UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

භාවනාවට ඇති බාධා හඳුනා ගනිමු

ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

සිත විසිරෙන ස්වභාවය අයින් කරගන්න උත්සාහ කරද්දීත් අපිට ඒක දුරු කරගන්ට බැරිනම්, ඒ භාවනාවෙන් අයින් වෙන්න. අයින්වෙලා සිත සංසිඳවගන්ට කල්පනා කරන්න, පුරුදුවෙන්න. සිත සංසිඳව ගන්ට වෑයම් කරන්න. ඒකට පුළුවන් ටිකක් සක්මන් කරන්න. සක්මන් කරනකොට සිත සංසිඳෙන්න පටන් ගනියි. එහෙම නැත්තම් වෙන වැඩක් කරන්න බලන්න. ඒක අමතක කරල දාන්න. වෙනදේක නිරතවෙන්න. ආරම්භයේදී අපි එහෙම තමයි කළයුත්තේ. නැත්තම් අපි භාවනා කරන්න කියල ඒකම ඒකම ආයෙ ආයෙ කරන්න ගියොත් සිතේ විසිරීම වැඩිවෙන්ට පුළුවන්.

දැන් මෛත්‍රී වඩනව නම්, මම මෛත්‍රී අරමුණේ සිත පිහිටුවගන්ට ඕනෑ කියල, සිතාමතා කල්පනා කරන්න. අසුභය වඩනව නම්, මම අසුභ සංඥාවේ සිත පිහිටුවගන්ට ඕනෑ කියල සිතල, ඒ අසුභ භාවනාව කරන්න. ඒක එක උපක්‍රමයක්. මේ විදියට කරද්දී ඒ කාමයන් ඔස්සේ දුවන ස්වභාවය දුරුවෙනවා නම් අපිට ගැටලුවක් නෑ. ඊළඟට තව සමහර වෙලාවට භාවනා අරමුණ සිතේ පවතිද්දී ම, තව අරමුණු එන්න පුළුවන්. ඒව එච්චර බලවත් නැත්තම් බයවෙන්න එපා. භාවනා අරමුණ බලවත් නම්, කාමයන් ගැන තියෙන අරමුණ දුබලයි නම් ඒක නිකම්ම නැතිවෙලා යයි. නමුත් සමහර වෙලාවට භාවනාවට සිතගන්න බැරි මට්ටමට බලවත් විදියට කාමයන් ඔස්සේ සිත දුවන්ට පුළුවන්. අන්න ඒ වෙලාවෙදි අපි භාවනා අරමුණ තාවකාලිකව නතර කරල, භාවනා අරමුණට සිත ගන්නෙ නැතිව, ඒ කාමයන් ඔස්සේ දුවන ස්වභාවය දුරුකරගන්ට මහන්සිවෙන්ට ඕනෑ. එතෙන්දි අපිට පුළුවන් කාමයන්ගේ ආදීනව සිහිකරන්ට, සිහිකරන්න, මගේ සිත දැන් තියෙන්නෙ කාම අරමුණු ඔස්සේ. මේක මට හොඳ නෑ.... අනුන්ටත් හොඳ නෑ... මේ සිතිවිලි වලින් මගේ සිත එකඟ වෙන්නෙ නෑ. මේව අකුසල්, මට සමාධිය ඇතිවෙන්නෙත් නෑ. මේ විදියට ඒවයේ ආදීනව සිහිකරන්න. එතකොට ඒක දුරුවෙලා යයි. ඊට පස්සෙ භාවනා අරමුණ සිතටගන්න . එහෙම කරද්දීත් ඒක දුරුවෙන්නෙ නැත්තම්, කාමයන්ගේ ආදීනව තව දුරටත් කල්පනා කරන්න. මේ කාමයන් කියන්නේ ගිනි අඟුරු වලක් වගේ දුක් විපාක සහිතයි කියල සිහිකරන්න. මේ විදියට කාමයන්ගේ ආදීනව තව දුරටත් කල්පනා කරන්න. අන්න එතකොට ඒ කාමයන් ඔස්සේ සිත දුවන ගතිය දුරුවෙලා යනව. ඒක එක සැරයක් දෙසැරයක් කළාට හරියන්නෙ නෑ. ගොඩක් කරන්ට සිද්ධ වෙයි. ඒ විදියට කරන්ට කරන්ට කාමයන් ඔස්සේ සිත දුවන එක අඩුවෙන්ට පටන්ගන්නවා.

