UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය


64 වන කොටස

277) සබ්බේ සංඛාරා අනිච්චාති – යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛෙ – එසමග්ගො විසුද්ධියා

හේතු ඵල අනිස ගැන –අවබෝධ වූ දිනෙක
ඔබ සසර කළ කිරෙයි
නිවන් මාවත එයයි
හිතවතුනි, සංවරව – නුවණ මහෙය වූ විටෙක
සරුසාර දිවි මගක්
ඔබට හෙළිවන්නේය.

278) සබ්බේ සංඛාරා දුක්ඛාති – යදා පඤ්ඤාය පස්සති
අථ නිඛින්දති දුක්ඛේ – ඒස මග්ගො විසුද්ධියා

හේතුඵල දුකක් බව -අවබෝධ වූ දිනෙක ඔබ සසර කල කිරෙයි
නිවන් මාවත එයයි
හිතවතුනි, ටිකෙන් ටික
නුවණ ලියලන විටදී සරුසාර දිවිමගක් ඔබට හෙළිවන්නේය.

279) සබ්බේ ධමමා අනත්තානි – යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ – ඒස මග්ගො විසුද්ධියා

හේතු ඵල අනත බව -අවබෝධ වූ දිනෙක ඔබ සසර කලකිරෙයි
නිවන් මාවත එයයි
හිතවතුනි අත්දැකුම්
තුළින් නුවණැස වැඩෙයි. එවිට ඔබගේ දිවිය
ටිකෙන් ටික සඵල වෙයි.

280) උට්ඨානකාලම්හි අනුට්ඨහානො
යුවාබලී ආලසියං උපෙතො
සංසන්න සංකප්පමනො කුසීතො
පඤ්ඤාය මග්ගං අලසෝ න වින්දති

ගතේ වෙර සිතේ වෙර - නොපිරිහෙන තුරාවට
අලස නොව වෙහෙසුණොත් – ගුණ නුවණ දියුණු වෙයි
හිතවතුනි, සෑම විටම අප්පමාදී වුණොත් –
ජීවිතේ සියලු සැප ඔබ වෙතට ගළනු ඇත.

වප් අව අටවක පෝය

වප් අවඅටවක පෝය ඔක්තෝබර් 19 වන දා බදාදා අපරභාග 08.55 ට ලබයි. 20 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 08.45 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 20 වනදා බ්‍රහස්පතින්දායි

මීළඟ පෝය ඔක්තෝබර් 26 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]