UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කඨින පින්කම්

අම්පාර, දිඹුලාගල, ත්‍රිකුණාමලය පෙදෙස්වල පිහිටි දුෂ්කර විහාරස්ථාන 11 දී ඔක්තෝබර් 22 – 30 දක්වාත් නොවැම්බර් 06 සහ 07 දිනත් කඨින පින්කම් පැවැත්වෙන බැව් තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ විධායක අධ්‍යක්‍ෂ තලගල සුමනරතන නාහිමියෝ පවසති.

සම්බුද්ධ ප්‍රතිමා - ධර්ම පුස්තත, ධර්ම ශාලා, සංඝාවාස, දාන ශාලා, ළිං පොකුණු, වැසිකිලි සහ කුඹුරු පූජා කරමින් අටමහා කුසල් සහිතව සිදු කෙරෙන පින්කම් මාලාවක් බව නාහිමියෝ පවසති.

ඔක්තෝබර් 22 – 30 දක්වා කඨින පින්කම් පැවැත්වෙන දින මෙසේ ය.

22 වන දා නව මැදගම පහළගම ශ්‍රී සුදර්ශනාරාමය පියසරගම ශ්‍රී සම්බෝධි විහාරය, 23 වන දා අම්පාර ලාතුගල දීපාරාමය සහ කෙවිලියන් මඩුව ශ්‍රී සුනේත්‍රාරාමය 29 සහ 30 දිනවලදී අරලගන්විල කජුවත්ත ශ්‍රී නාමල්ගිරි විහාරය රුහුණුගම ගල්එළිය ශ්‍රී සද්ධර්මාලෝක විහාරය නොවැම්බර් 06 වන දා කන්තලේ පේරමඩුව ජයමංගලාරාමය සහ කන්තලේ වාන් ඇල, පුරාණ රාජ මහා විහාරය 07 වන දා තඹලගමුව විලංකුලම සිරි සුනන්දාරාමය සහ කබලගමුව උල්පත්වැව රජ මහා විහාරය යන විහාරස්ථානවල දී සිදු කැරේ.


රත්මලාන මල්ලිකාරාමය

රත්මලාන මල්ලිකාරාමයේ කඨින පින්කම ඔක්තෝම්බර් මස 22 සහ 23 යන දිනවලදී පැවැත් වේ. මල්ලිකාරාමාධිපති අමරපුර ධර්ම රක්‍ඛිත නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහා නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඔක්තෝම්බර් මස 15 දින සිට 21 වන සිකුරාදා දක්වා සෑම දිනකම සවස 06.00 ට බුද්ධ පූජාවද, සවස 06.30 සිට 07.30 දක්වා දම්දෙසුමක් ද පැවැත්වෙන අතර 22 වන සෙනසුරාදා පැවැත්වෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනාවෙන් අනතුරුව 23 වන ඉරුදින උදෑසන කඨින මහා පෙරහර පැවැත්වේ. 23 වන ඉරිදා අලුයම 04.30 ට කඨින වස්ත්‍රය රැගත් පෙරහර කඨින පින්කමේ දායකත්වය දරන රත්මලාන දෙවන පටුමගෙහි නො. 78 දරන නිවසෙහි පදිංචි මහේන්ද්‍ර පරණගම මහතාගේ නිවසින් පිටත්ව වීථි සංචාරය කොට උදේ 06.00 ට විහාරස්ථානයට පැමිණේ. ඉන් පසු කඨින වස්ත්‍රය සහිත පරිෂ්කාර අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහා නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය වෙත පූජා කිරීම සිදු කෙරේ.

23 වන දින උදේ 07.30 ට බුද්ධ පූජාව, හීල් දානය සහ පිරිකර පූජාව ද දහවල සංඝගත දක්‍ෂිණාවද සවස 07.00 ට වස් සාවාසික චීවර පූජාවද අනතුරුව මහානාහිමිපාණන්ගේ පුණ්‍යානුමෝදනාවද පැවැත්වේ.


ඤාණිස්සර මහ නා හිමි ගුණ සමරුව හා කඨින පින්කම

රත්මලාන බෝධිරුක්ඛාරාමාධිපතිව වැඩ සිට අපවත්වී වදාළ වැලිකඩ සිරි ඤාණිස්සර මහ නාහිමියන්ගේ 37 වන වාර්ෂික ගුණ සමරු පින්කම හා එම විහාර ස්ථානයේ කඨින පින්කම නිමිත්තෙන් මෙම මස 19 වනදා සිට 23 වනදා දක්වා පින්කම් මාලාවක් විහාරාධිපති කළුතර ඤාණාවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

19 වනදා සිට 23 දක්වා ධර්ම දේශනා දොඩන්දූවේ සිරිකර හිමි, පන්ඩිත ගොම්බද්දල දමිත හිමි, කහපොල සුගතරතන අනු නා හිමි සහ වෑවල සෝමධම්ම හිමිවරුන් පවත්වන අතර 23 වනදා පුවක්පිටියේ වජිරඤාණ නා හිමියන්ගේ කඨිනානිශංස දම් දෙසුමද පැවැත්වේ.

ගම්වාසී සැදැහැවතුන්ගේ සහයෝගයෙන් සහ රත්මලානේ සුසිරපාල මෙන්ඩිස් මහතා සහ පවුලේ සැමගේ මූලිකත්වයෙන් 23 වනදා ඉරිදා අලුයම කඨින චීවර පූජාව සිදුකෙරේ.


ලක්‍ෂපතිය ක්‍ෂේත්‍රාරාමය

මොරටුව ලක්‍ෂපතිය, ක්‍ෂේත්‍රාරාම මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පින්කම මෙවරත් ඔක්තෝම්බර් මස 22 – 23 යන දෙදින තුළ ක්‍ෂේත්‍රාරාම මහා විහාරාධිකාරී ශාස්ත්‍රපති වැලිගම සිරිනන්ද හිමි සහ කිඹුලාපිටියේ පේමානන්ද යන හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන්, ගේන් ස්ටිල් ආයතනයේ සභාපති ලක්‍ෂපතියේ පදිංචි ආර්. චමිල් අමරදාස මහතා සහ මහත්මියගේ ප්‍රධාන දායකත්වයෙන් පැවැත්වේ. ඔක්තෝම්බර් මස 22 වන සෙනසුරාදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව, රාත්‍රි 09.30 ට ඔක්තෝම්බර් මස 23 වන දින අලුයම 02.30 ට ප්‍රධාන දායකත්වය දරන ලක්‍ෂපතියේ පදිංචි ආර්. චමිල් අමරදාස මහතාගේ නිවසින් කඨින චීවරය රැගත් පෙරහර පිටත්වන අතර හස්තියකු පිට සිට ගමට සෙත් පතා පිරිත් පැන් ඉසීමද සිදු කෙරේ.

වප් අව අටවක පෝය

වප් අවඅටවක පෝය ඔක්තෝබර් 19 වන දා බදාදා අපරභාග 08.55 ට ලබයි. 20 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 08.45 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 20 වනදා බ්‍රහස්පතින්දායි

මීළඟ පෝය ඔක්තෝබර් 26 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]