අපි පසුගිය ලිපියෙන් භාවනාවට බාධාකරන කරුණු කීපයක් ගැන මේ පින්වතුන්ට විස්තර කරල දුන්නා. මෙවරත් තවත් එබඳු කාරණා කිහිපයක් පිළිබඳව විස්තර කරල දෙන්ට අපි කල්පනා කළෙමු. මේ කාරණා හඳුනගෙන බැහැරකරගන්ට දක්‍ෂවුණොත් අපිට භාවනාව සාර්ථකකර ගන්ට පුළුවන්කම ලැබෙනවා. භාවනාවට බාධා කරන තවත් කරුණක් තමයි සිතේ විසිරීම. සිත විසිරෙනවා කියන එක කොහොමද තේරුම්ගන්නෙ? ඒකට මොකක්ද කරන්නෙ? සිත විසිරෙන කොට හඳුනගන්න, ඒකෙ ස්වභාවය තමයි, භාවනා අරමුණේ සිත පවත්වන්න බෑ. දැන් කාමයන් ඔස්සේ සිත දුවද්දී භාවනා අරමුණට සිත ගන්න පුළුවන්. ඒක හරියට පීල්ල පැන්නයින් පස්සේ කෝච්චිය ආපහු උස්සල පීල්ල උඩින් තියන්ට පුළුවන් වගේ කෝච්චි පෙට්ටියේ පීළි පනිනකොට අපිට ආපහු උස්සල තියන්ට පුළුවන්. නමුත් සිත විසිරෙනකොට භාවනා අරමුණට සිත ගන්න බෑ. ඒක හරියට, කාන්දම් කෑල්ලක විකාශනය කරන පැත්තට කාන්දම ඇල්ලුවම මොකද වෙන්නෙ? අපිට ළං කරන්න පුළුවන්ද? බෑ නේද? අන්න ඒ වගේ අරමුණට සිත ගන්ට බෑ. බලවත් වෙහෙසක්, අපහසුවක් දැනෙනව. ඒ අරමුණට කිට්ටු කරන්ට බෑ. ඊළඟ එක තමයි, භාවනා කිරීම සඳහා එයාට ඉන්න බෑ. ඉන්න සිතෙන්නෙ නෑ. ඇඟ රිදෙන එක, කකුල් රිදෙන එක, කොන්ද රිදෙන එක නෙමෙයි, වාඩිවෙලා ඉන්ට සිතෙන්නෙ නෑ. සිතේ විසිරීම අන්න එහෙම අඳුනගන්න. මේක වරද්දගන්ට එපා. නැත්තම් පොඩ්ඩක් කොන්ද රිදෙන කොට, මගේ සිත විසිරෙනව කියල නැගිටියි. කකුල් දෙක රිදෙනකොට, අප්පේ මගේ සිත විසිරෙනව කියල නැගිටියි. එහෙම නෙවෙයි හොඳට තෝරගන්න. සිත විසිරෙන කොට භාවනා අරමුණේ සිත පිහිටුවගන්ට බෑ. වෙහෙසක්, ලොකු තෙරපීමක් වගේ අමාරුයි, පීඩයි. ඊළඟ දේ තමයි, එක තැන ඉඳගෙන ඉන්න සිත දෙන්නෙ නෑ. භාවනා කරන්න වාඩිවු පසු භාවනා අරමුණේ ඉන්න බෑ. සිත විසිරෙන අවස්ථාවක ස්වභාවයක් ඒක.

මේ අපි පුංචි ඉඟියක් විතරයි කරන්නෙ, තේරුම් ගන්න. දැන් මේව හොය හොය ඉන්න එපා. ආන්න ඒ විදියට සිතේ විසිරීම හඳුනගන්න. ඒක බැහැරකරන්ට අපි කටයුතු කරන්න ඕනෑ. සිත විසිරෙනවනම් මුලින්ම කරන්ට තියෙන දේ තමයි, අපි මොකක්ද කරන්නෙ කියල බලන්න. අපි විදර්ශනාවක් වඩනව නම්, එතකොට සිත විසිරෙනව නම්, ඒ විදර්ශනා භාවනාවෙන් අයින් වෙලා, සමථයකට සිතගන්න. එතකොට සිත විසිරීම අයින්වෙලා සංසිඳීමට පත්වෙයි. ඒ සිත විසිරෙද්දී බලවත්ව වීරිය කරන්ට එපා. බලවත් විදියට වීරිය කර කර සිත පිහිටුවගන්නට එපා මොන භාවනාවේදීවත්, එතකොට සිත තව තවත් විසිරිල යනව, අපහසුයි. අපිට ගොඩගන්න අමාරු මට්ටමට විසිරිලා යනවා.

