UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය
 

පැවිදි නාමය
කිරිපේද්දේ පියදස්සී මහා ස්වාමින්ද්‍රයානන් වහන්සේ.

තනතුරු නාමයන්
කම්මට්ටාචාර්ය හා කර්මාචාර්ය ශ්‍රී සුමතිපාල වංශාලංකාර,
අරන්කැලේ ශ්‍රී මලිහදේව අරහත්ත සේනාසනාධිපති,
ශ්‍රී ලංකා අමරපුර ස්වේජින් මහා නිකායේ වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක,
ඇල්පිටිය කිරිපේද්දේ විහාරස්ථානය,
ශ්‍රී කවීශ්වර වේළුවනාරාමය,
යන්තම්පලාව ශ්‍රී සුගත සේනාසනය,
ඌරගස්මන්හන්දිය අරණ්‍ය සේනාසනය ඇතුළු ලංකාව පුරා ව්‍යාප්තව
ඇති විහාරස්ථාන 4 ක හා අරණ්‍ය සේනාසන 23 ක විහාරාධිපතිත්වය සහ
සේනාසනාධිපතිත්වය දැරීම.

වැඩ වසන විහාරස්ථානය
අරන්කැලේ කුඹුක්වැව ශ්‍රී මලිහදේව අරහත්ත සේනාසනය.

උපන් දිනය
ව්‍යවහාර වර්ෂ 1934 ජනවාරි 21 දින

ගිහි නම
පියසිරි දිසානායක

පියා -
කිරිනේරිස් දසනායක මහතා

මව -
බේබිනෝනා මාතාව

සහෝදර සහෝදරියන් සහෝදර සහෝදරියන් –
දහතුන් දෙනයි.

පැවිදිවීම -
1944 වසරේ දී (වයස අවුරුදු 10 දී)

මූලික අධ්‍යාපනය
අම්බලන්ගොඩ විද්‍යාලෝක පිරිවෙන

උසස් අධ්‍යාපනය
කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගැනීම.

උපාධ්‍යයන් වහන්සේ
කහදූවේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ

ආචාර්යන් වහන්සේ
කිරිපේද්දේ ධම්මදස්සී නා හිමි.

උපසම්පදා දිනය
ව්‍යවහාර වර්ෂ 1954 දී

විදේශ ධර්ම දූත සේවය
බුරුමය, තායිලන්තය, ඉන්දියාව.

ශාසනික සහ සමාජ සේවාවන්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දහම් පාසල් 12ක් පමණ ආරම්භ කිරීම.කුරුණෑගල දිස්ත්‍රික්කයේ ළදරු පාසල් 15ක් පමණ ආරම්භ කිරීම. අවට ප්‍රදේශයේ ආර්ථීක අපහසු තාවයෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් නිවාස සාදා දීමේ ව්‍යාපෘතියක් අරම්භ කර පවත්වාගෙන යාම, දැනට එම ව්‍යාපෘතියෙන් නිවාස 30ක් පමණ ඉදිකර දී තිබේ. ප්‍රදේශයේ පානීය ජල හිගයට පිළියම් සැළසීමට විශාල ළිං ඉදිකිරීමට මූලිකත්වය ගෙන කටයුතු කිරීම.ප්‍රදේශයේ ගමනාගමන දුෂ්කරතාවයන්ට පිළියම් වශයෙන් මං මාවත් සෑදීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කිරීම.අවට ප්‍රදේශයට විදුලි බලය ලබා ගැනීමට කටයුතු සැලසීම. ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ 350 නමක් පමණ ශාසනයට දායාද කර දී ඇත. ඉන් භික්‍ෂූන් වහන්සේ 30 නමක් පමණ උපාධි ධරයෝ වෙති.

වප් අව අටවක පෝය

වප් අවඅටවක පෝය ඔක්තෝබර් 19 වන දා බදාදා අපරභාග 08.55 ට ලබයි. 20 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 08.45 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 20 වනදා බ්‍රහස්පතින්දායි

මීළඟ පෝය ඔක්තෝබර් 26 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]