරුණෑගල, හුණුපොල වේදෙණිය දොළුකන්ද ආරණ්‍ය සේනාසනයේ අභිනවයෙන් ඉදිකළ 18 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම ඔක්තෝබර් මස 27 වෙනි දින පෙරවරු 9.47 ට යෙදෙන සුබ මොහොතින් අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා අතින් සිදු කෙර්. නොවැම්බර් 2 වැනිදා ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක නා උයනේ අරියධම්ම මා හිමියන් ප්‍රමුඛ වනවාසී භික්‍ෂූන් වහන්සේ 50 නමක් වැඩම කරවා කඨින චීවර මහා පූජා පින්කම සිදු කෙරේ. එදින කඨිනානිශංස ධර්ම දේශනය සිදුකරනු ලබන්නේ නා උයනේ අරිය ධම්ම මා හිමියන් විසිනි.

පිළිම වහන්සේ නිරාවරණය කිරීමේ උළෙලට දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා ඇතුළු ආරාධිත මැති ඇමැතිවරු සම්භාවනීය පිරිසක් සහභාගි වෙති.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.