ඒ විදියට සිත විසිරෙන ස්වභාවය අයින් කරගන්න උත්සාහ කරද්දීත් අපිට ඒක දුරු කරගන්ට බැරිනම්, ඒ භාවනාවෙන් අයින් වෙන්න. අයින්වෙලා සිත සංසිඳවගන්ට කල්පනා කරන්න, පුරුවෙන්න. සිත සංසිඳව ගන්ට වෑයම් කරන්න. ඒකට පුළුවන් ටිකක් සක්මන් කරන්න. සක්මන් කරනකොට සිත සංසිඳෙන්න පටන් ගනියි. එහෙම නැත්තම් වෙන වැඩක් කරන්න බලන්න. ඒක අමතක කරල දාන්න. වෙනදේක නිරතවෙන්න. ආරම්භයේදී අපි එහෙම තමයි කළයුත්තේ. නැත්තම් අපි භාවනා කරන්න කියල ඒකම ඒකම ආයෙ ආයෙ කරන්න ගියොත් සිතේ විසිරීම වැඩිවෙන්ට පුළුවන්. ඊට පස්සේ අපිට ආයෙ මුකුත් කරගන්ට බැරිවෙනව. ඒ නිසා පොඩි උත්සාහයක් ගන්න ඒ කරන භාවනාව වෙනස් කරල වෙන භාවනාවක් කරන්න පුළුවන්ද බලන්න. බැරිනම් නැගිටින්න. නැගිටල පොඩ්ඩක් සක්මන් කරන්න. එතකොට අපිට ඒ විසිරීම නැතිවෙලා යයි. ඒත් විසිරීම දුරුවෙන්නෙ නැත්තම් වෙන වැඩක් කරන්න. වත් පිළිවෙත් කරන්න, එහෙම නැත්තම් පොතක් බලන්න, දේශනාවක් අහන්න. ඒ වගේ දෙයක් කරන්න එතකොට විසිරුණු ස්වභාවය අමතකවෙලා යනව. සිතේ ස්වභාවය වෙනස්වෙලා යනව. ඊට පස්සෙ අපි සිහියෙන් ඉඳල ආපහු සැරයක් භාවනාවට යන්න ඕන. නැත්තම් අපිට භාවනාව පුරුදුවෙන්ට බෑනේ. එතකොට අපි තාවකාලික පිළියමක් විදියට තමයි වෙන දෙයක් කරන්නෙ. අපිට සිහියක් තියෙන්ට ඕනෑ සිතේ තියෙන ස්වභාවය වෙනස්කරගන්ට, මම මේ පිළියමක් යොදන්නෙ කියල. එහෙම නැත්තම් උදේ භාවනා කරන්න පටන්ගත්තම සිත විසිරෙනව. ඔන්න වෙන වැඩක් කරනව. ආයෙ මතක්වෙන්නෙ පසුවදාට. එහෙම හරියන්නෙ නෑ. එහෙම වෙනව නේද අපිට? සිත විසිරෙනව, හරි යන්නෙ නෑ කියල නැඟිටල ගිහිල්ල වෙන එකක් කරනව. පස්සෙ පහුවදා තමයි මතක්වෙන්නෙ භාවනා කරන්න. එහෙම නෙමෙයි, ඒ සිතේ විසිරීම අයින්කරගන්ට පිළියමක් තමා අපි කරන්නෙ. එතකොට තමා සෝදිසියෙන් හිටියොත්, දැන් මගේ සිත සංසුන්. අපි ආපහු ගිහිල්ල භාවනා කරන්ට ඕනැ අන්න එහෙමයි සිත හුරු කර ගන්නෙ භාවනාවට. එහෙමයි අඛණ්ඩව යමක් පුරුදු කරන්නෙ. ඒ විදියට ඒ විසිරීම දුරුකරගන්නට උත්සාහ කරල බලන්න.

මතු සම්බන්ධයි

වප් අව අටවක පෝය

වප් අවඅටවක පෝය ඔක්තෝබර් 19 වන දා බදාදා අපරභාග 08.55 ට ලබයි. 20 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 08.45 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 20 වනදා බ්‍රහස්පතින්දායි

මීළඟ පෝය ඔක්තෝබර් 26 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]